බණ්ඩා සහ බංදු............

Mar 16, 2012
310
132
0
බණ්ඩා සහ බංදු............

මචන් ෆේස් බුකියෙන් ඉස්සුවෙ සුපිරියටම තියෙන නිසා කොපි කරල දාන්න හිතුන එලකිරියට......

c0204_S(1).jpg


z_p03-GCE.jpg


අය්යා-
සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
පඩි නුවණින් පැන විසඳන හන්දා
බණ්ඩට මම වැන්දා


නංගී-
අය්යා කීවා මට හරි නෑ
බන්දූ බණ්ඩට වැඩිය අගේ
නිතරම අප ගැන වෙහෙසන හන්දා
බන්දුට මම වැන්දා


අය්යා-
නංගී එය හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
බණ්ඩා දුක් වින්දා


නංගී-
පේපර් බාගෙට දෙන්නේ ය
ඒකෙම උත්තර ඇත්තේ ය
ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
නා ගන්නෙත් බන්දුයි


අය්යා-
මයික් වලට මොනවා කිවුවත්
බන්දූ කොපමණ උඩ පැන්නත්
බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
කවුරු කෝම කිවුවත්


නංගී-
අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
කට ඇරියොත් නම් බඩුම තමයි
බන්දුගෙ සත පහ මූණේ ලස්සන
දැක්කම සිරියාවයි


අය්යා-
නංගී සත පහ ලස්සන ද
ටොපියක්වත් කන්නට හැකිද
එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
ලස්සන සත පහ ද?


නංගී-
අපි මෙය දැන් බේරා ගනිමූ
සිරි අය්යාගෙන් ගොස් අසමූ
බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
එතකොට සිරි අය්ය කියයි

අය්යා-
ඔව් ඔව් මම ඒකට කැමතියි
සිරි අය්යලා මේවා දනිතී
යමු යමු නංගෝ යමු යමු නංගෝ
සිරි අය්යා ළඟටා


දෙන්නම-
සිරි අයියේ කරුණක් අසමී
බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අය්යා අප හට
බේරා දෙනවා ද?


සිරි අයියා-
බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොරු ය කියා


*ආයෙමත් කියන්නෙ මචන් මේක මගෙ නිර්මාණයක් නෙමෙයි සුපිරියටම කරල තියෙන නිසා සියලු අගය කිරීම් ඔහුට යා යුතුමය

"නැව ගිලුනත් බෑං චූං"
 

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
    බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොරු..:yes::yes: