බඩුගියාද විනාඩි 2න් ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බඩුගියාද විනාඩි 2න් ?

    ma8in%20Yuri%20Arcurs%20shutterstock_77179885.jpg


    ක්‌ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්‌මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක්‌ නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර විමසනු ලබන ගැටලුවකි. ඊට හේතුවී ඇත්තේ ක්‌ෂණික මෝචනය යනු කුමක්‌ දැයි බොහෝ දෙනා නිවැරැදි අයුරින් වටහාගෙන නොතිබීමය.

    ක්‌ෂණික මෝචනය පිළිබඳ ලිංගික විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සංගමය අර්ථ දක්‌වා ඇත්තේ මෙසේය.

    කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය ඔහුට පාලනය කළ නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්‌ටමේ ක්‌ෂණික මෝචනයක්‌ බවය.

    99-1585832634703671781580995.jpg


    මෙම ක්‌ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක්‌ ඇත.

    එම ප්‍රතිකාර ක්‍රම භාවිත කරනුයේ මතුව ඇති ගැටලුව අනුවය.

    ශාරීරික රෝගී තත්ත්වයක්‌ නිසා ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත් ය. මෙසේ ක්‍ෂණික මෝචනය ඇති කරන රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්‌ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වේ.

    මෙවැනි රෝගී තත්ත්වයන් එතරම් බහුල නොවූනත් ක්‍ෂණික මෝචනය ඇති අයකුගේ මෙවැනි තත්ත්වයක්‌ තිබේ දැයි හඳුනා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්ය.

    ප්‍රාණවත් වීමේ අඩුවක්‌ ඇති විටදී ද ඉක්‌මනින් ධාතු පිටවීම සිදුවිය හැකිය. මෙවැනි අවස්‌ථාවකදී ප්‍රාණවත් වීමේ ගැටලුවට හේතු කාරක හඳුනාගෙන එම තත්ත්වයට ප්‍රතිකාර කිරීම තුළින් ක්‍ෂණික මෝචනය නිවැරැදි කළ හැකිය.

    මානසික උපදේශනය

    නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්‍ෂණික මෝචනය ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් මානසික රෝග නොවන බව තේරුම් ගැනීම වැදගත් ය. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම් තමාගේ ලිංගික හැකියාව අවතක්‌සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු නිසා ක්‍ෂණික මෝචනය ඇති විය හැකිය. නිසි මඟ පෙන්වීම සහ උපදේශනය (Psychosexual counselling) තුළින් මෙම තත්ත්වයන් නිවැරැදි කළ හැකිය.

    ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්

    ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිsමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුය. එවිට ඔවුන්ගේ ස්‌නායු පද්ධතිය ද පීඩනයකින් තොරව පවතී. එවිට ඉක්‌මනින් ශුක්‍රානූ පිටවීම පාලනය කරගත හැකිය.

    එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්‌මනින් ශුක්‍රානු පිටවීමට බලපායි. එනිසා නිසි ඉරියව් අනුගමනය කළ යුතුය.

    sperm-bike.jpg


    ඖෂධ ප්‍රතිකාර

    ඉක්‌මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග ඇත. එය නිසි වෛද්‍ය උපදෙස්‌මත ලබාගත යුතුය. මන්දයත් මෙම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය වන්නේ ඔවුනට ක්‌ෂණික මෝචනය මතුව ඇති ආකාරය අනුවය දිගු කාලයක සිට පවතී නම් හෝ පසු කාලයකදී මතුවූවක්‌ නම් හෝ එවැනි අවස්‌ථාවන් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

    media_xl_940461.jpg


    ශුක්‍රානු පිටවීම පමාකරන උපත් පාලන කොපු වර්ගද වර්තමානයේ වෙළෙඳපොළේ ඇත. පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින 'ස්‌ටැමිනා' යන උපත් පාලන කොපු ඊට එක්‌ නිදසුනකි. මෙම කොපු පැළඳිය යුත්තේ ලිංගික සංසර්ගය ආරම්භ කරන මොහොතේ සිටය. මන්දයත් එහි ක්‍රියාකාරිත්වය ඇතිවීමට සුළු වේලාවක්‌ ගත වේ.

    මෙම ප්‍රතිකාර ලබාගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ මතය. හිතුමතේ මෙවැනි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යා හැකිය. ඉන් තවත් මානිසක පීඩනයක්‌ ඇතිවිය හැකිය.

    ස්‌වයං වින්දනයේදී ද ක්‌ෂණික මෝචනය ඇති වන බවට ඇතැම් දෙනා පවසති. ස්‌වයං වින්දනය මගින් ක්‌ෂණික මෝචනය හඳුනාගත නොහැකිය. ස්‌වයං වින්දනයෙන් බලාපොරොත්තු වන්නේ ඉක්‌මනින් ශුක්‍රානු පිට කිරීමකි. එනිසා ස්‌වයං වින්දනයේදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවූවා යෑයි කියා ලිංගිකව එක්‌වීමකදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවේ යෑයි කියා අනවශ්‍ය' බියක්‌ ඇතිකර නොගත යුතුය.

    happy-guy.jpg


    දැනුමක් ලබා ගත්තා නම් අපිටත් රේප් එකක් දීලා යන්න
    :yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    බඩු 2ක් සෙට් කරන් එකක් විනාඩි 1, තත්පර 50
    ඊට පස්සේ අනිත් එක විනාඩි 1 තත්පර 50
    අයෙත් මුල් එක විනාඩි 1 තත්පර 50
    ..
    ..
    ..
    ..
    ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හොද කික් සෙට් වෙලා තිබ්බොත් නම් ටිකක් වැඩේ ඉක්මන්. කොහොමත් අවුලක් නැහැ මට නම්.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අර කවුද කිව්වා වගේ හනුමා දර පලනවා වගේ Nonstop කරන්නේ නැතුව ඉඳ ඉඳ කලාම ගොඩක් වෙලා ඉන්න පුළුවන්... :P