බටලන්ද-මිනිමැරුම්-60000

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පො දැන් කියන්න වගේම රට පච තමයි ඕව.
    කොමිසම් වාර්තාවේ රනිල් ගේ ප්‍රජ අයිතිය අහෝසි කරන්න කියල නෑ.වැරදි කාරයෝ ඉන්නවනම් ඒ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනා කරනවා කියල තියෙන්නෙ.
    උන් රනිල්ට වැරද්දක් පටවන්න දීල තියෙන ගේම කියවනකොට හිනා යනවා.එත් උන්ට ඔප්පු කරගන්න බැරිවෙලා.
    ඌ ඕකට සම්බන්ද නෑ කියනවා නෙවෙයි එත් කිසිම උසාවියක ඕක ඔප්පු කරන්න නම් බෑ
    ඔය රට පච කියවල තමයි චන්ද්‍රිකා රට කෑවේ.
    දැන් නම් unp එකට චන්දෙ දීල වැඩක් නෑ එත් ඒ කාලේ උන් හිටියනම් චන්ද්‍රිකාට වඩා හොඳයි.

    බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහු‍ගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නි‍‍යෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය ක‍ළහ.

    0456.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්‍රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්‍ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් ක‍ළහ.

    එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.

    එම සාක්ෂිකරුවන් ‍බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.

    මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු ‍වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය. ‍
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහු‍ගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නි‍‍යෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය ක‍ළහ.

    0456.jpg
    ඒක තමයි තියෙන චෝදනාව.
    වදකගාරේ තිබ්බ ගොඩනැගිල්ල සම්බන්ද කම තමයි රනිල්ට තියෙන්නේ.
    අනිත් එක ඕක පත ගොඩනැගිල්ලක්
    ඔකේ රජයේ සේවකයෝන්ගේ නිල නිවාසත් තියෙනවා.
    රනිල් ඔකේ වදකාගාරයක් තියෙනවා කියල දනන් හිටිය කියල හරියට ඔප්පු කරගන්න බැහැ
    දැනන් හිටියත් ඒක දැනගැනීම වරදක් විදියට පෙන්නන්න බැහැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක මුලු පිටු ගනන 152 යි…රනිල් ගැන පමණක් නොවේ. UNP ආන්ඩු ගැන ඉගෙන ගන්න....

    Yosh මේක පුලුවන්නම් මුල page එකට attach කරන්න

    https://maruwaxx.files.wordpress.com/2016/09/batalanda-commission-report-srilanka.pdf
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නුඹගේ දේශපාලන වීරයන් කොහෙද හිටියේ වසර විසි තිස් ගණනක දේශපාලන ඉතිහාසයේ?
    මැරුණු මිනිසුන්ගේ පවුල් වෙනුවෙන් කළදෙයක් මට පෙන්නන්න සාධාරණේ ඉටු කල?
    මෙවැනි ත්‍රෙඩ් සියක් දැම්මත් වැඩක් නෑ පිල් වලට බෙදෙමින් අනෙකාගේ අඩුපාඩුව කියා
    බලයඇති කාලයේ නොකලේ නුඹේ ඒ වීරයගේ සනුහරෙත් වෙනසක් නැති නිසා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක මුලු පිටු ගනන 152 යි…රනිල් ගැන පමණක් නොවේ. UNP ආන්ඩු ගැන ඉගෙන ගන්න....

