බටහිර විද්‍යාව නොමිලේ

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බටහිර විද්‍යාව නොමිලේ

    මං මේ කියන්න හදන්නෙ බටහිර විද්‍යාවෙ භෞතික විද්‍යා දැනුම ඉතාම ඉහළම මට්ටමක් දක්වා නොමිලේ ලබාගන්න පුළුවන් වෙබ් එකක් ගැන. සමහර විට කිහිප දෙනෙක් දන්නවත් ඇති..

    www.motionmountain.net

    මේකෙ විශේෂත්වය තමයි ඉතාම සරලව, ගණිතය ඉතාම අඩුවෙන් භාවිතා කරල, ඒ වගේම ඉතාම සිත්කළු විදියට රචනය කරල තියනවා මේක. රචකයා භෞතික විද්‍යාව සම්බන්ධ PhD ධාරී ජර්මානු මහාචාර්ය වරයෙක්. එතුමගෙ නම Dr. Christoph Schiller

    මෙන්න මේ සබැඳුමෙන් ඔයගොල්ලො ඕනෙම කෙනෙකුට ඒ පොත් කට්ටලය download කරගන්න පුළුවන්.

    මම මහාචාර්ය Christoph Schiller මහත්මයගෙන් අවසර ඉල්ලුවා මේක ඔයගොල්ලො වෙනුවෙන් සිංහලට පරිවර්තනය කරන්න. එතුමා බොහොම සතුටු වුණා වැඩේට. ඒත් එතුමා යම් ඉල්ලීම් වගයක් කළා පොතේ ඉංග්‍රීසි පිටපතේ තියන ආකර්ශනීයත්වයත් අනෙකුත් සුවිශේෂී ලක්ෂණත් ආරක්ෂා වෙන්න ඕනෙ නිසා. මට ඔය පොත පරිවර්තණය කරනව නම් මෙන්න මේ තාක්ෂණයන්, මේ මේ මෘදුකාංග පමණක්ම යොදාගන්න කියල කිව්වා. දැනට මට අවශ්‍ය තාක්ෂණික කරුණු ඉගනගෙන ඒ වැඩේට මුල පුරන්න කාලය මිඩංගු කරන්න අපහසුයි මගේ අනෙක් වැඩ කටයුතුත් එක්ක. ඒත් ඉදිරියෙදි මට නිදහසක් ලැබුණම ශ්‍රී ලාංකීය පාඨක ඔබ වෙනුවෙන් සිංහල පරිවර්තනයකුත් නොමිලේ ම ලබා දෙන්න උත්සාහ කරනවා.. :yes:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මාගේ මේ බම්පය හුදෙක් රෙප්-ප්‍රේතත්වයට නොව මෙය වැදගත් විය හැකි තවත් එකෙකුට හෝ දැකගැනීම සඳහා ය
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    godak watinawa yaluwa.. Godak thanks... :yes:
    11.gif
    :yes::D:D
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හුගක් වටිනවා කරොත්

    පුළුවන් ඉක්මනින් පටං ගන්න ඉන්නෙ. දැනට ඉංග්‍රීසි පොත පරිහරණය කරන්න පුළුවන්. ඒක විශිෂ්ට පොතක්, හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ලියවිලා තියනවා. අරන් බලන්න කැමති නම් :yes: