බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්

    බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්


    Buckingham_Palace.jpg


    මුළු ලෝකයම ප‍්‍රබල සංකේතාත්මක ගොඩනැගිල්ලක් ලෙස පිළිගන්නා ස්ථානයක් මහා බි‍්‍රතාන්‍යයේ තිබේ. ඒ මහ රැුජින වාසය කරන බකිංහැම් මාලිගයයි. මෙය ගෞරවනීය ස්ථානයක් ලෙසත්, ලොව අංක එකේ රාජකීය මාලිගය ලෙසත් සැලකේ. ලෝකයේ අන් කිසිම මාලිගයකට නැති බකිංහැම් මාලිගය හා සම්බන්ධ සිරිත් විරිත් කීපයක් තිබේ. ඉන් කිහිපයක් ,ඩ,ඬන්‍දාංග

    බි‍්‍රතාන්‍යයේ මහ රැුජිනගේ නිල නිවස ලෙස බකිංහැම් මාලිගය නම් කර තිබුණ ද සැබැවින්ම එය අයිති ඇයට පමණක්ම නොවේ. බි‍්‍රතාන්‍යයේ කිරුළ දරන ඕනෑම රජ කෙනෙකුට මෙන්ම ඔහුගේ ආර්යාවටත් දරුවන්ටත් එහි අයිතිය ලැබේ. රාජ්‍යත්වය දරන කාලය තුළ ඔවුන් සියලූ දෙනාම එහි පදිංචි වී සිටිය යුතුය. එය බකිංහැම් මාලිගය පිළිබඳ සිරිත් අතරින් ප‍්‍රමුඛ සිරිත ලෙස හැඳින්වේ.
    බකිංහැම් මාලිගයේ සිටින රජතුමා හෝ රැජින මාලිගය තුළ ඒ මොහොතේ සිටින්නේ ද නැද්ද යන බව මහජනයාට ප‍්‍රකාශ කරන ක‍්‍රමයක් ලෙස ප‍්‍රධාන කොඩි ගස හැඳින්විය හැකිය. කිරුළ දරන්නා මාලිගයේ සිටින්නේ නම් Royal Standard කොඩියත්, ඔහු හෝ ඇය එහි නැත්නම් Union Jack blowing කොඩියත් මාලිගයේ උසම ස්ථානයේ ඔසවා තැබේ. එකවර කොඩි දෙකම එසවීමට අවස්ථාවක් නැත්තා සේම එකවර කොඩි දෙකම ඔසවා නොතැබීමට ද හේතුවක් නැත.
    ක්වීන් මදර් නමින් හඳුන්වන, වත්මන් එලිසබෙත් රැජිනගේ මව ජීවත්ව සිටි කාලයේ බකිංහැම් මැදුරු අංගනයේ භූගත උමං මාවත් තුනක් ඉදි කළ බව අතීතයේ වාර්තා වී තිබිණි. ඒවා නිර්මාණය කරන්නට හේතු වූ කාරණය ප‍්‍රචලිත නොමැති වුව ද වර්තමානයේ ඒවායේ නිවාස නැති පුද්ගල පවුල් කීපයක් වාසය කරන බවට රාවයක් පවතී. 2006 වසරේ වරක් එලිසබෙත් රැජින ඔවුන් දකින්නට මෙම රහස් උමං මාර්ග වෙත ගිය බව ද වාර්තා වී ඇති අතර මෙම උමං මාර්ග සහ දුගීන් බකිංහැම් මාලිගයේ කොටසක් ලෙස මේ වනවිට පිළිගෙන තිබේ.
    බකිංහැම් මාලිගය ඇතුළතත් ඉන් පිටතත් විශාල ප‍්‍රමාණයේ වයින් කළ යුතු බිත්ති ඔර්ලෝසු දහසක් පමණ තිබේ. දවසේ සෑම වේලාවකම මේවා අලූත්වැඩියා කිරීම සහ වයින් තැබීම අවශ්‍ය වන බැවින් පූර්ණ කාලීන ඔරලෝසු අලූත්වැඩියා කරන්නන් තුන් දෙනෙකු මාලිගයේ සේවක මණ්ඩලයට අයත් වේ. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු බැගින් දවසේ ඕනෑම වේලාවක අවදියෙන් සිටීම මාලිගයේ සේවක මණ්ඩලය තුළ සිරිතකි.
    මාලිගයේ ඇති සංගීත කාමරය ලෝකයේ අන් කවර ස්ථානයකවත් නැති සංගීත කාමරයක් ලෙස දැක්විය හැකිය.එය තුළ දී පල්ලියක් තුළ මෙන් කුඩා දරුවන් බෞතීස්ම කළ හැකිය. නමුත් ඒ රාජකීය දරුවන් පමණක් වීම විශේෂත්වයකි. විලියම් කුමරු ද සිය පළමු බෞතීස්මය ලැබුවේ මෙම සංගීත කාමරය තුළ දී ය.
    බකිංහැම් මාලිගයේ සිරිත්වලට අනුව රාජකීය පණිවුඩ මහජනයා වෙත ප‍්‍රකාශ කිරීම සඳහා මේ දක්වා යොදා ගනු ලබන්නේ රාජකීය දැන්වීම්කරු සහ දැන්වීම් පුවරුවයි. මෙය සාම්ප‍්‍රදායිකව පැවැත එන්නක් වන අතර රාජකීය දැන්වීම්කරු විසින් පළමුව මහජනයා වෙත කියවනු ලැබූ දැන්වීම පසුව පුවරුව මත එල්ලා තැබෙන්නේ මහජනයාට එය කියවා ගත හැකි වන ආකාරයටය. මෙවැනි පණිවුඩයක් දින හතක් දැන්වීම් පුවරුව මත එල්ලා තැබිය යුතුය.
    රාජකීය අමුත්තන් වෙනුවෙන් ඉදි කරන ලද අති විශාල භෝජන ශාලාවක් බකිංහැම් මාලිගය සතුය. එය තුළ අඩි හයක් උස ජනෙල් 760 ක් සහ දැවැන්ත එල්ලෙන විදුලි බල්බ හතළිස් දහසක් තිබේ. රාජකීය අමුත්තන් දෙතුන් දෙනෙකු සඳහා මෙම ශාලාව පාවිච්චි කළ ද ඉහත කී සෑම ජනේලයක්ම විවෘතව තැබිය යුතු වන අතර සෑම විදුලි බුබුලක්ම දල්වා තැබිය යුතු වේ.
    රජ පවුලේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඕනෑම ගමනක් සඳහා සහභාගි වීමේ දී මුදල් භාවිත කරනු නොලබයි. ඔවුන් වෙනුවෙන් සියලූම වියදම් දරන්නේ බි‍්‍රතාන්‍ය භාණ්ඩාගාරයයි. මේ නිසා ඔවුන් භාණ්ඩ මිලදී ගන්නා හෝ ආහාර මිලදී ගන්නා සෑම බිල් පතක්ම භාණ්ඩාගාරය වෙත යවන අතර රාජකීය පවුලේ උදවිය පෞද්ගලිකව මුදල් ගෙවීමක් සිදු කරනු නොලබයි.

    දුලංජලී මුතුවාඩිගේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්


    Buckingham_Palace.jpg


    මුළු ලෝකයම ප‍්‍රබල සංකේතාත්මක ගොඩනැගිල්ලක් ලෙස පිළිගන්නා ස්ථානයක් මහා බි‍්‍රතාන්‍යයේ තිබේ. ඒ මහ රැුජින වාසය කරන බකිංහැම් මාලිගයයි.

    දුලංජලී මුතුවාඩිගේ


    :lol::lol: මේක තියෙන්නේ ඇමරිකාවේ නේද බන් අපේ රටේ නායකතුමා මේක ඇමරිකාවට අරන් ගියා බන් උබල නොදන්නවා උනාට
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මාලිගාව ඇතුලට ගියා. පට්ට ලස්සනයි සිංහලු. රැජිනගේ hat collection, wardrobe collection, master bedroom සහ ගොඩක් දේවල් ඔක්කොම බැලුවා. :cool: :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම මාලිගාව ඇතුලට ගියා. පට්ට ලස්සනයි සිංහලු. රැජිනගේ hat collection, wardrobe collection, master bedroom සහ ගොඩක් දේවල් ඔක්කොම බැලුවා. :cool: :love:

    මේස් ගලවලා අතට දුන්නේ නැද්ද සහෝ:lol:(jk)

    ඇතුල පට්ට ලස්සනද බන් :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේස් ගලවලා අතට දුන්නේ නැද්ද සහෝ:lol:(jk)

    ඇතුල පට්ට ලස්සනද බන් :)

    සුපිරියි මචන්. පබ්ලික් එකට බලන්න ඕපන් කරපු පලවෙනි වතාවද කොහෙද ඒ. මට යන්න චාන්ස් එකක් හම්බුනා. ෆොටෝ ටිකක් ඇති මම දාන්නම්කෝ පස්සේ..
     
    • Like
    Reactions: skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,400
    113
    අපේ රටෙත් මාලිගයක් නොතිබුනාට
    ගැන කබර පවුලකුයි උන්ගේ හැත්තෑ බුරුත්තයි කෑවේ බීවේ ගමන් ගියේ භාණ්ඩාගාරේ සල්ලි වලින් තමයි
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    සුපිරියි මචන්. පබ්ලික් එකට බලන්න ඕපන් කරපු පලවෙනි වතාවද කොහෙද ඒ. මට යන්න චාන්ස් එකක් හම්බුනා. ෆොටෝ ටිකක් ඇති මම දාන්නම්කෝ පස්සේ..
    yako giya dawasema epai dann adapiya ikmanata:shocked:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔවුන් භාණ්ඩ මිලදී ගන්නා හෝ ආහාර මිලදී ගන්නා සෑම බිල් පතක්ම භාණ්ඩාගාරය වෙත යවන අතර රාජකීය පවුලේ උදවිය පෞද්ගලිකව මුදල් ගෙවීමක් සිදු කරනු නොලබයි.:shocked:
    අපෙ රටෙත් මේ ක්‍රමේ තිබුනනම් අපි සදා අනාතයි.