බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට දින දෙයි😠

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ‍බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන ඔක්තෝබර් මාසයේ සිදුකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

    ඔක්තෝබර් මස 24 වන දින සිට දෙරට අතර ටෙස්ට් තරඟ තුනක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    අදාළ තරඟාවලිය සඳහා සහභාගීවිමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 23 හෝ 24 එරටින් පිටත්වීමට සැලසුම් කර තිබේ.

    ක්‍රිකට් තරඟාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී දින 14ක කාලයක් නිරෝධායනය වීමට ද නියමිත බව වාර්තා වේ.

    මේ අතර තරග තහනමකට ලක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව සමග පැවැත්වන ටෙස්ට් තරගාවලිය සඳහා කැඳවා තිබේ.

    Ada derana

    ඉල්ලන් කන්න යන්නෙ...මොන ක්‍රිකට්ද බං මේ කොරෝන අස්සෙ..මුන්ට පිස්සුද..

    Screenshot_2020-08-14-20-18-03_copy_1080x1419_copy_432x568.png