බක් පෝය අදයි

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    2.jpg


    බක් මාසයෙහි සතර පෝයෙන් පුර පස‍ෙළාස්වක පෝය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් බවට පත්වෙනවා. ඇයිද කියනවා නම් ශාසන ඉතිහාසය තුළ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම එම පෝය දිනයෙහි සිදු වූ නිසා. ඒවා එකින් එක කෙටියෙන් පැහැදිලිව කරනවා නම් මෙහෙමයි.

    මහල්ලෙක්, රෝගියෙක්, මළ තැනැත්තෙක් හා පැවිදි රූපයක් යන සතර පෙර නිමිති දැකීමෙන් පසුවයි සිද්ධාර්ථ රජකුමරුන් රාජ මාළිගාව අත්හැරියේ කියා අපි දන්නවා. එයින් පළමු නිමිත්ත තමයි මහලු රූපය. ඉතින් අද වාගේ පෝය දවසක මේ කාරණාව මිනිසුන් හැටියට අපි විශේෂයෙන් හිතන්න ඕන. ඒ තමයි මේ ලෝකයේ උප්පත්තිය ලබපු අපි කවුරුත් වයසට යනවා. මහලු වෙනවා. හැමදාම එකම විදිහකින් අපේ මේ රූපය පවතින්නේ නැහැ. අපි අපේ කියන රූපයත් අනිත්‍යයි කියන කාරණය.

    ඒ වගේම අද වගේ බක් පෝය දවසක තවත් සිදුවීමක් බුද්ධ කාලයේ වුණා. ඒතමයි බුද්ධත්වයෙන් පස්සේ බුදුරාජාණන් වහන්සේ සුද්ධෝදන මහ රජතුමා ඇතුළු ඥාතීන් සම්මුඛයට වැඩම කිරීම. ඒ ඔවුන්ට නිවන් පුරයට යන්න මාර්ගය දේශනා කරන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත්තා ඉන්න තැනට වැඩම කළා තාත්තාට විමුක්තිය උදාකරන්න. වර්තමානයේ රටේ ලෝකෙ ඉහළට යන ඇතැම් දරුවෝ ඉහළට ගියාට පස්සේ දෙමාපියෝ ඉන්න ගමේ ගෙදරට යන්න ලැජ්ජයි. දෙමාපියෝ තමන් ළඟට එනකම් බලාගෙන ඉන්නවා. එහෙම දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ මේ අවස්ථාව හැදෙන්න හොඳ ආදර්ශයක් සපයනවා. තුන් ලෝකයටම අග්‍ර වුවත්, ශ්‍රේෂ්ඨ වුවත් තාත්තා ඉන්න තැනට උන්වහන්සේ වැඩම කළා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ඥාතීන් පිළිබඳව හිතන්න ඕන කොහොම ද කියලත් අපිට මේකෙන් උගන්වනවා. අද කාලේ අ‍පේ සමහර පවුල්වල ඥාතීන් අතර සමගියක් නැහැ. තමන්ගේ ඥාතීන්‍ට වඩා ඥාතීන් නොවන අය ලොකු කරගෙන. ඥාතියෙක් දියුණු වෙනවාට කැමති නැහැ. බෞද්ධ සංස්කෘතිය තුළ එහෙම වෙන්න බැහැ කියලා මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්.

    හෙළදිව වංශකතාව අනුව මෙරට ඉතිහාසයේ සුවිශේෂ දිනයක් තමයි බක් පෝය. ඒ තමයි අප බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය. මෙම වැඩ කිරීමෙන් උන්වහන්සේගේ මහා කරුණා ගුණය තමයි විහිදෙන්නේ. බුද්ධත්වයෙන් වසර පහක් ගෙවෙන තැන සිදුවන මෙම ‍‍ඓතිහාසික ගමනෙන් ලංකා ඉතිහාසයේ මහ විනාශකාරී සටනක් නවත්තගන්න පුළුවන් වුණා. චූලෝදර සහ මහෝදර කියන නා රජවරු දෙදෙනා මිණිපළඟක් (මැණික් පුටුවක්) වෙනුවෙන් සටනක් ඇති කරගත්තා. එය සංසිඳුවන්න තමයි උන්වහන්සේ මෙරටට වැඩම කරන්නේ. ඒ සටන සංසිඳුවන උන්වහන්සේ, භෞතික සම්පතක් වෙනුවෙන් වටිනා දුර්ලභ මිනිස් ජීවිත විනාශකර ගැනීමෙන් වන අගතිය පෙන්වා දුන්නා. සමගියේ අගය සහ සමගියේ බලය අපිට දේශනා කළා. හෙළදිව වැසියන් සමගි සම්පන්න ජාතියක් විදිහට ගොඩනැඟෙන්න මේ අවස්ථාව ගොඩක් හේතු වුණා. බුදුරජාණන්වහන්සේ අපි තුළ එදා බක් පෝය දවසක ඇති කරපු ඒ සමගිය ඉදිරියටත් අපි ආරක්ෂා කිරීමයි අද වගේ දවසක හිතන්න ඕන. අනිත් ජාතීන්ටත් ආගමිකයන්ටත් එය හොඳ ආදර්ශයක් සපයනවා.

    මේ යුද්ධයේදී මහෝදර නා රජතුමාගේගේ උදව්වට පැමිණි ඔවුන්ගේ මයිලනුවන් කෙනෙක් වන මණිඅක්ඛිත නා රජතුමා බුදුරජාණන්වහන්සේට විශේෂ ආරාධනාවක් කරනවා. ඒ තමයි තමන්ගේ පාලනයට යටත්ව පැවති කැලණිය ප්‍රදේශයට වැඩම කරන ලෙස. ඒ ආරාධනාව අනුව තමයි බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි තෙවන ලංකාගමනය සිදුවෙන්නේ. ඉතින් බක් පෝය කියන්නේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය වැඩියෙන් හිතිය යුතු දවසක් ලෙසයි මම දකින්නේ. එසේම සමාජ ඒකකය තුළ ඥාතීන් අතර සමගිය ඇතිකරගෙන, බැඳීම් තරකරගෙන, එකිනෙකාට උපකාර කරන්නත්, රටේ ලෝකයේ කොයිතරම් ඉහළට ගියත් දෙමාපියන් මෙන්ම ඥාතීන් ද අමතක නොකළ යුතු යැයි කියාත්, භෞතික සම්පත් වෙනුවෙන් දුර්ලභ මිනිස් ජීවිත විනාශ නොකරගත යුතුයි කියාද, ජාතියක් ලෙස සමගියේ වටිනාකම වැඩි වැඩියෙන් සිතිය යුතු යැයි කියාද සිතිය යුතු දවසකි. බක් පෝය දිනයෙහි සිදුවූ මෙම විශේෂ සිදුවීම් වර්තමානයට ගළපා අප ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතය අර්ථවත් කරගෙන නිවන් සාක්ෂාත් කරගනිමු.

    තෙරුවන් සරණයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    දැන් නැගිටපන් අද වෙසක් පෝය. මදැයි හීන දැක්කා
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දැන් නැගිටපන් අද වෙසක් පෝය. මදැයි හීන දැක්කා

    aprail mase koheda hutto vesak tiyenne.thota pissuda? pala angodata.budun ipadune budu une pirinivan pave aprail valadada ?:lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    aprail mase koheda hutto vesak tiyenne.thota pissuda? pala angodata.budun ipadune budu une pirinivan pave aprail valadada ?:lol:

    බෞද්ධ පින්වතෙකුගේ සුමධුර චචන ආසාවේ බෑ කියවන්න