බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි ක&#35

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි ක&#35

    කට කොකියනවට

    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි කීවත් වැරදියි
    Bandula%20Gunawardena%20N%20S%20B%20Dissanayake%20DP.jpg


    [4]


    බූන්දි| බ්‍රහස්පතින්දා, ජූලී 26, 2012| 11:13:35

    අය්යා-
    සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
    ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
    පඩි නුවණින් පැන විසඳන හන්දා
    බණ්ඩට මම වැන්දා

    නංගී-
    අය්යා කීවා මට හරි නෑ
    බන්දූ බණ්ඩට වැඩිය අගේ
    නිතරම අප ගැන වෙහෙසන හන්දා
    බන්දුට මම වැන්දා

    අය්යා-
    නංගී එය හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
    බණ්ඩා දුක් වින්දා

    නංගී-
    පේපර් බාගෙට දෙන්නේ ය
    ඒකෙම උත්තර ඇත්තේ ය
    ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
    නා ගන්නෙත් බන්දුයි

    අය්යා-
    මයික් වලට මොනවා කිවුවත්
    බන්දූ කොපමණ උඩ පැන්නත්
    බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
    කවුරු කෝම කිවුවත්

    නංගී-
    අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
    කට ඇරියොත් නම් බඩුම තමයි
    බන්දුගෙ සත පහ මූණේ ලස්සන
    දැක්කම සිරියාවයි

    අය්යා-
    නංගී සත පහ ලස්සන ද
    ටොපියක්වත් කන්නට හැකිද
    එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
    ලස්සන සත පහ ද?

    නංගී-
    අපි මෙය දැන් බේරා ගනිමූ
    සිරි අය්යාගෙන් ගොස් අසමූ
    බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
    එතකොට සිරි අය්ය කියයි

    අය්යා-
    ඔව් ඔව් මම ඒකට කැමතියි
    සිරි අය්යලා මේවා දනිතී
    යමු යමු නංගෝ යමු යමු නංගෝ
    සිරි අය්යා ළඟටා

    දෙන්නම-
    සිරි අයියේ කරුණක් අසමී
    බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
    කරුණාවෙන් සිරි අය්යා අප හට
    බේරා දෙනවා ද?

    සිරි අයියා-
    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
    බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොරු ය කියා
    Iwarayi.jpg



    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා