බටගොඩ; පරිපාලන සේවයේ සුර කුමරා ඔහුය..!

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බටගොඩ; පරිපාලන සේවයේ සුර කුමරා ඔහුය..!

    බටගොඩ; පරිපාලන සේවයේ සුර කුමරා ඔහුය..!
    56589711_2353527744712377_8681587235591553024_o.jpg

    (ලංකා ඊ නිව්ස් -2019.අප්‍රේල්.09, පෙ.ව.9.20) සමස්ත දිවයිනෙහිම සිව් කොණ අගසුන් අරා වැජඹෙන හැත්තෑ තුන් දහසකට මඳක් වැඩි මාණ්ඩලික නිලධරයන් සමූහය අතර සදා දිදුලන සුර කුමරා කවරහුදැයි යමෙකු මාගෙන් විමසන්නේ නම්, මා නොපැකිලව නම් කරන නිලධරයා අන් කිසිවෙක් නොවේ. ඒ ආචාර්ය බී. එම්. එස්. බටගොඩයන්ය. ඔහු හා සම අසුන් ගත හැකි සුර කුමරිය රේගුවේ පී.එස්.එම්. චාර්ල්ස් ශ්‍රීමතියයි. මෙ රටේ යල්පැන ගිය වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතිය, මහජන හිතකාමී ලෙසින් යාවත්කාලීන වූ දිනෙක මොවුන් දෙදෙනාගේ හරුබස්ස කිමැයි ඇසීමේ හා දැකීමේ නොතිත් ආශාවෙන් මම පසුවෙන බවද සැමට පළමුව ලියා දක්වමි.

    බටගොඩයන් යනු අප වැනි ක්ෂුද්‍ර ප්‍රාණීන්ගේ විනිශ්චයට බඳුන් විය යුතු කුඩා මිනිස් පරාණයක් නොවේ. ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් භූගෝල විද්‍යාව හදාරා, ඇමෙරිකා එක්සත් ජනපද මිචිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික සම්පත් විෂයෙහි විද්‍යාපති උපාධිය ලත් බ්‍රිතාන්‍යයේ හා ශ්‍රී ලංකාවේ දිවුරුම් දුන් නීතිඥයෙකි. මොහු පරිපාලන සේවයට පිවිස මෙදිනට දින 12,480 ක් ගෙවී ගොස් ඇත්තේය. එනම් පරිපාලකයෙක්ව ගෙවා දමා ඇති වසර ගණන 34 ක් වන අතර මාස ගණන දෙකකි. දින ගණන තුනකි.

    දාදු කෙලියේ කිරුළු නොපලන් අගරජු
    -------------------------
    පරිසරය හා බැඳුනු ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක ද කර්තෘත්වය දරන බටගොඩයන්ට තම රාජ්‍ය සේවයේ මෙහෙවර නිමා කිරීමට ඇත්තේ තවත් සත් මසක හා දින නවයක කාල සීමාවකි. එහෙව් බටගොඩයන් පරිපාලනමය නායකත්වය සපයන විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය යනු ශ්‍රී ලාංකීය බදු ගෙවන්නන්ගේ අවසන් රුපියලද සූරා ගන්නා මරියානා අගාධය වැනි ණයකාර ආයතනයකි. එය වාර්ෂිකව මහා භාණ්ඩාගාරය ඔස්සේ ගිලදමන ණය ප්‍රමාණය අවම තරමින් මිලියන 60 ක් පමණ වන්නේය. වසර පුරා ලැබෙන සුර්ය තාපයෙන් හා රට වටා හමන සුළං ධාරාවෙන් පොහොසත් මේ මනරම් කොදෙව්ව පාවෙන බලාගාර හා පෞද්ගලික බලාගාර නම් වූ මල පුඩුවේ සිර කරන දේශපාලන දාදු කෙලියේ කිරුළු නොපලන් අගරජු මේ බටගොඩයන්ය. එහි වඩාත් විශ්මය මුසු සරදම්සහගත පසුබිම එය නොවේ. සිව් වසරකින් පමණ නිසි විගණනයක් සිදුව නැති මෙකී අමාත්‍යංශය ගැන විගණකාධිපති ගාමිණී විජේසිංහයන්ට ද වගේ වගක් නැති වීමයි.

    අවසන් වරට පැවති පළාත් පාලන ජන්ද විමසීම පෙනි පෙනී ඊට දින දෙකකට පෙර මාධ්‍ය සාකච්ජාවක් තබා ජනපතිට අයුතු වාසියක් ගෙණෙන සේ ජනපති හැර අනෙක් සකල දේශපාලන සනුහරයම පරසක්වල ගැසූ මේ අපූරු විගණකාධිපතිවරයා, බටගොඩයන්ගේ විගණනයට අත පෙවීමට නොසිතන්නේ වෙන අන් යමක් නිසා නොවේ. මොවුන් දෙදෙනා අපූරු ගජ මිතුරෝය.

    මෙවැනි සුදු කරපටිකාර රයිගමයන් හා ගම්පලයන් ගැන සිහිවනවිට අප මතක මාත්‍රය මුසුවන්නේ චිර ප්‍රසිද්ධ රුසියානු සාහිත්‍ය වෙතය.

    වසර 1886 දී පමණ පරසිදු සාහිත්‍යකරු ලියෝ ටෝල්ස්ටෝයි ලියන ලද කෙටි කතාවකට දෙන ලද නාමය වූයේ "How Much Land Does a Man Require? යන්නයි. ඉඩමක හිමිකාරීත්වය යනු ලොව දිග්විජය කිරීම යැයි ඇදහූ 'පහොම්' නම් මධ්‍යම පාන්තිකයා තම දිවිය නිමකරන නිමේෂයේ නිමග්නව සිටියේද අසාමාන්‍ය ආකාරයේ ඉඩම් මිලදී ගැනීමකට මැදිවය. එය මරුවාට අත වැනීමකැයි නොසිතූ ඔහුගේ දිවිය නිමා වූයේද , සුළු සේවකයෙක් විසින් ඔහුගේ මෘත කලේබරය අඩි හයක පමණ වූ බිම්කඩක ඇතිරීමෙනි. පසුකලෙක ප්‍රතිභාවාත්මක ජර්මන් චිත්‍රපටකරුවෙක් වූ හාන්ස් - ජුර්ගන් සිබර්බර්ග් සලරුවකට ද නැගූ මෙකී කෙටි කතාව මෙරටේ ඉහළ තනතුරුලාභී සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ප්‍රධාන පරිපාලනයද ඇතුළත් අනෙකුත් සේවාවන්හි අසුන් අරා වැජඹෙන්නන්ට ද, දේශපාලකයන්ට මෙන්ම ආගමික නායකයන්ට ද කියවා මනාව වටහා දිය යුතුව ඇත.

    ඉඟුරු දී බටගොඩ ගැනීම
    -------------------------
    නිදහස් අධ්‍යාපනය මත්තේ හැපෙමින් හා අසීමිත කැපවීමෙන් ලත් දැනුම හා අත්දැකීම තම දේශයේ ජීවිතය යදින සුවහසක් පුරවැසියන් හට තිලිණ කිරීමේ භාග්‍යමත් වරය අතහැර, දේශයට රන් අස්වනු සැපයිය හැකි ආයතනයක් කුප්‍රකට දේශපාලකයන්ගේ මනදොළ පිණිස සින්නක්කරයට ලියා දී ඇති බටගොඩයන්ගේ ආගමනයෙන් පසු විදුලිබල අමාත්‍යංශයට සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වැඩකි. මෑත කාලීනව මෙකී අමාත්‍යංශ වගකීම ලත් එකදු ඇමැත්තෙක් හෝ ලේකම්වරයෙක් එහි දිගුකාලීන ප්‍රගතිය නොපැතුවේය. මැතිවරණ කලක් නම් එය තම දේශපාලන අන්තේවාසිකයන්ට දොර දන්දෙන වෙස්සන්තර භවනක් විය. අනෙකුත් කාල සමයන්හිදී එය දූෂිත නිලධරයන්ගේ ස්වර්ණ ආකරය බව නොදන්නෝ කවරහුද? එහි ආසන්නතම නිදර්ශනය නම් සිරුර දවාලන ගිනිමද්දහනේ විදුලිය කපාදමා රටවැසියාගේ දිවියෙන් හෝරා කිහිපයක් අඩපණ කොට හොර රහසේ තම වැටුප පමණක් ඉහළ දමා ගත් හොර ඉංජිනේරු නඩයේ අධම ක්‍රියාවයි. අලි මදිවට කොටි කීවා සේ විදුලි බල මණ්ඩලය අරක්ගත් අනෙකුත් සේවාවන්වල ඉංජිනේරුවන් වැනි දැක්මක් නැති නිලධරයෝද විතැන් වී සිටින්නේ ද බටගොඩයන් වැඩ වසන වාස භවනයේම වීම සාතිශය සරදම් සහගතය.

    මහජන සේවකයා ‌කොයි..?
    -------------------------
    දශක ගණනාවක රාජ්‍ය සේවයෙන් ඉසුඹු ලත් කීර්තිමත් නිලධරයන් සමුහයක් තම විශ්‍රාමයෙන් ඉනික්බිති රට වටා සවාරි යන්නේය. සහය අවැසි දරුවෝ සොයා උපකාර කරන්නෝය. ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයෙහි නිරත වන්නෝය. වසන්ත දේශප්‍රිය ලේකම්වරයා හා එම්.එම්.මොහමඩ් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මීට නිදසුන්ය. මොවුන්ගේ විශ්‍රාමය එකම ජීවිත රසාකරයකි. එහෙත් බටගොඩ හෝ චාල්ස් වැනි නිලධරයන් විශ්‍රාම ගිය කලෙක ඔවුනට එවැනි සිහිණ ඉසිඹුවක් නම් නොලැබෙන්නේය. ඔවුන්ගේ හදවත් ඊයම් බරු සේ පශ්චාත්තාපය හා වරදකාරී හැඟීමෙන් ඔද්දල්ව ලියෝ ටෝල්ස්ටෝයි පෙන්වා දුන් අඩි හයේ බිම් තීරුවක වැද හොවනවා ඇත.

    අහෝ මහින්ද දේශප්‍රිය මැතිඳුනි, ඔබ ඉමහත් ප්‍රීතියෙන් උදම් අණන මහජන සේවකයා කොහේ සැඟවී සිටීද? බැලූ බැලූ තැන ඇත්තේ රාජ්‍ය නිලධරයෝ විනා මහජන සේවකයෝ නොවේ. චින්තනය නැත -පරිකල්පනය ද එසේමය. අපගේ අමාත්‍යංශ ලේකම්වරුන් බහුතරය හිස සුන් කවන්ධ බඳුය.

    මංජුල ගජනායක විසිනි
    ---------------------------
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    patta horek mu, hiru ekata awith pawena balaagara gana danne monawada kiyala ahuwa, ehema ships gan mama mukuth danne na, lankawa lagata ewa awith thiyenawada kiyala mama mukuth danne na kiyala mu eke kiuwa, ita dawas 3 kata passe muu ma approval dunna ewagen electricity ganna, pattapal kari horek meka
     
    • Like
    Reactions: tclanki

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    patta horek mu, hiru ekata awith pawena balaagara gana danne monawada kiyala ahuwa, ehema ships gan mama mukuth danne na, lankawa lagata ewa awith thiyenawada kiyala mama mukuth danne na kiyala mu eke kiuwa, ita dawas 3 kata passe muu ma approval dunna ewagen electricity ganna, pattapal kari horek meka

    :yes::yes::rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113


    මොකා මේ වගේ එකෙක්ට ලේකම්කම දුන්නද දන්නෙ නැහැ. තමුන් කියන්නේ මොනවද කියල දන්නෙ නැති එකෙක්. :angry:
     
    • Like
    Reactions: tclanki

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ


    මොකා මේ වගේ එකෙක්ට ලේකම්කම දුන්නද දන්නෙ නැහැ. තමුන් කියන්නේ මොනවද කියල දන්නෙ නැති එකෙක්. :angry:
    onna video eka, hath pole guu gagaththa gon mandaya :angry:
    mun wage ewun thamai rate decisions ganne, ithin ithuru hariya hitha ganilla