    Yosh මේක පුලුවන්නම් මුල page එකට attach කරන්න

    https://maruwaxx.files.wordpress.com/2016/09/batalanda-commission-report-srilanka.pdf

    උඹ ප්‍රශ්නෙන් පැනල ගියානේ ගෝට ගැන කිව්වම.
    ඔයිට වඩා දේවල් උතුරේ යුද්දෙදි කොටි අල්ලගත්තම උනා.ඔලුව අතගාල ප්‍රශ්න අහන්නේ නැහැ.
    ත්‍රස්තවාදීන්ට කරන්නේ ඕව තමයි ඒ අතරේ නිදොස් මිනිස්සුත් පවට අහුවෙන්න ඇති.
    ඔය දෙකටම වැරදි ltte එකයි jvp එකයි ඇරෙන්න ආණ්ඩුව නෙවෙයි
    .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ ප්‍රශ්නෙන් පැනල ගියානේ ගෝට ගැන කිව්වම.
    ඔයිට වඩා දේවල් උතුරේ යුද්දෙදි කොටි අල්ලගත්තම උනා.ඔලුව අතගාල ප්‍රශ්න අහන්නේ නැහැ.
    ත්‍රස්තවාදීන්ට කරන්නේ ඕව තමයි ඒ අතරේ නිදොස් මිනිස්සුත් පවට අහුවෙන්න ඇති.
    ඔය දෙකටම වැරදි ltte එකයි jvp එකයි ඇරෙන්න ආණ්ඩුව නෙවෙයි
    .

    ප්‍රශ්නෙන් පැනල ගියේ නෑ කොල්ලෝ..උඹේ දැනුම ගැන ප්‍රශ්නයක් තියනවා...බාගෙට දන්න එකෙක් එක්ක කතා කරන එක වදයක්...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ප්‍රශ්නෙන් පැනල ගියේ නෑ කොල්ලෝ..උඹේ දැනුම ගැන ප්‍රශ්නයක් තියනවා...බාගෙට දන්න එකෙක් එක්ක කතා කරන එක වදයක්...

    නෑ මම කොමිසම් වාර්තාවත් කියවල තියෙන්නෙ.උඹට වෙලා තියෙන්නේ දේශපාලන වේදිකාවල කියපුවයි ඇත්ත සාක්ෂියි දෙක පටලවාගෙන.
    අනිත් එක ගෝට ට support කරන්නේ කොහොමද ඔය වගේ දේවල් හොයල චන්දෙ දෙනවනම්.
    ගොට ට චන්දෙ දෙන එකේ නම් වරදක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මම කොමිසම් වාර්තාවත් කියවල තියෙන්නෙ.උඹට වෙලා තියෙන්නේ දේශපාලන වේදිකාවල කියපුවයි ඇත්ත සාක්ෂියි දෙක පටලවාගෙන.
    අනිත් එක ගෝට ට support කරන්නේ කොහොමද ඔය වගේ දේවල් හොයල චන්දෙ දෙනවනම්.
    ගොට ට චන්දෙ දෙන එකේ නම් වරදක් නෑ

    එහෙම එකක් නෙමෙයි තියෙන්නේ...කාලෙන් කාලෙට එන ආණ්ඩු මේවට මුකුත් නොකරන එක, නොකරපු එක සහ ආණ්ඩුවෙන් ආණ්ඩුවට අධිකරණයේ ස්වාදීනත්වයට අත පොවන එක.... ඉතින් රනිල් ල වගේ මිනිඉමරුවෝ රටක් පාවල දීල , රටේ ජනතාව මරල, මරන්න උල්පන්දම් දීල, බුද්ධි අංශ පාවල දීලා තාම හොඳින් ඉන්නවා...
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    ඕකුන්ට වද දුන්න එක සාදාරණයි අපේ තතගෙ පර්ස් එක අරන් ඔය එක ජෙප්පෙක් ඒකෙ අයි.ඩී එක හම්බුනේ කඩපු බැංකුවක් ලඟ තිබිල......
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    ප්‍රශ්නෙන් පැනල ගියේ නෑ කොල්ලෝ..උඹේ දැනුම ගැන ප්‍රශ්නයක් තියනවා...බාගෙට දන්න එකෙක් එක්ක කතා කරන එක වදයක්...
    තාමත් අපි අතර ඉන්නවා වගේ දැනෙනවා :rolleyes::lol::eek: