බණ්ඩාරණායකට එරෙහි විශ්වාසභංගය

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බණ්ඩාරණායකට එරෙහි විශ්වාසභංගය

    විශ්වාසභංගය යන වචනය නොදන්නා කෙනෙක් නැති තරමට මේ දිනවල ලංකාවේ විශ්වාසභංගය යන සංකල්පය ප්‍රචලිතවී ඇත. එයට හේතුවූයේ පසුගිය සමයේ අලුතෙන් පත්කල රජයට සහ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය හා සම්බන්ධ සිදුවීම් මාලාව නිසා විය හැකිය.

    ලෝක ඉතිහාසයේ විශ්වාසභංගයක් පිළිබඳ මුල්ම සාක්ෂිය ලැබෙන්නේ 13 වැනි සියවසේදීය. බ්‍රිතාන්‍ය රාජ්‍යයේ බැරන්වරයෙක් වූ විලියම් ලැට්මිෂ්ට් ට එරෙහිවය. එහෙත් 1742 විශ්වාසභංගයක් නිසා තනතුර අහිමිවූ බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරයා වූ රොබට් වොලේපාල් සම්බන්ධ සිදුවීම පවතින විශ්වාසභංග යෝජනා ක්‍රමයට හොඳම නිදර්ශනයකි.

    ලංකාවේ දේශපාලන ඉතිහාසයේත් විශ්වාසභංග යෝජනා ගණනාවක් ගැන මතකයේ ඇත. එයින් 1957 වර්ෂයේ එවකට අගමැති දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ලංකා ඉතිහාසයේ පළමුවැනි විශ්වාසභංග යෝජනාව ලෙස සැලකිය හැකිය. නමුත් එම යෝජනාව පරාජයට පත්වූ අතර එයට පක්ෂව ලැබුණේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල මන්ත්‍රීවරයාගේ ඡන්දය පමණකි. බණ්ඩාරණායකට පක්ෂව ඡන්ද 45ක් ලැබී තිබිණි.

    නැවත වතාවක් 1975 දී එවකට අගමැතිණි දිවංගත සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියට එරෙහිව එම මැතිණියගේ සමගි පෙරමුණු රජයේ පාර්ශවයක්ව සිට වෙන්වූ සම සමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමගින් එක්ව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 57කින් ජයගැනීමට අගමැතිණිය සමත්විය. එයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 43ක් පමණි.

    පසුගිය අප්‍රේල් මාසයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව මෙරට ඉතිහාසයේ අගමැතිවරයෙක්ට එරෙහිව ගෙන ආ තෙවැනි විශ්වාසභංග යෝජනාව වූ අතර එයද අගමැතිවරයාට පක්ෂපාතීව ජයගනු ලැබීය.

    එහෙත් පසුගිය දා පාර්ලිමේන්තුවේදී ගෙන එනු ලැබූ අගමැතිවරයෙක්ට එරෙහි 4 වැනි විශ්වාසභංග යෝජනාව වන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී ජයගත් අතර ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවරයෙක් විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වන්නේ එම අවස්ථාවේදීය.

    ලංකා ඉතිහාසයේ මේ වනවිට විශ්වාසභංග යෝජනා අවස්ථා 48කදී ගෙනඑනු ලැබී ඇති අතර, එයින් 4ක් අගමැතිවරුන්ට එරෙහිවය. තවත් ආණ්ඩුවලට එරෙහිව යෝජනා 24ක්, ඇමතිවරුන්ට එරෙහිව 13ක්, කථානායකවරුන්ට එරෙහිව අවස්ථා 6ක්, විපක්ෂනායකවරුන්ට එරෙහිව එක් අවස්ථාවක් විශ්වාසභංග යෝජනා ඉදිරිපත්කර ඇති අතර එයින් අති බහුතරයක් අවස්ථාවලදී එම යෝජනාවන් පරාජයට පත්ව ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: barath dpriye