ජෙප්පො දැන් කියන්න වගේම රට පච තමයි ඕව.
කොමිසම් වාර්තාවේ රනිල් ගේ ප්‍රජ අයිතිය අහෝසි කරන්න කියල නෑ.වැරදි කාරයෝ ඉන්නවනම් ඒ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනා කරනවා කියල තියෙන්නෙ.
උන් රනිල්ට වැරද්දක් පටවන්න දීල තියෙන ගේම කියවනකොට හිනා යනවා.එත් උන්ට ඔප්පු කරගන්න බැරිවෙලා.
ඌ ඕකට සම්බන්ද නෑ කියනවා නෙවෙයි එත් කිසිම උසාවියක ඕක ඔප්පු කරන්න නම් බෑ
ඔය රට පච කියවල තමයි චන්ද්‍රිකා රට කෑවේ.
දැන් නම් unp එකට චන්දෙ දීල වැඩක් නෑ එත් ඒ කාලේ උන් හිටියනම් චන්ද්‍රිකාට වඩා හොඳයි.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නියෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය කළහ.


