බඩේ ලෙඩට උදව්වක්...

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බඩේ ලෙඩට උදව්වක්...

    එළකිරි සාමාජිකයන් ගෙන් අවසරය්. මම මෙතනට පැමිණියේ උදව්වක් ඉල්ලා ගනීමටය්.:yes:

    මම forum එකට join උනේ ලඟදි. මේ මගේ පලවෙනි thread එක. මට ඇති වෙලා තියෙන සෞඛ්ය ගැටළුවක් සම්බන්දයෙන් උදව්වක් ඉල්ල ගන්නය් මේක දාන්නෙ. මීට මාස 8/9 කට විතර කලින් මට පොඩි බඩේ අමාරුවක් ආවා. බඩේ පොඩි තද ගතියක් එක්ක බඩ පුරවලා දාලා වගේ ගතියක් මුලදී තිබ්බෙ. දවස් දෙක තුනක් බලලා හරියන පාටක් නැති නිසා මම ගියා අපේ පැත්තෙ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්න. විස්තරේ කිව්වම දොස්තරත් ඉතින් මොනවද පෙති වගයක් දුන්නා. ෆාමසියෙන් ගන්න එක ජාතියක් ලියලත් දුන්න. Nexpro40 වගේ නමක් මට මතක විදියට. google කරලා පොඩි search එකක් දාලා බැලුවා බෙහෙත ගැන. එක මේ ගැස්ට්ර්ය්ටිස් වලට දෙන එකක්. මමත් හිතන් හිටියෙත් මට හැදිලා තියෙන්නෙ ගැස්ට්ර්ය්ටිස් වගේ මොකක් හරි එකක් වෙන්න ඇති කියල. ඩිස්පෙන්සරිදීම දුන්න අනිත් පෙති නම් මොනවද දන්නේ නෑ. කොහොමහරි දවස් දෙක තුනක් බෙහෙත් බිව්වත් හරි ගියේ නෑ. තද ගතිය එහෙමමය්. අලි මදිවට හරක් කියල හැමදාම රෑ 8 ට විතර උහුලන්න බැරි බඩේ කැක්කුමකුත් ඊට පස්සේ එන්න ගත්තා. බෙහෙත් ගත්තට පස්සේ ඒක ආපු නිසා මම බෙහෙත් බොන එක නැවැත්තුවා. ඒ වෙනුවට යෝගට් එහෙම කන්න ගත්තා. ඒවා ගැස්ට්රය්ටිස් වලට හොඳය්ලුනේ. ඒත් මොකුත් සහනයක් නෑ. අර බඩේ කැක්කුම කලින් තිබුනට වඩා දරුණුවට එන්න පටන්ගත්තා.

    බැරිම තැන ගියා අපේ ගමේ ආයුර්වේද රෝහලට. එකේ දොස්තර කෙනෙක් විස්තර අහලා කසාය, කුඩු වගයක් දුන්නා. තව ආයුර්වේද පෙති වගයක් ලියලා දුන්නා කසාය අරවා මේවා දවස් තුනක් විතර බීලා අඩු උනේ නැත්නම් පෙති ටික අරගන්න කියලා. කිව්ව විදියට කසාය වලින් හරිගියේ නෑ. ෆාමසියෙය්, සිංහල බෙහෙත් කඩවලය් අර පෙති තිබ්බෙ නැති හින්දා දොස්තරට call කරලා කිව්වම එයාගේ චැනලින් සෙන්ටර් එකට එන්න කියලා පෙති ටික දීලා සතියකින් විතර ආයෙ එන්න කිව්වා. ඒ සතියෙ කිව්ව විදියට මම පෙති ටික අරගත්තා. බඩේ තද ගතිය, පිරිච්ච ගතිය අඩු වෙලා ගියත් අර සැරින් සැරේ එන බඩේ කැක්කුම නම් නැවතුනේ නෑ.

    එත් බඩේ කැක්කුම එන්න හේතුව මම අල්ල ගත්තා. කිරි තමය් සීන් එක. කිරි තියෙන මොනවා හරි කෑමක් අර ගෙන පැයකට දෙකකට විතර පස්සෙ ඔය බඩේ කැක්කුම එනවා. මම හවස හයට හතට විතර කිරි එකක් ගහනවා. එක හින්දා තමය් හරියට නැකතට රෑ අටට විතර බඩ රිදෙන්න ගන්නෙ. ඒක නම් යන්තම් ඉවසගෙන ඉන්න පුළුවන්. එත් යෝගට් එකක් එහෙම කෑවට පස්සෙ එන කැක්කුමට නම් තරු පේනවා. බඩ ඇතුල ගිනි තිබ්බා වගේ. මුළු සර්වාංගෙම තෙත් වෙන්න දාඩිය දාලා උන්හිටි තැන අමතක වෙනවා ඒ එන කැක්කුමට. බඩක් නැතුව උපන්න නම් හොඳය් කියල හිතෙන්නෙ ඒ වෙලාවට. කොහොම හරි අර ආයුර්වේද දොස්තරට සීන් එක කිව්වම කිරි ආහාර ගන්න එපා කියලා තව එක එක බෙහෙත් වගයක් දුන්නා. මී පැණි, ඉඟුරු ඉස්ම එහෙම දාල ගෙදරදී හදාගන්න බෙහෙත් වගයකුත් ලියලා දුන්න. ඒවට නම් බඩ සෑහෙන්න සැහැල්ලු උනා. කෑම රුචිය එහෙමත් වැඩි උනා. එත් මාස දෙකක් විතර බෙහෙත් කලත් කිරි බිව්වම බඩ රිදෙන එක හරි ගියෙ නෑ. ඒ හින්දා එයාගෙන් බෙහෙත් ගන්න එක අල්ලලා දැම්මා.

    මේ මාස නමයටම කිරි තියෙන මොකක් වත් කෑවේ නෑ. ලඟදි ටෙස්ට් කරලා බලන්න කිරි කෝපි එකක් බිව්වා. ම්හු, එත් ටිකකින් බඩ රිදෙන්න ගත්තා. මාසෙකට විතර කලින් ගියා කාය්ක රෝග විශේෂඥ දොස්තර කෙනෙක් ලඟට. මිනිහ නම් කිව්වෙ ඇලර්ජි එකක් කියල. බෙහෙතක් නෑ කිව්ව. මම මස් මාළු කන්නෙත් නෑ කියල කිව්වම මල්ටි විටමින් එකක් ලියලා දුන්න. එච්චරය්. අරගෙන ආවා ඉතින්.

    ඕක තමය් සම්පූර්ණ සිද්ධිය. දිගට විස්තර කරලා දැම්මේ කිරියේ දොස්තර කෙනෙක් හරි මේක දැක්කොත් මොනව හරි වැදගත් උපදෙසක් දෙය් කියලා. නැත්නම් මෙහෙම කිරි සම්බන්දව ලෙඩක් තිබිලා සුව කරගත්ත කවුරු හරි එළකිරි සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නව නම් මොනවද කරපු ප්රතිකාර , කව්ද ප්රතිකාර කරපු වය්ද්යවරයා කියල මට කියන්න. ලොකු උදව්වක්. මස් මාළු කන්නෙත් නැති හින්දා කිරි නැති එක මගේ පෝෂනේට ටිකක් අවුල්.:baffled:

    දිගට දැමූ thread එක කියවූවාට ස්තූතිය්. උපදෙසක් පිලිබඳව බලාපොරොත්තුවෙන් සිටිමි.:love: