~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සඳකැත්ගෙ විග්‍රහය අහපු මට යමක් ලියන්න හිත නොදුන්නෙ විනාඩි 20 ඇතුලත ඔහු කියන කරුණු ගොඩකට කෙටියෙන් පිළිතුරක් ලියන්න content එක වැඩි නිසා. නමුත් කෙටියෙන් උනත් පහත කරුණු ටික ගැන ලියන්න හිතුව
    🔸
    ආගම සහ ධර්මය
    ආගමික දර්ශණ දෙකක් ලෙස ඔහු රෝමානු කතෝලික ධර්මය සහ ථෙරවාද බෞද්ධ ධර්මය තෝරගන්නව. පළමු දෝෂය එතැන. ථෙරවාද බෞද්ධ දර්ශණය යනු ආගමික දර්ශණයක් නෙවෙයි. ථෙරවාද බෞද්ධ දර්ශණය ලෝකෙ දරන දෙයක් පෙන්වා දීමක් පමණයි. එහි මූලික පදනම ම, ආගමික ඇදහීම් වලින් වෙන් වන ආකාරය. ඒක ආගමික දර්ශණයක් කීවොත් ඊට ගොඩක් කලින් බටහිර විද්‍යාව ආගමික දර්ශණයක් වෙනව.
    🔸
    පරිණාමවාදය theory එකක් ද fact එකක් ද?
    පරිණාමවාදය theory එකක්. ඒක ඔප්පු වෙලා තියනව කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මෙතනදි අපි ගන්න ඕනි "ඔප්පු වීම" කියන එකේ වචන අර්ථය මිසක scientific method එක ඇතුලෙ "ඔප්පු වීම(prove)" යනුවෙන් හදාගත්ත විග්‍රහය නෙවෙයි. කෙටියෙන් කීවොත් scientific method එකේ කල්පිතයක්(hypothesis) හරහා predictions කරනව. Experiment කරල එන ප්‍රථිඵලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ prediction එක්ක ගැලපුණා නං , ඩෝං ගාල අර hypothesis එක theory එකක් කියනව. ඒකට එයාල ඒ සංස්කෘතිය ඇතුලෙ "prove" උනා කියනව. සැබෑ ලෝකෙ භාෂාවෙන් ඒක ඔප්පු වීමක් නෙවෙයි. මේක නොදන්න ගොඩක් අය හිතනව බටහිර විද්‍යාවෙ යමක් පිළිගන්නෙ ඔප්පු උනාම කියල. කිසි සේත්ම නෑ. බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය අනූව කිසිවක් ඔප්පු කළ නොහැකියි. කරන්නෙ prediction වලට experimental results ටිකක් match වීම.
    ඒකෙන් ඒ කාලෙ තියන හොඳම විග්‍රහය එලියට එනව ද? ඒත් නෑ.ඒ කියන්නෙ ඇස් පනාපිට පේන ගල් පැලෙන ගජබින්නයක් ලෙස හොඳටම දන්න එකක් පවා මේ යටතේ theory එකක් විදියට prove වෙන්න පුළුවන්. හොඳම උදාහරණය, නිවුටන් නියම අනූව ග්‍රහලෝක කැරකෙන්න අවශ්‍ය වෘත්තාකාර පථයක. නමුත් ඒව යන්නෙ ඉලිප්සීය මගක. (මේක පසුකාලීනව අවකාශ කාලයේ වක්‍රතාව කියන ක්‍රමවේදය හරහා ඇල්බට් අයින්ස්ටයින් විග්‍රහ කළා). ඒක කමක් නෑ කියමු. නමුත් නිවුටන් නියමයන් ලෝකෙ හොඳම පැහැදිළි කිරීම ලෙස ඔටුනු දරා සිටි සමයේත් ඉලිප්සීය මග ගැන දැනගෙන හිටිය. ඒ prediction එක match නොවුනට අනිත් ඒව match උන නිසා නිවුටන් ගේ නියම තුන ( හරියට කිව්වොත් නිවුටන් ගෙ පච 3) ඒ කාලෙ පිළිගත් මතය ලෙස පිළිගත්ත. අද භෞතික විද්‍යාවෙ තියන සියළු dominant තියරිවලත් තියෙන්නෙ ඔය සෙතේ ම තමයි. Theory of relativity , string theory වගේ ලෝකෙම හොල්ලං ඉන්න සේරම theory වලට match නොවන observation තියනව. ඒ කියන්නෙ ඒව පච බව කෙලින්ම "ඔප්පු" වෙලා තියනව. නමුත් කවදාවත් ඕව එකක් වත් ඇත්‍ත කියල නම් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වත් scientific method එකේ දීල නෑ. සරලව කීවොත් බටහිර විද්‍යාව ඔප්පු කරල පිළිගන්න දෙයක් කියල , විද්‍යාත්මක ක්‍රමය දන්න අය කියනෙ නෑ.
    මේ භෞතික විද්‍යාව තමා බටහිර විද්‍යාත්මක ක්‍රමයේ මහා නෞකාව. ඔය පරිණාමය සම්බන්ධ සත්ව, ජීව, ෆොසිල විද්‍යා කියන්නෙ අර මහා නෞකාව පසුපස සෙල්ලම් කර කර එන ඩොල්ෆින් මාලු විතරයි. ඒව ගැන කියන්න වත් දෙයක් නෑ.
    🔸
    ඩාවින් "වාදය" කීවෙ නිහතමානී නිසා ද?
    නෑ. එහෙම කීවෙ scientific thinking එක එහෙම නිසා. එතන සඳකැත් හරි. පරිණාම වාදය කියන්නෙ ඔප්පු උන fact එකක් කියන සඳකැත්ට නැත්තෙත් ඒ scientific thinking එක. එතන දි "මුතුගල" මතුකරන point එක සඳකැත්ම පැනල ඔප්පු කිරීමක් තමා උනේ. මුතුගලගෙ ලොජික් එක බිඳගෙන සඳකැත්ගෙ ලොජික් එකත් බිඳ ගත්ත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කීවොත් නිවැරදියි.
    🔸
    ආගම විද්‍යාව කරත්ත සහ කාර්
    බටහිර විද්‍යාත්මක ක්‍රමය යටතේ අලුතෙන් අලුතෙන් තියරි( හොඳ හොඳ පච) සම්පාදනය ඉදිරි ගමනක් ලෙස හඳුන්වනව. ඒක හරි. එන්න එන්න ඒකෙන් කළ හැකි වැඩ ප්‍රමාණය ඉහල යනව. නමුත් එතන සඳකැත් වරදවාගන්න කරුණ තමා ආගමක සහ බටහිර විද්‍යාව කියන දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්. ආගමක ඉපදෙන මැරෙන සත්වයාට පෞද්ගලික හිත සුව පිණිස වන ක්‍රමවේදයක් යෝජනා කිරීම. බටහිර විද්‍යාව කරන්නෙ දැනුම සොයා යාම සහ ලෞකික සැප හඹායාම ට ආධාරක සැපයීම. මේ සංරචක දෙකක්. හරියට සුසන්තිකා ජයසිංහයි ,සනත් ජයසූරියයි compare කළා වගේ.
    🔸
    ඩාවින් කිව්ව දේ සහ බුදුන් වහන්සේ කිව්ව දේ
    බුදුන් වහන්සේ කීව දේ කෙටියෙන් කීවොත් "චතුරාර්‍ය සත්‍ය". දුකක් හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තන් දුකක් නෑ. මේක කුමන සංරචකයක් යටතේ වත් බොරු කියල තර්කානුකූලව කියන්න බෑ. අදටත් සත්‍ය බව ඕනෑම ප්‍රඤ්ඤාවන්ත අයෙක්ට හිතල බැලුවම තේරෙනව. ඩාවින් කියපු එක පිළිගන්න ඒ ඩාවින්ගෙ ජාතියෙම ශුවර් නැති තවත් theories(පච) ගණනාවක් හරහා එන සුරංගනා කතන්දර ගලපන්න වෙනව. එතකොට ඩාවින් කියල තාම 150 යි, බුදුන් වහන්සේ කියල 2500 යි කියන සාධකය වලංගු නෑ. අනිත් කරුණ තමයි, අතරමගදි වෙනස් උනත් මොකද ඇවිත් තියන එක ඇත්තක් නම්? අපිට මුල හොයන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.
    🔸
    බයිබල් version 50 ක් තියනව ද?
    ඔව්. ඉතින්? එහෙනම් බටහිර විද්‍යාවේ dominant මතවාදයට පරිබාහිර වූ සෙසු alternative මතවාද 50ක් නෙවෙයි 50,000 කටත් වඩා ඇති. එක එකා කරපු mainstream නොවන එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඔප්පු කළ research papers ලක්ෂ ගානක් ඇති. බටහිර විද්‍යාව ආපු අවුරුදු 300-400 ඇතුලෙ ලක්ෂ ගානක් version එනව නම් බයිබලේ අවුරුදු 2000 ට version 50යි කියන්නෙ ඒක සාපේක්ෂව හොඳයිනෙ.
    🔸
    සමලිංගිකත්වය හා incest
    මේව ලෝකෙ බුද්ධ කාලෙටත් කලින් ඉඳන් තිබුණ බවට සාධක ඔහු ඉදිපත් කරනව. ඒක ඉදිරිපත් කරනකොට එක පාරට අවුරුදු 2000 පැරණි ශුවර් නෑ කියපු මූලාශ්‍ර සඳකැත්ට facts වෙලා. කමක් නෑ. නමුත් ලෝකෙ කිසිම කාලෙක කිසිම සංස්කෘතියක එය එකම ප්‍රධානම පිළිගත් සංස්කෘතික ක්‍රමවේදය වෙලා තිබිල නෑ. මෙච්චර ඊට නැඹුරුවීමක් තියන අද වත් ඒක mainstream එක නෙවෙයි. බුදුන් වහන්සේ කියනවාය කියන්නෙ මතු කාලෙක ඒක mainstream එක වෙන බව. මෙන්න මේ කරුණ සඳකැත් පටලවාගන්නව. ඊට පස්සෙ shape එකේ නොදැනෙන්න homophobia නම් අලුත් දෙයක් කියල මඩක් ගහනව. ඒකත් වැරදියි. Homophobia යනු දන්න අතීතයේ ඉඳන් ලෝකෙ mainstream එක.
    🔸
    පරමායුෂ සහ ආයු අපේක්ෂාව
    මිනිසුන්ගේ ටිකෙන් ටික අඩු වෙන්නෙ පරමායුෂ මිසක ආයු අපේක්ෂාව නෙවෙයි. මෙන්න ඊලඟ පටලවා ගැනීම. මොකද්ද ඔය දෙකේ වෙනස. ආයු අපේක්ෂාව කියන්නෙ සියලු මරණ වයස්වල එකතුව බෙදීම මරණ සංඛ්‍යාව. දල වශයෙන්. නමුත් පරමායුෂ කියන්නෙ යම් සමාජයක ඉහලම ආයුශ විදින 0.01% හෝ 0.001% ගෙන ඒ අතරින් රෝගාතුරවීම් අනතුරු යනාදියත් ඉවත් කොට සොභාවික මරණ වයස්වල සාමාන්‍ය අගය. මේ දෙක දෙකක්.
    🔸
    වයස 5 දි දරුවො හදන්න පුළුවන් ද?
    සඳකැත් ට අනූව දරුවො හදන්න පුළුවන් අවම වයස වසර 12. ෆුල් මොරාල් පිට බෑමයි කියනව ඊට යට. මේකත් නොදැනුවත් කමට කරන ප්‍රකාශයක්. 1933 ඉපදුන Lina Medina කියන කෙනා තමයි ලාබාලම අම්ම. එයාගෙ වයස අවුරුදු 5 යි මාස 7 යි. දරුව හදල ඉපදිලා බොහෝ කලක් ජීවත් වෙනව. මවටවත් දරුවට වත් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. හැබැයි මේක ටික ටික පරමායුෂ වෙනස්වෙනකොට ශරීර වෙනස්වීම් වෙනව නම් මතු අනාගතේ මේක mainstream වෙන්නෙ නෑ කියල කියන්න සඳකැත්ට බෑ. එක google search එකෙන් එන ලාබාලම මව කවුද කියල හොයාගන්න හිතාගන්න බැරි සඳකැල්ට තව අවුරුදු දස දහස් සමහර විට ලක්ෂ ගානක් යද්දි මනුශ්‍යයාගේ සොභාවය කොහොම හිතන්න ද.
    🔸
    සඳකැත් ආගමකට අපහාස කළා ද?
    මට හිතෙන්නෙ සඳකැත් ආගමකට අපහාස කරනවට වඩා අපහාස කරල තියෙන්නෙ scientific community එකට. Scientific community එක කියන්නෙ ඔහොම baseless arguments වලට ඉඩක් ඇති තැනක් නෙවෙයි. Science කියන්නෙ හොඳ විශයක්. Tool එකක්. වේදයක්. ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ science කියා දෙන්න ඕනි scientific method එකත් එක්ක. ඉස්කෝලෙ 4 වසරෙ ආරම්භක විද්‍යාව උගන්නල 12 වසරට එද්දි scientific method එක උගන්නල වැඩක් නෑ. මුලින්ම උගන්වන්න ඕනි scientific method එක. නැත්තන් 12 වසර වෙද්දි මේ බරහිර විද්‍යාව ආගමක් කරගත්ත සඳැකැත් කෙනෙක් හැදිල ඉවරයි. එතකොට විවෘත මනස ඒ බටහිර විද්‍යා ආගමික භක්තියෙන් අන්ධ වෙලා ඉවරයි.
    ~~~~~~~~
    අවසානයට
    මේ සඳකැත් ගැන විවේචනයක් නෙවෙයි. ඒ නිසා සඳකැත් දායක සභාව කුපිත වෙන්න අවශ්‍ය නෑ. මේ ඒ පිළිබඳව විචාරයක් පමණයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth

    සඳකැන් වැසිලා අඳුරේ එතිලා..
    ගණඳුරු රෑ තනිකම නෑ..
    සොයා එන්න ගණඳුරු තරු නිවලා..
    මගේ එළිය අද ඔබ පමණී.. ❤️
     
    Last edited:

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    halla kiyewwa na bng, hby mul tike ara therawada biddagama gana kiyl tynne u ethana adahas krnne sarlwa buddagama gana, oya wge podi kali allan dgln ep bn hks, grow up bro
     
    • Like
    Reactions: hkiz and Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මොනව ලියන්න කියන්න ගියත් ආගම් වාදියෙක් නම් තමන්ගේ ආගම ඉස්මතු වෙනවා. එතකොට මධ්‍යස්ථ බවක් නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    මොනවද හුත්තො මේ වැඩකට ඇති දෙයක් කරපන්කො උබලගෙ හුත්තවල් කියවන් ටිපර් වෙන්න වෙලාවක් නෑ. මොකක් හරි ආගමික සීන් එකක් සෙට් නම් ඒක කරපන්. එච්චරයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    මොනවද හුත්තො මේ වැඩකට ඇති දෙයක් කරපන්කො උබලගෙ හුත්තවල් කියවන් ටිපර් වෙන්න වෙලාවක් නෑ. මොකක් හරි ආගමික සීන් එකක් සෙට් නම් ඒක කරපන්. එච්චරයි.
    සඳකැන්ගෙ රුපියල් 500ට කරන වැඩ තමයි. 😁
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    බලපන් නිකන් පොඩි එකෙක් කොහෙන් හරි අහුලගෙන ඌත් නොදන්න ලබ්බක් කිව්වම උට නොබෙල් තෑග්ග දෙන්න තරමට අපේ රට දැනුමෙන් බංකොලොත්. මේ 225න් 150කට එහා ඊළඟ ඡන්දෙත් ෂුවර්.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    සේරමත් හරි, මට තියෙන ලොකුම ප්‍රශ්නේ මුගේ නම මොකද්ද බන්?
    සඳකැන් ද ? සඳකැත් ද? සඳකත් ද? :lol: :lol: