බටහිර අවතාර සහ පෙරදිග අවතාර

sweets

Banned
Jul 2, 2011
297
160
0
බටහිර අවතාර සහ පෙරදිග අවතාර

homefacebooktwitter


මා දුටු අවතාර්…

August 26, 2011 at 2:55 pm | Lanka C news



avatar-jake.jpg
මෙම ලිපියේ අරමුණ පසුගිය දිනවල මෙරට සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වූ අවතාර්(Avatar) නම් ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන සිංහල බෞද්ධයෙක් ලෙස අපගේ ඇසින්ම බලා විචාරයක් කිරීමයි. මෙම විචාරය එම බටහිර චිත්‍රපටය සිංහල බෞද්ධයෙක් දුටු ආකාරය ඒත්තු ගැන්වීමට මිස චිත්‍රපට වර්ණනාවක් සඳහා නොවන බවද කරුණාවෙන් සලකන්න.
“අවතාර්” චිත්‍රපටයේ නමට අදාල ඉංග්‍රීසි උච්චාරණය කුමක් වුවද එය නිර්මාණය වී ඇත්තේ පෙරදිග අප කවූරුත් පාහේ සාමාන්‍යයෙන් දන්නා අවතාර සංකල්පය සම්බන්ධකරගෙන බව කිව හැක. චිත්‍රපටයේ දැක්වෙන පරිදි මොලොව මිනිසුන් විසින් ක්‍රිස්තුවර්ෂ 2914 දී වෙනත් චක්‍රාවාටයක පිහිටි “පැන්ඩෝරා” නම් චන්ද්‍ර ග්‍රහලෝකයක ඛණිජ සම්පත් ගවේෂණයකට සූදානම් වීමේදී එහි පළමූ අදියර ලෙස පරිසර හිතකාමීව එලොව ජීවත්වන “නාවී” නම් දියුණු ජීවීන් කොට්ඨාශයක් සමඟ සම්බන්ධීකරණ කටයුතු ඇරඹීමේ මෙහෙයුමක් සිදු කරගෙන යති. පෘථිවි මිනිසුන්ට අදාල ග්‍රහලෝකයේ ඇති වායුගෝලය අහිතකර වන අතර මෙහෙයුමේ පළමු පියවර ලෙස ඔවුහු එහි වෙසෙන “නාවී” නම් මනුෂ්‍යාභයන්(මනුෂයන් වැනි දියුණු ජීවීන්) පිරිස එහි ඛණිජ සම්පත් ඇති ස්ථාන වලින් ඉවත් කිරීම සඳහා කැමතිකරවාගැනීමේ පළමු පියවර උදෙසා අවතාර් නමින් හැඳින්වෙන “නාවී” ජීවීන් වැනිම වූ ශරීරයන් කෘත්‍රිමව නිරමාණය කරති. “අවතාර්(Avatar)” නම් එම ශරීරයන් වාහනය(මාධ්‍යය) ලෙස යොදාගනිමින් තෝරාගත් මිනිසුන් කිහිපදෙනෙක් “නාවී” ජනයා සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ මෙහෙයුමට යොදා ගැනේ. එනම් උපකරණයක් භාවිතයෙන් අවතාර් ශරීරයන්ට තෝරාගත් මිනිසෙක් ආරූඩ කරවා “නාවී” ජනයා අතරට යවනු ලැබේ. “නාවී” ශරීරයට මිනිසකු ආරූඩ වූ පසු අදාල මිනිස් ශරීරය අක්‍රිය නිද්‍රාවකට පත් වේ. එමෙන්ම නැවතත් මිනිස් ශරීරයට එම පුද්ගලයා පැමිණි පසු “අවතාර්” ශරීරය අක්‍රිය වේ. මේ අනුව එක් වරකට එක් ශරීරයක් පමණක් සක්‍රිය වන අතර එනෙක් ශරීරය අක්‍රිය වේ. එනම් මිනිස් ශරීරය සක්‍රිය විට “අවතාර්” ශරීරය අක්‍රිය වන අතර, “අවතාර්” ශරීරය සක්‍රිය විට මනුෂ්‍ය ශරීරය අක්‍රිය වේ. එනම් කිසිදු අවස්ථාවක මිනිස් ශරීරය සහ “අවතාර්” ශරීරය එකම මොහොතේ සක්‍රියව නොපවතී. මෙය අපට සක්‍රිය-අක්‍රිය අවතාරයක් ලෙස හැඳින්විය හැක. නමුත් මෙය අප කවුරුත් පාහේ දන්නා කියන පෙරදිග අවතාර සංකල්පයට වඩා තරමක් වෙනස් තත්ත්වයකි.
අපගේ පෙරදිග අවතාර සංකල්පයේ කිසියම් පුද්ගලයෙක් හට දෙතැනක හෝ කිහිප තැනක එකම අවස්ථාවක සක්‍රියව ක්‍රියා කළ හැකිය. අපගේ බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොව අභිධර්මය දේශනා කරන ලද අවස්ථාවේදීම උන්වහන්සේ මෙලොව උතුරුකුරු දිවයිනේ පිඩූසිඟා වැඩ ඉන්පසු දන්වළඳා සැරියුත් තෙරුන්ට සංක්ෂිප්ත අභිධර්ම දේශනයන්ද කරන ලද සේක. මෙහිදී වැදගත් කාරණය වන්නේ තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාකරමින් සිටියදීම මෙලොව කටයුතුද ඒ මොහොතේදීම බුදුරජාණන්වහන්සේට කරගෙනයාමට තිබු විශේෂ හැකියාවයි. එනම් බුදුන් වහන්සේට අවතාර වශයෙන් එකම මොහොතේම වෙනත් ස්ථාන කිහිපයක සිටිමින් වුවද එකිනෙකට වෙනස් කර්තව්‍යයන් කරගෙනයාමේ හැකියාවක් තිබූ බව මේ අනුව තහවුරු වේ. මෙය සක්‍රිය-සක්‍රිය අවතාරමය අවස්ථාවක් ලෙස අපට හැඳින්විය හැක.
චුල්ලපන්ථක තෙරුන්වහන්සේගේ කථාව එවැනිම සක්‍රිය-සක්‍රිය අවතාර පිළිබඳ උදාහරණයකි. චුල්ලපන්ථක තෙරුන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් ලබාගෙන සුදු රෙදි කඩක් අතින් පිරිමැඳීමෙන් පසු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධකොටගෙන රහත්බවට පත් වූ සේක. උන්වහන්සේ රහත්භාවය ලැබීමේදී විශේෂ අමතර හැකියාවක්ද ලදහ. එනම් උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ එකවර ශරීර රාශියකින් පෙනී සිටිය හැකි භික්ෂුන්වහන්සේලා අතර අගතැන්පත් වූ සේක. එනම් චුල්ලපන්ථක තෙරුන්වහන්සේට එකම අවස්ථාවක විශාල අවතාර ප්‍රමාණයක් මැවීමේ විශේෂ හැකියාවක් තිබුණ බව අපට අනුමාන කළ හැක.





 
  • Like
Reactions: neelakas

sweets

Banned
Jul 2, 2011
297
160
0
මෙහිදී බටහිර චිත්‍රපටි කතා රචකයන් විසින් අවතාර වැනි පෙරදිග සංකල්පයන් චිත්‍රපටි සඳහා අවශෝෂණය කිරීමේදී මෙවැනි ඌනතාවයන් ඇති වන්නේ ඔවුන්ගේ චින්තනය පදනම් වී ඇති ද්විකෝටික න්‍යායේ සීමාවන් නිසා බව අපගේ වැටහීමයි. දඹදිව චතුස්කෝටික න්‍යාය ඇසුරින් බිහි වූ අවතාර වැනි සංකල්ප බටහිර ද්විකෝටික න්‍යයායෙන් තේරුම් ගත් විට පැවතිය හැක්කේ සක්‍රිය-අක්‍රිය සහ අක්‍රිය-සක්‍රිය අවස්ථාවන් පමණි. එනම් අවතාරයන්හි සක්‍රිය-සක්‍රිය අවස්ථාවක් ඔවුන්ට නොලැබේ. එනම් පහත සඳහන් අවස්ථාවලින් තුන්වන සහ හතරවන අවස්ථාවන් ද්විකෝටික න්‍යායේදී නොලැබේ.
1. සක්‍රිය-අක්‍රිය
2. අක්‍රිය-සක්‍රිය
3. සක්‍රිය-සක්‍රිය
4. අක්‍රිය-අක්‍රිය
පෙරදිගින් ලබාගත් අවතාර සංකල්පයට අමතරව තවත් වැදගත් සංකල්පයක් අපට අවතාර් චිත්‍රපටියේදී දැකගැනීමට ලැබිණ. එනම් කිසියම් ජාතියක හෝ ජනවර්ගයක විශ්වාසය දිනාගතහැකි වියුක්ත වීර චරිත ගොඩනැගිමක් පිළිබඳ උදාහරණයකි. චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක එහි කතා නායකයා වන ජේක් සැලී නැමති පුද්ගලයා ඔහුගේ අවතාර් ශරීරය ඇසුරෙන් “නාවී” ජනයාගේ(මනුෂ්‍යාභයන්ගේ) ග්‍රෝත්‍රිකයෙක් වීමට අදාල සුදුසුකම ලබාගනී. ඉන්පසු ඔහුව “ඔම්ටකායා” නම් නාවී ගෝත්‍රයේ සාමාජිකයෙක් ලෙස පිළිගැනේ. එම ග්‍රෝත්‍රයේ වැඩිහිටි(දරුවෙක් නොවන) සමාජිකයෙක් වීමට එහි චාරිත්‍ර සහ ජීවන රටාව පිළිපැදිය යුතුය. එහි වැඩිවිය පැමිණි සෑම සාමාජිකයෙක්ම පියාඹන මෘග පක්ෂියෙක් හීලෑකරගත යුතුය. වරක් හිලෑකරගත් පසු එම මෘග පක්ෂියා ජීවිතකාලයටම එම ග්‍රෝත්‍රික සමාජිකයාගේ පෞද්ගලික ගුවන්ගමන් වාහනය ලෙස දැඩි බැඳීමකින් යුතුව දිගටම ක්‍රියාකරනු ලැබේ. එවැනි මෘග පක්ෂීන් වර්ග දෙකක් සිටින අතර එක වර්ගයක් කොළ පැහැතිය, අනෙක් වර්ගය රතු පහැතිය. සාමාන්‍යයෙන් අදාල ගෝත්‍රික පුහුණුව ඇත්නම් තරමක උත්සහයකින් පසු කොළ පැහැති පක්ෂියෙක් හීලෑකරගැනීම අපහසු නොවේ. නමුත් රතු පැහැති පක්ෂීන් ප්‍රමාණයෙන් විශාල සහ දරුණු මෘගයන් බැවින් හීලෑකරගැනීමට ඉතාමත් අපහසුය. එබැවින් කිසිදු සාමාන්‍ය ගෝත්‍රිකයෙක් රතු මෘග පක්ෂීන් හීලෑකර ගැනීමට ඉදිරිපත් නොවේ. නමුත් ඔම්ටකායා ග්‍රෝතයේ ඈතට දිවෙන ඉතිහාසයේ පෙර සිටි නායකයන් අතරින් පස්දෙනෙක් පමණක් එම රතු මෘග පක්ෂියෙක් හීලෑකර ගැනීමේ හපන්කම කර ඇත. එම ග්‍රෝත්‍රයේ වර්තමාන සාමජීකයන් කිසිවකුත් එම හපන්කම කිරීමට අසමත් වූ බැවින් එහි කිසිවකුත් රතු මෘග පක්ෂියෙක් සිය පෞද්ගලිගක වාහනය ලෙස භාවිත නොකෙරෙ. ජේක් සැලී, ඔම්ටකායා ගෝත්‍රිකයන් අතර එක්තරා අවස්ථාවකින් පසු අවිශ්වාසයකට(විශ්වාස භංගයකට) භාජනය වී ඔහු කෙරෙහි ගෝත්‍රයේ විශ්වාසය කඩ වී යයි. ඔහු නැවත ගෝත්‍රයේ විශවාසය දිනාගැනීමට උපක්‍රමයක් ලෙස ඉතා දැඩි ආයාසයකින් පසු රතු පහැති මෘග පක්ෂියෙක් හීලෑ කරගෙන නැවතත් ගුවනින් ගෝත්‍රිකයන් අතරට පැමිණි පසූ සෙසු සියලුම ගෝත්‍රික සාමාජිකයන් ඔහු ඉදිරියේ දණ නමා ඔහුව නායකයා ලෙසට පිළිගනී. ඉන්පසූ සියලු දෙනාම ඔහුගේ බසට අවනතව ක්‍රියාකර ආක්‍රමණිකයන්ට එරෙහි සටන ජය ගනු ලැබේ.
මෙහිදී වැදගත් කාරණය වනුයේ අදාල ප්‍රජාවගේ සාම්ප්‍රදායික විශ්වාසයක් වූ රතු පැහැති මෘග පක්ෂියෙක් හීලෑකරගන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ නායකයෙක්ය යන කාරණය භාවිතයෙන් එම ප්‍රජාවගේ අවධානය ලබාගැනීම සහ එමඟින් ඔවුන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවීම යන කාරණයයි. රතු මෘග පක්ෂියෙක් හීලා කරගැනීම යන්න මෙහිදී වියුක්තව ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් හඳුනාගැනීමේ ලක්ෂණයකි. එනම් රතු මෘග පක්ෂියෙක් හීලෑ කරගතහැකි ඕනෑම කෙනෙකුට එම ග්‍රෝත්‍රයේ ශ්‍රේෂ්ඨ නායකයකු වීමේ හැකියාව පවතී. මෙහිදී අපට සිහියට නැගෙන්නේ සිදුහත් කුමාර උත්තපත්තියෙන් පසූ එකසිය විසිඅටක් වූ බමුණන් විසින් කළ සක්විති රජ හෝ බුදුවන බවට කල ප්‍රකාශයයි. එයිනුත් කොණ්ඩඤ්ඤ තවුසා විසින් සිදුහත් කුමරු අනිවාර්යයෙන්ම බුදුවන බව ප්‍රකාශ කරන ලදී. එකසිය අටක් වූ බමුණන්ට එසේ ප්‍රකාශ කිරීමට හැකයාවක් ලැබුණේ සක්විති රජ සහ බුද්ධ යන සංකල්පයන් සිදුහත් කුමරු උපදින අවස්ථාව වන විටත් එකල දඹදිව ව්‍යාප්තව තිබූ බැවිනි. සිදුහත් කුමාර උත්පත්තියටත් පෙර බුද්ධ සංකල්පයේ ව්‍යාප්තිය දඹදිව සිදු වූ ආකාරය ලෙස බෞද්ධ පොත පතේ සඳහන් වන්නේ සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙක් පහළ වීමට පෙර ලොව පුරාම කරන ලද ප්‍රචාරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී සතරවරම් දෙවියන් විසින් බුදුකෙනෙකු හඳුනාගන්නා ශාරීරික ලක්ෂණ ආදිය මිනිසුන්ට දන්වා සිටින අතර එහිදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනද සඳහන් වේ. සේල සූත්‍රයේ සඳහන් පරිදි වරක් සේල නම් බමුණෙක් බුදුරජාණන්වහන්සේ අභියසට පැමිණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අනුව උන්වහන්සේ නියත වශයෙන්ම බුදුන් බව සාක්ෂාත් කරගැනීම යන කාරණය මෙහිදී මතක් කළ හැකිය. එමෙන්ම බුදවරයෙකුට පමණක් සිදුකල හැකි යමාමහ පෙළහර පෑම නියත වශයෙන්ම බුදුබව ලැබූ බව ඔප්පු කරන්නා වූද දඹදිව ජනයා අතර පැතිර තිබූ බුදුකෙනෙක් හඳුනාගන්නා විශේෂ ලක්ෂණයක් වන්නටද බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සැට නමක් වූ පළමු රහතන්වහන්සේලා බුදුන් පහළ වූ බව දඹදිව වැසියන්ට දැනුම් දීම සඳහා ධර්ම ප්‍රචාරයේ වැඩි සේක. එමෙන්ම බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසාව සිටියදී බුදුවීමෙන් පසු සියරාජ්‍යයේ අගනුවර වන රජගහ නුවරට වඩින ලෙස කළ ආරධනයක් අනුව පසූව එනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම වූ බවද සිහිකළයුතු කාරණයකි. මෙහිදී සිදුහත් තවුසා බුදුවීමට වීර්යය වඩන බව බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසා බුදුවීමට පෙරසිටම දැනසිටීමෙන් ශාක්‍ය ජනපදයෙන් එපිට පිහිටි මඝධ රාජ්‍යයේ පවා බුද්ධ යන සංකල්පය පැතිර පැවති බව හඳුනාගත හැක. මෙකී සියලු කරුණුවලින් පෙනී යන්නේ බුද්ධ සංකල්පය සිදුහත් කුමරු බුදුවීමට සහ ඉපදීමට පෙර සිටම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ ජනයා අතරී පැවති බවයි. එම සංකල්පය සතරවරම් දෙවියන් මුල් වී ප්‍රචාරය අරම්භ වී දඹදිව පැතිරී තිබීම බුදුරජාණන්වහන්සේට ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය සමාජීය පිළිගැනීම ලැබීමට මනා පහසුවක්ද වන්නට ඇත. එමෙන්ම බුදුසසුනට රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබෙන්නට එම බුද්ධ සංකල්පය කලින්ම හඳුනාගෙන තිබීම වැදගත් වන්නට ඇත. සක්විති රජකමද එවැනිම දඹදිව වැසියන් අතර පැතිර තිබූ තවත් වැදගත් වියුක්ත නායක සංකල්පයක් වන්නට ඇත. මේ අනුව දඹදිව එවැනි ශ්‍රේෂ්ඨ නායකයන් සඳහා වියුක්ත පුද්ගල ආකෘති පැවතී ඇත. එනමුත් ලක්දිව සමාජයේ එවැනි වූ වියුක්ත නායක ආකෘති බිහි වී නොමැත. ඒ වෙනුවට දියසේන කුමරු වැනි සංයුක්ත චරිත සහ දුටු ගැමුණු රජු වැනි නිශ්චිත වීරයන් මෙරට බිහි වී ඇත. එනම් දියසේන කුමරුට පහළ විය හැක්කේ එක්වරක් පමණි. අපට ඇත්තේ එක් දුටුගැමුණු රජ කෙනෙක් පමණි. නැවත දුටු ගැමුණු රජවරු හෝ දෙවැනි දියසේන කුමරෙක් මෙරටේ පහළ වීමට ඉඩක් නැත. එම නිසා දියසේන කුමාර සංකල්පය සංයුක්ත විර චරිතයක් වන අතර දූටු ගැමුණු රජු නිශ්චිත වීර චරිතයකි. එනමුත් ඉදිරියටත් බුදුවරු සහ සක්විති රජුවරු මෙලොව පහළ වෙත්. එබැවින් බුදුබව සහ සක්විති රජකම වියුක්ත වීර චරිතයන් වෙති. එනම් අදාල සුදුසුකම් සම්පූර්ණ කොට ඇත්නම් ඕනෑම කෙනෙකුට අදාල සමාජයේ වියුක්ත වීර චරිතයට හිමි පිළිගැනීම එම ජනතාවගෙන් ලැබේ. මේ අනුව අවතාර් චිත්‍රපටයේ පෙන්වන රතු මෘග පක්ෂියා හීලෑකර ගැනීමෙන් පසු බිහිවන වීර චරිතයද එවැනි වියුක්ත වීර චරිතයකි. එහි ඕනෑම රතු මෘග පක්ෂියෙක් හීලෑකරගන්නට සමත්වන්නෙකුට එම වීරත්ව පිළිගැනීම එම ග්‍රෝත්‍රයෙන් ලැබේ.මෙයින් දක්වා සිටියේ මා “අවතාර්” විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය දුටු ආකාරයයි. මේ ලිපිය කියවන ඔබ වෙනත් විධියකින් “අවතාර්” චිත්‍රපටය දකින්නට ඇත. අපි සියලු දෙනාම දකින්නේ එකම චිත්‍රපටයක් නොවන බව නැවත නැවතත් සිහිතබා ගනිමු.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මේ ලක්ෂණ තිබ්බ චිත්‍රපට කිහිපයක්ම තිබ්බා...

    1.එක්තරා සුද්දෙක් 'නොදියුණු' යයි කියන ජන කොටසක් වෙත යාම.
    2. ඉහත ජන කොටසේ කෙල්ලක හා හාද වීම
    3.කෙල්ලට විවාහ ගිවිසගත් කොල්ලා ගේ වෛරයට ලක් වීම
    3. ජය වර්ගයේ සියළු 'වැදගත්' (?) ලක්ෂණ අනුගමනය කිරීම
    4.අර ඉහත කී දුෂ්ඨයා පරදවා ජන කොටසේ 'නායකත්වය' ලැබීම
    5.කිසියම් බලවේගයකට එරෙහිව ජන කොටස මෙහෙයවීම
    6. දුෂ්ඨයාද අවසානයේ සුවච කීකරු දාසයෙක් වීම
    7.ඉහත බලවේගය පරදවා ජය ගැනීම
    8.දුෂ්ඨයාගේ මරණය
    9.කෙල්ල හා එකව සතුටින් සිටීම.

    උදා-
    Dansing with wolves
    Pathfinder
    Avater

    This whole deal was already done to death.:rolleyes:

    What I'm trying to say is, Christoper Nolan spent 10 years perfecting the script of Inception. James Camaroon spent 2 weeks on the script and 10 years trying to perfect the load of visual candy he was going to paste on that stupid, retarded, ridiculous script.

    සරු දෙය හා නිසරු දෙය වෙන් කර හඳුනාගෙන සරු දෙය පමණක් ඇසුරු කරන්න.:yes:

    Don't waste your precious time analyzing this.:rolleyes: