බඩ_අඩු_කරගන්න

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    විශ්වාස කිරීමට පවා අපහසු ලෙස උදර මේදය දහනය කරන විශ්මිත පානයක්.

    images

    සරල සහ වේගවත් ක‍්‍රමයක් මගින් ශරීරයේ අමතර බර අඩුකරගැනීමට තමයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ. ඔබත් සොයන්නේ එවැනි විසඳුමක් නම් මෙම පානය ඔබට ඉතාමත්ම උපකාරී වේවි. පහසුවෙන් සකසාගත හැකි මෙම පානය මගින් ශරීරයේ තැන්පත්ව ඇති මේදය කෙටි කලක් ඇතුලත දහනය කරගන්නට ඔබට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ නින්දට යන්නට පෙර මින් ස්වල්පයක් පානය කොට, ඉන් පසුව කිසිවක් අනුභව නොකර සිටීම පමණයි.

    අන්නාසි

    අවම කැලරි අගයකින් සමන්විත අන්නාසි වල බහුලවම තන්තු අන්තර්ගත වී තිබෙන නිසා, ආහාර රුචිය මර්දනය වෙන අතර බොහෝ කාලයක් ඔබව සන්තෘප්තව තබනවා. නැවුම් අන්නාසි වලට මේදය දහනය කිරීමේ ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ හැකියාවක් ඇති අතර, ශරීරයේ ස්වභාවික විෂහරණ ක‍්‍රියාවලියට උදව් වීමේ සුවිශේෂී හැකියාවක්ද තිබෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ප්‍රෝටීන් බිඳහෙලීමේ හැකියාවකින් සමන්විත බ්රොමිලේන් කියන එන්සයිමය අන්නාසි වල අන්තර්ගතව තිබෙන නිසා ජීරණය වැඩිදියුණු කිරීමේ හැකියාවක්ද ඊට තිබෙනවා.

    ප‍්‍රතිඔක්සිකාරකයන් ගෙන් , විටමින් සී වලින් සහ ඛනිජ වලින් පොහොසත් පළතුරක් ලෙසද අන්නාසි හඳුන්වන්නට පුළුවන්. ඊට ආතරව, ශරීරය කුපිත කරවන ප‍්‍රදාහක තත්වය සමනය කිරීමේ හැකියාවක්ද අන්නාසි වලට තිබෙනවා.

    නිවිති

    අන්නාසි වල මෙන්ම නිවිති වලද ඇත්තේ අවම කැලරි අගයකි. උදාහරණයක් ලෙස දක්වනවානම්, නැවුම් නිවිති කෝප්පයක අන්තර්ගත වන්නේ කැලරි 7ක් පමණයි. අඩු කැලරි ප‍්‍රමාණයකින් සහ ඉහල විටමින් සංයුතියකින් සමන්විත නිවිති දිනපතාම අනුභව කරන ලෙස රෝග පාලක සහ නිවාරණ මධ්‍යස්ථානය විසින්ද නිර්දේශ කර සිටිනවා.

    පැගිරි පලතුරු

    ලෙමන්, දොඩම්, ගේ‍්‍රප්පෘට්, පේර, තක්කාලි සහ ජවනාරන් වැනි පලතුරු වල විටමින් සී සහ තන්තු බහුලවම අන්තර්ගත වී තිබෙන නිසා ශරීරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා.

    ඉහත සඳහන් කරන ලද සියල්ල එකට මිශ‍්‍රකොට දිනපතා පරිභෝජනය කරනවානම් ශරීරයේ බර අඩුකරගන්න එක අපහසු කටයුත්තක් නොවෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති. එම පානය පරිභෝජනය කිරීමෙන් පසුව කිසිවක් අනුභව නොකළ යුතු අතර, දවස පුරාවට අඩුම තරමේ වතුර ලීටර් 3ක් වත් පරිභෝජනය කිරීමටද හොඳින් මතක තබාගන්න.

    අවශ්‍ය කරන ද‍්‍රව්‍ය

    දෙහි ගෙඩියක යුෂ
    අන්නාසි කෝප්ප තුන් කාලක්
    නිවිති කොළ අහුරක්

    සකසා ගන්නා ආකාරය

    සියලූ අමුද‍්‍රව්‍ය ඇඹරුම් යන්ත‍්‍රයකට එකතු කොට, එය සිනිඳු මිශ‍්‍රණයක් බවට පත්වෙන තුරු හොඳින් අඹරාගන්න. එම මිශ‍්‍රණය තරමක් තුනී කරගැනීමට අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරගත්තාට වරදක් නැහැ.​

    ඉස්සුවේ මෙතැනින්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොකද්ද බන් එකෙක් කියනවා වැඩිය වතුර බොන්න එපා කියලා මේකේ තියෙනවා බීපන් කියලා. :(
    අනි එළකිරි. :baffled:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මොකද්ද බන් එකෙක් කියනවා වැඩිය වතුර බොන්න එපා කියලා මේකේ තියෙනවා බීපන් කියලා. :(
    අනි එළකිරි. :baffled:

    අනේ මන්ද ??මටත් පැටලිලා වගේ මචන් ....බොන දවසට බොනවා නැති දවසට ටිකක් අඩුවෙන් පෙවෙනවා ...ඉතින් balance වෙයිනෙ :rofl: