බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම

බටහිර විද්‍යාව ගැන බොහෝ දෙනා කියන බොහෝ දේ සාවද්‍යයි. මා කියන්නේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන සූත්‍රය ගැන පමණක් නො වෙයි. එය බටහිර විද්‍යාවේ ක්‍රමය යනුවෙන් වැරදි මතයක් සමාජයේ පැතිරිලා. ඒ අතර බටහිර විද්‍යාව ආනුභවික කියලත් මතයක් පවතිනවා. ඒ අතර ම හේතුවාදය (බුද්ධිවාදය) ගැනත් කතා කරනවා. බොහෝ දෙනා හිතන්නේ මේ දෙක එකම පදනමක කියා. ඒත් ඒ දෙක දෙකක්. බුද්ධිවාදයෙ ආනුභවිකයක් නැහැ. යම් ප්‍රස්තුතයකින් පටන්ගෙන නිගමන (අපෝහනය) කිරීම තමයි එහි කෙරෙන්නෙ. ඒ නිගමන නිරීක්‍ෂණය කරන්නවත් එහි පෙළඹෙන්නෙ නැහැ. බටහිර විද්‍යාවෙ එක දෙයක් වෙලා තියෙනවා. ඒ ආනුභවිකයයි හේතුවාදයයි එකතු කිරීම. ඒකත් කරලා තියෙන්නෙ ප්‍රතිපත්තියක් මත නො වෙයි, අවස්ථාවාදී ව. ඒ මදිවාට බුද්ධිවාදය හා හේතුවාදය දෙකමත් එකක් නො වෙයි.




ලංකාවෙ බටහිර විද්‍යාඥයන්වත් දාර්ශනිකයන්වත් නැහැ. මෙරට අය බටහිර විද්‍යාව හා බටහිර දර්ශනය ඉගෙන ගෙන තියෙනවා. ඒත් එහි නිර්මාණ කර නැහැ. ඔවුන් චක්‍රීය චින්තනය හා රේඛීය චින්තනය අතර වෙනස දන්නේ නැහැ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙ නිර්මාණ ගැන කතා කරපු ගමන් ඔවුන් කියනවා එය චක්‍රීය චින්තනය නො වෙයි කියලා. බටහිර විද්‍යාවෙ ගැලීලියොගෙන් පස්සෙ කෙරෙන්නෙ ආනුභවිකය, බුද්ධිවාදය හා හේතුවාදය අවස්ථාවාදීව එකතු කිරීම. එය කෙළේ නිරීක්‍ෂණ පළමුවෙන් ම සාධාරණීය කරලා උද්ගමනයෙන්. එලෙස වියුක්ත ව උද්ගමනය කිරීම ආනුභවිකය නො වෙයි. ආනුභවිකය සංයුක්ත ක්‍රියාවලියක්. වියුක්ත උද්ගමනය ආනුභවිකයවත් හේතුවාදයවත් නො වෙයි.



වියුක්ත උද්ගමනයෙන් කෙරෙන්නෙ කපුටන් දහසක් විතර කළු බව නිරීක්‍ෂණය කළාට පසුව සියළු කපුටන් කළු යැයි කීම වැන්නක්. යම් ජනගහනයක (සංගහනයක) නියැදියක් අරභයා කෙරෙන නිරීක්‍ෂණයකින් පසු ඒ නිරීක්‍ෂණය මුළු ජනගහනයට ම පොදු ය කියන හිතළුව තමයි එතෙන දි කෙරෙන්නෙ. අපට මුළු ජනගහනය ම (අතීත වර්තමාන අනාගත) නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීම මෙහි දී බලපාන ප්‍රධාන කාරණයක්. උද්ගමනය වියුක්ත වන්නේ එය පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන නිසා. අතීයේ ද වර්තමානයේ ද අනාගතයේ ද සියළු කපුටන් නිරීක්‍ෂණය කිරීමට කිසිම පෘථග්ජනයකුට බැහැ.



වියුක්ත උද්ගමනය කලින් කීවාක් මෙන් පංචෙන්ද්‍රිය ගෝචර ආනුභවිකයක් නො වෙයි. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණෙන් වස්තු කිහිපයක් අත හැර උද්ගමනය කළා සියළු වස්තු එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙනවා කියලා. ඒ එදා. අද ඇතැම් බටහිර විද්‍යාඥයන් උඩට ඇදෙන වස්තු ගැනත් කතා කරනවා. ඒ එහෙම නම් මොක ද වෙන්නෙ. ගැලීලියෝගෙන් පස්සෙ නිව්ටන් ඊළඟ පියවර ගත්තා. අර වියුක්ත උද්ගමනයට හේතුවක් ඔහු ඉදිරිපත් කළා. ඒ හේතුව හිතළුවක්. එසේ හිතළු ඉදිරිපත් කිරීම අයිති වෙන්නෙ හේතුවාදයට. එය ආනුභවිකයක් නො වෙයි.



නිව්ටන් හේතුවක් ඉදිරිපත් කෙළෙ සියළු වස්තු එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නෙ ඇයි ද යන්නට. දැන් හේතුවක් කියන්නෙ කතන්දරයක්. නිව්ටන් කතන්දරයක් ගෙතුව පොළොවට සියළු වස්තු එකම ත්වරණයකින් වැටෙන්නෙ මොක ද කියන එකට. ඔහුගෙ හිතළුවට, කතන්දරයට අද ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය කියලා කියනවා. ගුරුත්වාකර්ෂණය ආනුභවිකයක් නො වෙයි. ගුරුත්වාකර්ෂණය ගෝචර වන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්දියකට ද? බොහෝ දෙනාට මේ කාරණය තේරෙන්නෙ නැහැ. ඔවුන් අහනව වැටෙනවා කියන එක ඉන්ද්‍රිය ගෝචර නැද්ද කියලා.



ඔවුන්ට තේරෙන්නෙ නැහැ වැටෙනවා කියන්නෙයි ගුරුත්වාකර්ෂණය කියන්නෙයි දෙකක් බව. එකක් අනෙකෙහි හේතුව හැටියට තමයි ඉදිරිපත් වෙන්නෙ. අර උඩට ඇදෙන වස්තු නිරීක්‍ෂණය කළොත් මේ හිතළු ඔක්කොම බොරු වෙනවා. දැන් මේ හේතුව ඉදිරිපත් කරලා ඊට පස්සෙ බුද්ධිවාදය අනුව නිගමනවලට (අපෝහන) එළඹෙනවා. ඒ නිගමන වියුක්තයි. එයට හේතුව හිතළුව වියුක්ත වීම. ගුරුත්වාකර්ෂණය වියුක්ත හේතුවක්, හිතළුවක්. බුද්ධිවාදයෙන් ලබා ගන්නා වියුක්ත නිගමන ඉන්පසු ඉතාමත් වංචාකාරීව සංයුක්ත නිරීක්‍ෂණ සමග සංසන්දනය කරනවා. වියුක්තය සංයුක්තය සමග සංසන්දනය කරන්නේ කෙසේ ද?



දැන් හේතුව කියන්නෙත් කතන්දරයක් පමණයි. හේතුවාදය හා බුද්ධිවාදය දෙකම එකක් ලෙස ගත්තත් එහි වෙනස්කම් තිබෙනවා. රැෂනලිසම් කියන පදයට පාරිභාෂික ශබ්දමාලාවෙ ඒ වචන දෙක ම දීලා තිබුණත් බුද්ධිවාදයෙ කෙරෙන්නෙ අනුමාන නීතිවලට යටත් ව ප්‍රස්තුතයකින් පටන් ගෙන නිගමනවලට (අපෝහනවලට) එළඹීම. අනුමාන නීතිත් උද්ගමනයෙන් ඇති වී තිබෙන්නෙ. හේතුවාදයේ නිගමනවලට එළඹුණත් මුල් හේතුව (ප්‍රස්තුතය, හිතළුව) ලබා ගන්නෙ නිගමනවලින් නො වෙයි. එය හුදෙක් හිතළුවක්, කතන්දරයක් පමණයි. කතන්දරය ගෙතීම බුද්ධිවාදයට අයත් නැහැ. ඉංගිරිසියෙහි ඒ දෙකට වචන දෙකක් නැහැ. ඒ නිසාත් පටළැවිල්ලක් තියෙනවා.



යමක් තවත් යමක හේතුවක් ලෙස දක්වන්නේ, කියන්නේ කෙසේ ද? එය ඉන්ද්‍රිය ගෝචර ද? හේතුව පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. යමක් නිසා තවත් යමක් ඇති වන්නේ යැයි කීමත් කතන්දරයක්, හිතළුවක් පමණයි. ගුරුත්වාකර්ෂණය පමණක් නොව ගුරුත්වාකර්ෂණය හේතුවක් යැයි කීමත් හිතළුවක්, කතන්දරයක් පමණයි. අපට මේ තකතන්දර, උද්ගමන, අනුමාන නීති අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ දත්ත සීමිත නිසා. එයත් හේතුවක් තමයි. අප සතුව සියළු දත්ත නැහැ. සම්පූර්ණ ජනගහනය පෘථග්ජන අපට නිරීක්‍ෂණය කරන්න බැහැ. මේ දත්ත හිඟය බුද්ධිවාදයට, හේතුවාදයට, උද්ගමනයට, නිගමනවලට මුළයි.



දත්ත බැංකුව තව තවත් ප්‍රසාරණය වූ පසු මේ කිසිවක් අවශ්‍ය වන එකක් නැහැ. අද පරිගණක විද්‍යාවෙහි, තොරතුරු තාෂණයෙහි හා කෘත්‍රිම බුද්ධියෙහි මෙය සිදු වෙමින් පවතිනවා. මේ එකක්වත් භෞතික විද්‍යාව වැනි විද්‍යා නො වෙයි. හේතුවාදයත් ඒ සමග බටහිර විද්‍යාවත් වැඩි කල් නොගොස් කඩා වැටේවි. මෙය යමක් ඇත්නම් යමක් ඇත, යමක් නැත්නම් යමක් නැත යන හේතුඵලවාදය සමග පටළවා ගන්න එපා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 27​
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,566
    8,806
    113
    දත්ත බැංකුව තව තවත් ප්‍රසාරණය වූ පසු මේ කිසිවක් අවශ්‍ය වන එකක් නැහැ. අද පරිගණක විද්‍යාවෙහි, තොරතුරු තාෂණයෙහි හා කෘත්‍රිම බුද්ධියෙහි මෙය සිදු වෙමින් පවතිනවා. මේ එකක්වත් භෞතික විද්‍යාව වැනි විද්‍යා නො වෙයි.:yes::yes::yes:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    ඔය නලින් ද සිල්වා කියන එකා ලිපියක් ලියන්නෙම ඌටවත් තෙරෙන්නෙ නැති බර වචන දාලා. හෙනම වැඩ්ඩෙක් එතුමා.
    සිරිල් පොන්නම්පෙරුම මහත්මයා, ආතර් සී ක්ලාක් මහත්මයා,සරත් ගුණපාල මහත්මයා වගේ අය ලන්ගින්වත් තියන්න බෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය නලින් ද සිල්වා කියන එකා ලිපියක් ලියන්නෙම ඌටවත් තෙරෙන්නෙ නැති බර වචන දාලා. හෙනම වැඩ්ඩෙක් එතුමා.
    සිරිල් පොන්නම්පෙරුම මහත්මයා, ආතර් සී ක්ලාක් මහත්මයා,සරත් ගුණපාල මහත්මයා වගේ අය ලන්ගින්වත් තියන්න බෑ

    මොනාද තියෙන බර වචන ? :dull: නලීන් ද සිල්වා තරම් නිරවුල්ව සිංහල පාවිච්චි කල්ලලිපි ලියන වෙන විද්‍යා ලේඛකයෙක්ව මං නං දැකල නෑ :no: නලීන්ද සිල්ව සිංහල වචනයක් පාවිච්චි කරනව නං හරියටම ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල වෙනම පැහැදිලිව විස්තර කරනව :yes: එක පාරට ලිපියක් කියෝපු ගමං අවුල් වෙනව ඇති ඒ වුනාට එතුමගෙ වචන භාවිතය හුරු වුනා නං ඔය කියන බරක් නෑ :no:


    nalin da silvage degree eka mokakda bn

    භෞතික විද්‍යාව කොස්මොලොජි වලට :yes: