බටහිර අවතාර සහ පෙරදිග අවතාර
homefacebooktwitter
මා දුටු අවතාර්…
August 26, 2011 at 2:55 pm | Lanka C news
මෙම ලිපියේ අරමුණ පසුගිය දිනවල මෙරට සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වූ අවතාර්(Avatar) නම් ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන සිංහල බෞද්ධයෙක් ලෙස අපගේ ඇසින්ම බලා විචාරයක් කිරීමයි. මෙම විචාරය එම බටහිර චිත්‍රපටය සිංහල බෞද්ධයෙක් දුටු ආකාරය ඒත්තු ගැන්වීමට මිස චිත්‍රපට වර්ණනාවක් සඳහා නොවන බවද කරුණාවෙන් සලකන්න.
“අවතාර්” චිත්‍රපටයේ නමට අදාල ඉංග්‍රීසි උච්චාරණය කුමක් වුවද එය නිර්මාණය වී ඇත්තේ පෙරදිග අප කවූරුත් පාහේ සාමාන්‍යයෙන් දන්නා අවතාර සංකල්පය සම්බන්ධකරගෙන බව කිව හැක. චිත්‍රපටයේ දැක්වෙන පරිදි මොලොව මිනිසුන් විසින් ක්‍රිස්තුවර්ෂ 2914 දී වෙනත් චක්‍රාවාටයක පිහිටි “පැන්ඩෝරා” නම් චන්ද්‍ර ග්‍රහලෝකයක ඛණිජ සම්පත් ගවේෂණයකට සූදානම් වීමේදී එහි පළමූ අදියර ලෙස පරිසර හිතකාමීව එලොව ජීවත්වන “නාවී” නම් දියුණු ජීවීන් කොට්ඨාශයක් සමඟ සම්බන්ධීකරණ කටයුතු ඇරඹීමේ මෙහෙයුමක් සිදු කරගෙන යති. පෘථිවි මිනිසුන්ට අදාල ග්‍රහලෝකයේ ඇති වායුගෝලය අහිතකර වන අතර මෙහෙයුමේ පළමු පියවර ලෙස ඔවුහු එහි වෙසෙන “නාවී” නම් මනුෂ්යාභයන්(මනුෂයන් වැනි දියුණු ජීවීන්) පිරිස එහි ඛණිජ සම්පත් ඇති ස්ථාන වලින් ඉවත් කිරීම සඳහා කැමතිකරවාගැනීමේ පළමු පියවර උදෙසා අවතාර් නමින් හැඳින්වෙන “නාවී” ජීවීන් වැනිම වූ ශරීරයන් කෘත්‍රිමව නිරමාණය කරති. “අවතාර්(Avatar)” නම් එම ශරීරයන් වාහනය(මාධ්‍යය) ලෙස යොදාගනිමින් තෝරාගත් මිනිසුන් කිහිපදෙනෙක් “නාවී” ජනයා සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ මෙහෙයුමට යොදා ගැනේ.
එනම් උපකරණයක් භාවිතයෙන් අවතාර් ශරීරයන්ට තෝරාගත් මිනිසෙක් ආරූඩ කරවා “නාවී” ජනයා අතරට යවනු ලැබේ. “නාවී” ශරීරයට මිනිසකු ආරූඩ වූ පසු අදාල මිනිස් ශරීරය අක්‍රිය නිද්‍රාවකට පත් වේ. එමෙන්ම නැවතත් මිනිස් ශරීරයට එම පුද්ගලයා පැමිණි පසු “අවතාර්” ශරීරය අක්‍රිය වේ. මේ අනුව එක් වරකට එක් ශරීරයක් පමණක් සක්‍රිය වන අතර එනෙක් ශරීරය අක්‍රිය වේ. එනම් මිනිස් ශරීරය සක්‍රිය විට “අවතාර්” ශරීරය අක්‍රිය වන අතර, “අවතාර්” ශරීරය සක්‍රිය විට මනුෂ්‍ය ශරීරය අක්‍රිය වේ. එනම් කිසිදු අවස්ථාවක මිනිස් ශරීරය සහ “අවතාර්” ශරීරය එකම මොහොතේ සක්‍රියව නොපවතී. මෙය අපට සක්‍රිය-අක්‍රිය අවතාරයක් ලෙස හැඳින්විය හැක. නමුත් මෙය අප කවුරුත් පාහේ දන්නා කියන පෙරදිග අවතාර සංකල්පයට වඩා තරමක් වෙනස් තත්ත්වයකි.
අපගේ පෙරදිග අවතාර සංකල්පයේ කිසියම් පුද්ගලයෙක් හට දෙතැනක හෝ කිහිප තැනක එකම අවස්ථාවක සක්‍රියව ක්‍රියා කළ හැකිය. අපගේ බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොව අභිධර්මය දේශනා කරන ලද අවස්ථාවේදීම උන්වහන්සේ මෙලොව උතුරුකුරු දිවයිනේ පිඩූසිඟා වැඩ ඉන්පසු දන්වළඳා සැරියුත් තෙරුන්ට සංක්ෂිප්ත අභිධර්ම දේශනයන්ද කරන ලද සේක. මෙහිදී වැදගත් කාරණය වන්නේ තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාකරමින් සිටියදීම මෙලොව කටයුතුද ඒ මොහොතේදීම බුදුරජාණන්වහන්සේට කරගෙනයාමට තිබු විශේෂ හැකියාවයි. එනම් බුදුන් වහන්සේට අවතාර වශයෙන් එකම මොහොතේම වෙනත් ස්ථාන කිහිපයක සිටිමින් වුවද එකිනෙකට වෙනස් කර්තව්‍යයන් කරගෙනයාමේ හැකියාවක් තිබූ බව මේ අනුව තහවුරු වේ. මෙය සක්‍රිය-සක්‍රිය අවතාරමය අවස්ථාවක් ලෙස අපට හැඳින්විය හැක.
චුල්ලපන්ථක තෙරුන්වහන්සේගේ කථාව එවැනිම සක්‍රිය-සක්‍රිය අවතාර පිළිබඳ උදාහරණයකි. චුල්ලපන්ථක තෙරුන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් ලබාගෙන සුදු රෙදි කඩක් අතින් පිරිමැඳීමෙන් පසු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධකොටගෙන රහත්බවට පත් වූ සේක. උන්වහන්සේ රහත්භාවය ලැබීමේදී විශේෂ අමතර හැකියාවක්ද ලදහ. එනම් උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ එකවර ශරීර රාශියකින් පෙනී සිටිය හැකි භික්ෂුන්වහන්සේලා අතර අගතැන්පත් වූ සේක. එනම් චුල්ලපන්ථක තෙරුන්වහන්සේට එකම අවස්ථාවක විශාල අවතාර ප්‍රමාණයක් මැවීමේ විශේෂ හැකියාවක් තිබුණ බව අපට අනුමාන කළ හැක.
homefacebooktwitter
මා දුටු අවතාර්…
August 26, 2011 at 2:55 pm | Lanka C news
“අවතාර්” චිත්‍රපටයේ නමට අදාල ඉංග්‍රීසි උච්චාරණය කුමක් වුවද එය නිර්මාණය වී ඇත්තේ පෙරදිග අප කවූරුත් පාහේ සාමාන්‍යයෙන් දන්නා අවතාර සංකල්පය සම්බන්ධකරගෙන බව කිව හැක. චිත්‍රපටයේ දැක්වෙන පරිදි මොලොව මිනිසුන් විසින් ක්‍රිස්තුවර්ෂ 2914 දී වෙනත් චක්‍රාවාටයක පිහිටි “පැන්ඩෝරා” නම් චන්ද්‍ර ග්‍රහලෝකයක ඛණිජ සම්පත් ගවේෂණයකට සූදානම් වීමේදී එහි පළමූ අදියර ලෙස පරිසර හිතකාමීව එලොව ජීවත්වන “නාවී” නම් දියුණු ජීවීන් කොට්ඨාශයක් සමඟ සම්බන්ධීකරණ කටයුතු ඇරඹීමේ මෙහෙයුමක් සිදු කරගෙන යති. පෘථිවි මිනිසුන්ට අදාල ග්‍රහලෝකයේ ඇති වායුගෝලය අහිතකර වන අතර මෙහෙයුමේ පළමු පියවර ලෙස ඔවුහු එහි වෙසෙන “නාවී” නම් මනුෂ්යාභයන්(මනුෂයන් වැනි දියුණු ජීවීන්) පිරිස එහි ඛණිජ සම්පත් ඇති ස්ථාන වලින් ඉවත් කිරීම සඳහා කැමතිකරවාගැනීමේ පළමු පියවර උදෙසා අවතාර් නමින් හැඳින්වෙන “නාවී” ජීවීන් වැනිම වූ ශරීරයන් කෘත්‍රිමව නිරමාණය කරති. “අවතාර්(Avatar)” නම් එම ශරීරයන් වාහනය(මාධ්‍යය) ලෙස යොදාගනිමින් තෝරාගත් මිනිසුන් කිහිපදෙනෙක් “නාවී” ජනයා සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ මෙහෙයුමට යොදා ගැනේ.
එනම් උපකරණයක් භාවිතයෙන් අවතාර් ශරීරයන්ට තෝරාගත් මිනිසෙක් ආරූඩ කරවා “නාවී” ජනයා අතරට යවනු ලැබේ. “නාවී” ශරීරයට මිනිසකු ආරූඩ වූ පසු අදාල මිනිස් ශරීරය අක්‍රිය නිද්‍රාවකට පත් වේ. එමෙන්ම නැවතත් මිනිස් ශරීරයට එම පුද්ගලයා පැමිණි පසු “අවතාර්” ශරීරය අක්‍රිය වේ. මේ අනුව එක් වරකට එක් ශරීරයක් පමණක් සක්‍රිය වන අතර එනෙක් ශරීරය අක්‍රිය වේ. එනම් මිනිස් ශරීරය සක්‍රිය විට “අවතාර්” ශරීරය අක්‍රිය වන අතර, “අවතාර්” ශරීරය සක්‍රිය විට මනුෂ්‍ය ශරීරය අක්‍රිය වේ. එනම් කිසිදු අවස්ථාවක මිනිස් ශරීරය සහ “අවතාර්” ශරීරය එකම මොහොතේ සක්‍රියව නොපවතී. මෙය අපට සක්‍රිය-අක්‍රිය අවතාරයක් ලෙස හැඳින්විය හැක. නමුත් මෙය අප කවුරුත් පාහේ දන්නා කියන පෙරදිග අවතාර සංකල්පයට වඩා තරමක් වෙනස් තත්ත්වයකි.අපගේ පෙරදිග අවතාර සංකල්පයේ කිසියම් පුද්ගලයෙක් හට දෙතැනක හෝ කිහිප තැනක එකම අවස්ථාවක සක්‍රියව ක්‍රියා කළ හැකිය. අපගේ බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොව අභිධර්මය දේශනා කරන ලද අවස්ථාවේදීම උන්වහන්සේ මෙලොව උතුරුකුරු දිවයිනේ පිඩූසිඟා වැඩ ඉන්පසු දන්වළඳා සැරියුත් තෙරුන්ට සංක්ෂිප්ත අභිධර්ම දේශනයන්ද කරන ලද සේක. මෙහිදී වැදගත් කාරණය වන්නේ තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාකරමින් සිටියදීම මෙලොව කටයුතුද ඒ මොහොතේදීම බුදුරජාණන්වහන්සේට කරගෙනයාමට තිබු විශේෂ හැකියාවයි. එනම් බුදුන් වහන්සේට අවතාර වශයෙන් එකම මොහොතේම වෙනත් ස්ථාන කිහිපයක සිටිමින් වුවද එකිනෙකට වෙනස් කර්තව්‍යයන් කරගෙනයාමේ හැකියාවක් තිබූ බව මේ අනුව තහවුරු වේ. මෙය සක්‍රිය-සක්‍රිය අවතාරමය අවස්ථාවක් ලෙස අපට හැඳින්විය හැක.