බඩු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,815
    9,530
    113
    කිරි පිටිත් නැගලා බඩු මිල දුවයි පිඹලා!


    දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටිති. එතෙක්‌ මැති ඇමැතිවරුන්නම් ආසියාවේ ආශ්චර්යයක්‌ ගැන වරින්වර දොඩවනු ඇසේ. ජනතාව ජීවන වියදමින් මිරිකෙද්දී ඇමැති මණ්‌ඩලය සඳහා අනේක විධ වරදාන ලබාදෙමින් ඔවුන් තෘප්තිමත් කිරීම දෙස බලනවිට ඔවුන්ට මෙය ආශ්චර්යයක්‌ ලෙස පෙනීම අරුමයක්‌ද නොවේ. සතියෙන් සතිය බඩුමිල ඉහළ යයි. කිසිදු සාධාරණ හේතුවක්‌ නැතිවම භාණ්‌ඩවල මිල ඉහළයයි. ඇමරිකාව, එංගලන්තය යුරෝපා රටවල අත්‍යවශ්‍ය ආහාර දව්‍යවල මිලටත් වඩා අපේ රටේ ඇතැම් බඩුවල මිල ගණන් ඉහළය.

    මේවා පාලනයට රජය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී නැත. ලක්‌ සතොස හරහා අඩු මිලට භාණ්‌ඩ අලෙවිය සාර්ථක කරගන්නට පමණක්‌ රජය සමත්ව ඇතත් අත්‍යවශ්‍ය බඩු මිල අඩු කිරීම සඳහා රජය ගත් වෙනත් කිසිදු වැඩපිළිවෙළක්‌ සාර්ථක වී නැත.

    යුද්ධය පැවති කාලයටත් වඩා අද බඩු මිල ඉහළය. යුද්ධය පවතිද්දී යුද්ධය නිසා බඩු මිල ඉහළ යන බව සිතා හිත හදාගන්නට ජනතාව පෙළඹිනි. එහෙත් අද මේ පසු පස ඇත්තේ කුමන හේතුවක්‌දැයි සොයාබැලිය යුතුය.

    යුද්ධය පැවති කාලයේ අපේ රටේ මුහුදෙන් මාළු අල්ලා ගත හැකි වූයේ තුනෙන් එකක ප්‍රදේශයක පමණි. අද රට වටේම මුහුදේ මාළු අල්ලාගත්තද පෙර පැවති මාළු මිලට වඩා දෙගුණයක්‌ හෝ තුන් ගුණයක්‌ මාළු මිල වැඩිය. ධීවර සංස්‌ථාවේ මාළු මිල තරමක්‌ අඩු වුවද එය යුද සමයේ පැවැති මිලට වඩා බෙහෙවින් වැඩිය. ඇමැතිවරුන් පවසන මිල ගණන්වලට මාළු වෙළෙඳපොළේ කොහේවත් නැත. ධීවර සංස්‌ථාවේවත් නැත. කටින් මොනදේ කියා දිනන්නට හැකි වුවද මාළු කෑල්ලක්‌ මිලදී ගන්නට වෙළෙඳපළට ගිය විට මාළු කන්නට ජුවල්යන බව ජනතාව කියති.

    කිරිපිටි මිල යළිත් වරක්‌ ඉහළ ගොස්‌ තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම නිසා වැඩිකරන්නට අවසරදුන් බව රජය පවසයි. පසුගිය කාලයේ කිරිපිටි මිල ලෝක වෙළෙඳපොළේ හොඳටම පහළ බැස තිබිණි. එවිට රජය කළේ කිරිපිටි සඳහා අධික බදු පැනවීමයි. මේ නිසා කිරිපිටිවල ලෝක මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබිණි.

    ඉන්ධන මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම කරුණකි. ලෝක මිල අඩු වීමේ වාසිය ජනතාවට නො දන රජය එය ඉහළ ගිය විට එම බර ජනතාව පිට පටවයි. ගෑස්‌ මිල පසුගිය දිනවල ඉහළ ගිය අතර ඒ සමඟ ක්‌ෂණික ආහාර මිල ගණන් ඉහළ ගියේය. බත් පැකට්‌ටුවේ සිට සියලුම පිසින ලද ආහාර, ක්‌ෂණික ආහාර මිල සඳහා එය බලපෑවේය.

    තිරිඟු පිටි මිල ඉහළයාම ඒ ආශ්‍රිත සියලු නිෂ්පාදනවල මිල ඉහළ යාමට බලපා තිබේ. විශේෂයෙන්ම පාන් මිල රුපියල් දෙකකින් ඉහළ ගොස්‌ තිබේ. අද සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 45 සිට 60 දක්‌වා විවිධ මිල ගණන්ය. බර ග්‍රෑම් 250 - 300 - 350 ආදී වශයෙනි. අඩු බර පාන් සඳහා නිසි ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බවක්‌ නොපෙනේ. පාන් සඳහා උපරිම මිලක්‌ නැත්නම් මිල පාලනයක්‌ ගෙනෙන ලෙස අප කොතරම් රජයට බලකලත් සුළු පිරිසක්‌ වන බේකරි හිමියන්ගේ රැකවරණය සඳහා රජය එවන් මිලක්‌ පනවන්නේ නැත. අද පෙති කපන ලද පාන් ගෙඩියක මිල රුපියල් 90, 100, 110 ආදී වශයෙනි. මීටත් වඩා මිල වැඩි පාන් වර්ගද තිබේ.

    රජය අඩුම තරමින් පහළ ආදායම්ලාභීන් සඳහා අවම ජීවන මට්‌ටමක්‌ හෝ පවත්වාගෙන යන්නට හැකි වාතාවරණයක්‌ රට තුළ ඇතිකළ යුතුය. එසේ නැතිනම් දුප්පත් ජනතාවට හාමතේ සිටින්නට සිදුවේ. මාගරින්, පොල්තෙල්, එළවළු තෙල් ආදී පාන් හා බේකරි නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය දව්‍ය වෙළෙඳපොළ මfiයාවක්‌ පවතින අතර රජය මැදිහත්ව මෙය වහාම බිඳහෙළිය යුතුය. තුනපහ, කුළුබඩු ආදී ආහාර පිසීම සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යවල මිල ගණන් පවා පසුගිය මාසවලදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ තිබේ. මේ දව්‍යවල මිල ශ්‍රී ලංකාවේ පමණක්‌ ඉහළයාම පසුපස ඇත්තේ බදු හා ව්‍යාපාරික ඒකාධිකාරි මාfiයාවයි. මේ භාණ්‌ඩවල මිල ඇතැම්විට යුරෝපයට, එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවේ වැඩිය. පසුගිය කාලයේ ජල ගාස්‌තු හා විදුලි ගාස්‌තු විශාල වශයෙන් ඉහළ ගියේය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,530
    113
    මාසයකට රුපියල් 50-100 ත් අතර වූ ජල බිලක්‌ ගෙවූ පාරිභෝගිකයකුටද අද වන විට ඒ සඳහා රුපියල් 1000-1500 දක්‌වා ගෙවන්නට සිදුව තිබේ. ඒ තරම් විශාල ප්‍රමාණයකින් රු. ගාස්‌තු වැඩිවී තිබේ. ඊට අමතරව ප්‍රමාද ගාස්‌තුද අය කෙරේ. නව ජල ගාස්‌තු ක්‍රමය සාදා ඇත්තේ ඉතාම අසාධාරණ ලෙසටය. විදුලිය ගාස්‌තුද හිතූ සේ වැඩි කරන ලදී.

    විදුලි ගාස්‌තු වැඩිකර අද විදුලිබල ඇමැතිවරයා පවසන්නේ තම පාලනය යටතේ විදුලිබල මණ්‌ඩලය ලාභ ලබන බවයි. ලොව ඉහළම විදුලිබල ගාස්‌තු ඇති රටක්‌ වන ශ්‍රී ලංකාව තවදුරටත් විදුලි ගාස්‌තු වැඩි කරමින් ලාභ ලබන බව පෙන්වන්නට යාම හතරබීරි කතාවකි. ගාස්‌තු වැඩිකර ලාභ පෙන්වීම විහිළුවකි. තිබුණු විදුලිය ගාස්‌තුවම තබාගෙන නාස්‌තිය, දූෂණය අවම කර ලාභ ලැබුවේ නම් එය සමත් කමකි. එසේ නැතුව ගාස්‌තු වැඩිකර ලාභ පෙන්වීම පුංචි දරුවකුට වුවද කළ හැකි බව අපගේ හැඟීමය. ජලය හා විදුලිය ගාස්‌තු ඉහළ මට්‌ටමක පැවතීම භාණ්‌ඩ හා සේවා මිල ගණන්වලටද සෘජු ලෙස බලපායි. අපට විදේශ රටවල භාණ්‌ඩ හා සේවා මිල සමඟ තරගයක්‌ ලබාදිය නොහැකි වී ඇත්තේ මේ නිසාය. අලුතින් බලාගාර කොතරම් හැදුවත් විදුලි බිල දිනෙන් දින ඉහළ යනවා නම් ජනතාවට සෙතක්‌ නැත. රටේ සංවර්ධනය ජනතාවට දැනෙන සංවර්ධනයක්‌ බවට පත් කරන්නට රජය කටයුතු නොකරනවා නම් එවන් සංවර්ධනයකින් ජනතාව තෘප්තිමත් වන්නේ නැත. රටට අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන්ය. රැකියා උත්පාදනය කරන අතරතුර ආර්ථිකය වර්ධනය වන එවන් ව්‍යාපෘති රටට අවශ්‍යය.

    හම්බන්තොට වරායට නැව් පැමිණීම මේ වනවිට ආරම්භ වී ඇති බැවින් වරාය සම්බන්ධයෙන් විවේචනවලට නිසි පිළිතුරු ලැබී තිබේ.

    බස්‌ ගාස්‌තු සියයට පහළොවකින් ඉහළ දමන්නට බස්‌ සංගම් ඉල්ලා තිබේ. ඩීසල් මිල ඉහළ ගියේ සුළු වශයෙනි.

    බස්‌ කර්මාන්තයට රජය සහනාගාර රැසක්‌ දී තිබේ. අන් සියලු දේ ඉහළ යාමටත් වඩා මහ ජනතාවට බස්‌ ගාස්‌තු බලපායි. මේ නිසා බස්‌ ගාස්‌තු ඉහළ නොදැමීම මේ අවස්‌ථාවේ වඩා සුදුසුය. අපේ රටේ බස්‌ ගාස්‌තු ක්‍රමවේදය ඉතාම ගැටලුකාරීය. ප්‍රවාහනයේ මහ මොළකරු තමා යෑයි කියාගන්නා එක්‌තරා ප්‍රවාහන මහාචාර්යවරයෙක්‌ විසින් බස්‌ සංගම්කාරයන්ගේ අවශ්‍යතා අනුව සාදා ඇති දුර අනුව ගාස්‌තු සෑදීම වෙනුවට ජනඝනත්වය අනුව ගාස්‌තු සෑදිය යුතුය. කලින් අපේ රටේ පැවතියේ එවැනි ක්‍රමයකි. මේ පොල්බූරු මහාචාර්යා විසින් ඒ වෙනුවට බස්‌ හිමියා රජ කරවන නව නීති ගෙනඑන ලදී. ඒ සමඟ කොළඹ - මීගමුව වැනි මාර්ගවල ගාස්‌තු ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. යළිත් වරක්‌ මේ මහාචාර්යවරයා ප්‍රවාහනයට බැල්ම හෙළමින් සිටී. මොහු බස්‌ වල බුදුපිළිම ගැලෙව්වේය. අන්තවාදී ආගමික නිකායක පාස්‌ටර්වයකු වන මේ මහාචාර්යවරයාට බුදු පිළිම පෙන්වන්නට බැරිය. මේ ගාස්‌තු චක්‍රයෙන් සැමදාම ගාස්‌තු ඉහළ නගී. අසල්වැසි ඉන්දියාවේ ඉන්ධන මිල අපට වඩා බෙහෙවින් වැඩි වුවත් බස්‌ ගාස්‌තු අපට වඩා බොහෝ අඩුය. අපේ රටේම වුවද ජනතාව අධිකව ජීවත්වන ප්‍රදේශවලටද, අඩු ජනතාවක්‌ වෙසෙන ප්‍රදේශවලටද ගාස්‌තු සාමානය. බස්‌ රථයක මගීන් කීදෙනකු ගමන් කරනවාදැයි නිශ්චය කර මේ ගාස්‌තු සාදා නැත. එබැවින් මේ චක්‍රය විෂමකාරීය. බස්‌ හිමියන්ට මිස ජනතාවට ඉන් වාසි ඇති නොවේ. අනෙක්‌ අතට මේ ආකාරයට බස්‌ ගාස්‌තු ඉහළ ගියහොත් ජනතාවට සල්ලි බෑගයක්‌ සමඟ බසයට නගින්නට සිදුවනු ඇත.

    ලොව ඕනෑම රටක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරේ. එහෙත් අපේ රටේ තරම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දින වෙනස්‌වන රටක්‌ නැති තරම්ය. සීමිත ආදායමක්‌ ඇති ජනතාවටත් මිලදීගත හැකි මට්‌ටමට අත්‍යවශ්‍ය ආහාර මිල තබාගෙන ඉහළ ආදායම්ලාභීන්ගෙන්, ඉහළ නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් වැඩි බදු අය කෙරෙන දියුණු රටවල බදු ප්‍රතිපත්තියට දැන්වත් අපේ රට යා යුතුව තිබේ.

    වෙළෙඳ ඇමැතිවරයා පවසන්නේ බඩු මිල වැඩි යෑයි විපක්‌ෂය කෑ මොර දුන්නද ජනතාවට එය ගැටලුවක්‌ නොවන බවයි. පවත්වන සෑම මැතිවරණයකින්ම රජය ජයගන්නේ ඒ නිසා යෑයි වෙළෙඳ ඇමැතිවරයා පවසයි. එහිද යම් සත්‍යයක්‌ තිබිය හැක. එහෙත් බඩු මිල සම්බන්ධයෙන් නම් මේ රජයට හොඳක්‌ කියන අය නම් සොයාගන්නට අසීරුය.

    අද වන විට රජය සිතු සිතූ දේ කරන තත්ත්වයකට පත්ව තිබේ. තුනෙන් දෙකක අසීමිත බලය මීට අවස්‌ථාව ලබාදී තිබේ. රටම විරුද්ධ වන පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අද රජය විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්නට යයි. මේ පනතට හොඳක්‌ කියන කිසිවකුත් අපට හමුවී නැත. එහෙත් බලය ඇති සියල්ලමත්, තුනෙන් දෙකක බලයත් හමුවේ ජනතා පරමාධිපත්‍ය යට වී තිබේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,530
    113
    එදා ඡේ. ආර්. ජයවර්ධන රජයට හයෙන් පහක බලයක්‌ තිබිණි. රටම විරුද්ධ වෙද්දී ඕනෑම දෙයක්‌ සම්මත කරගන්නට එදා පාලකයෝ කටයුතු කළහ. ඒ දාහත් අවුරුදු පාලනයේ රඟට ජනතාව තවමත් පිළිතුරු දෙන්නේ දිගින් දිගටම ඔවුන්ට පරාජය අත්කර දෙමිනි. එදා එම පාලනයේ අග්‍ර පුරෝහිතලා මෙන් සිටි ප්‍රබල ඇමැතිවරුන්ට හා ඇතැමුන්ට අද ප්‍රාදේශීය සභාවක, නගර සභාවකවත් මන්ත්‍රීධුරයක්‌ පවා අහිමිවී තිබේ. බලයේ හැටි එහෙමය. අයථා ලෙස බලය පාවිච්චි කරන්නන්ට බලය නැති වූ විට පව් පඩිසන් දෙන්නේ පොලියත් සමඟය. මේ රජයටත් දැන් වසර දාහතකි. මේ දාහත් වසර තුළ කරන කියන දේ ජනතාව මතකයේ තබාගනිති. කවර බලයක්‌ තිබුණද අසාධාරණ ආකාරයට ජනතාව පෙලන්නේ නම් එවන් පාලකයන්ට ඒවාට කවදා හෝ වන්දි ගෙවන්නට සිදු වේ. සියලු බලයන් එක්‌තැන් කළද ජනතා බලය ඒ සියල්ලට වඩා වැඩි වන අවස්‌ථාවක්‌ තිබේ. අසීමිත බලය භුක්‌ති විධි ඇතැමුන්ට වර්තමානයේ සිදුව ඇති දේ පිළිබඳව හරිහැටි සිතුවහොත් ජීවිතය කෙබඳුදැයි, බලය කෙබඳුදැයි ඕනෑම කෙනකුට සිතාගත හැක.

    ලොව කිසිදු රටක නැති වරප්‍රසාද රාශියක්‌ අපේ රටේ මන්ත්‍රීවරු, ඇමැතිවරු නොමිලේ භුක්‌ති විඳිති. මේ ක්‍රමය වහා වෙනස්‌ කළ යුතුය. මෙරට සියලුම දේ මිල ඉහළ ගියද සාමාන්‍ය ජනතාවගේ ආදායම හෝ වැටුප වැඩිවී නැත. රැකියා විරහිත ප්‍රමාණය විශාලය. ඔවුන් ජීවත්වන්නේ කෙසේද?

    හොරකම්, මිනී මැරුම් එන්න එන්නම ඉහළ යන්නේ මේ නිසාය. නිසි ආදායම් නොමැතිවීම නිසා ගණිකා උවදුර වැනි සමාජ ප්‍රශ්න පවා වර්තමානයේ වැඩිවෙමින් පවතී. මේ තත්ත්වය බරපතල ගැටලු ගණනාවකට ඉදිරියේදී හේතුවනු ඇත.


    Code:
    http://www.divaina.com/2011/05/08/feature08.html
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගමේ මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ බං..මොකද කෑමට බීමට කියල එහ මිනිස්සු වැඩි දෙයක් කැඩෙන ගන්නේ නැහැ..ගොඩක් දේවල් වත්තේ පිටියෙන් හොයාගන්නේ.ඔය අමාරුව සහ දුඋෂිත පාලනයේ ප්‍රතිපල තදින්ම දැනෙන්නේ නගරබද මිනිස්සුන්ට..අර මිනිස්සු ඉතින් අනේ පාරට කොන්ක්‍රීට් වැටෙනවනේ,එයාර්පෝට්,වරායවල් හැදෙනවනේ කියල චන්දෙ දෙනවා.ඔය මිනිස්සු ටිකටත් ඇත්ත තේරෙනකන් බලන් ඉන්න වෙනව ඉතින්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,530
    113
    ගමේ මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ බං..මොකද කෑමට බීමට කියල එහ මිනිස්සු වැඩි දෙයක් කැඩෙන ගන්නේ නැහැ..ගොඩක් දේවල් වත්තේ පිටියෙන් හොයාගන්නේ.ඔය අමාරුව සහ දුඋෂිත පාලනයේ ප්‍රතිපල තදින්ම දැනෙන්නේ නගරබද මිනිස්සුන්ට..අර මිනිස්සු ඉතින් අනේ පාරට කොන්ක්‍රීට් වැටෙනවනේ,එයාර්පෝට්,වරායවල් හැදෙනවනේ කියල චන්දෙ දෙනවා.ඔය මිනිස්සු ටිකටත් ඇත්ත තේරෙනකන් බලන් ඉන්න වෙනව ඉතින්.

    :yes::(