බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලා&

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලා&

    අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. ඒත් ප්‍රශ්න තියනවා නම් මම ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු දෙනවා.

    අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.

    මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ.

    දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව.
    ඔව් ඔබ අහලා තියනවද?
    ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
    ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.

    නියමෙට තියෙන්න ඇති නේද????????

    ඒත් ඇයි මෙහෙම කරන්නේ.
    ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර.

    මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles)

    ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.

    මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.

    කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.

    නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.

    ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.

    එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?

    ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?

    ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.

    මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?

    අපි මේ දැණුම ඇයි දැන් පාවිච්චි නොකරන්නේ?

    මේක කවද හරි සුද්දෝ පරීක්ෂන කරලා ගම්මිර්ස් ක්‍රීම් එකක් හදලා ලංකාවට එව්වොත් අපි පැනලා කරයි නේද?

    එහෙනම් අපි මේවා සුද්දන්ට කියලා දෙමුද ඉක්මනට ?

    එතකොට මේ ලෝකෙ මෙවැනි රෝග වලට උදව්වක් වෙයි නේද?


    මෙහෙම කියන මම වෙද මහතෙක් නොවෙමි මෙය මට ඊමෙල් පණිවිඩයකින් ලැබුනු දෙයකි එම නිසා ඔබලා අසන පැන වලට උත්තර දීමට මම නොදනිමි
     

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    ඔයා කියන කතාව සම්පූර්න ඇත්ත.. අපේ පාරම්මරික බෙහත් රාශියක් තියෙත්දි තමයි අපේ කට්ටිය ඉංග්‍රිසි බෙහත් පස්සෙ දුවන්නේ.

    අදාල රාජ්ය ආයතන මගින් මේවා ගැන දැනුවත් කරන්න ඕන. වෙන්නේ දවසින් දවස ඕවා වැලලිලා යන එක ...

    rep+
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අදහස් දක්වපු රෙප් දීපු ඔක්කෝටම ස්තුතියි යාලුවනේ :yes::yes::yes::yes:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අපේ පාරම්පරික වෙදකම ඒ තාක්සනය ගැන කොන්ද කෙලින් ඇතුව කතා කරන්න පුළුවන් උදවිය අද නෑ..
    අවුරුදු 4 ක් මගේ තිබ්බ කකුලේ අමාරුව පත්තු 2 kin hoda wna..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔයා කියන කතාව සම්පූර්න ඇත්ත.. අපේ පාරම්මරික බෙහත් රාශියක් තියෙත්දි තමයි අපේ කට්ටිය ඉංග්‍රිසි බෙහත් පස්සෙ දුවන්නේ.

    අදාල රාජ්ය ආයතන මගින් මේවා ගැන දැනුවත් කරන්න ඕන. වෙන්නේ දවසින් දවස ඕවා වැලලිලා යන එක ...

    rep+

    sira machan ape beheth warga onatharam thiyanwaa ingrisi beheth walata wada hodha
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    හොද පෝස්ට් එකක් බන්.. අපේ කමට මුල් තැන දුන්න නිසා රෙප්...:yes::yes:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මට අපේ ආච්ච් කියලා තියෙනවා... ඔවට පොඩි කලේ.
    ගම්මිරිස් පිබලා. යකො තේව හදලා තියේන්නේ කියාලා.....
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මට අපේ ආච්ච් කියලා තියෙනවා... ඔවට පොඩි කලේ.
    ගම්මිරිස් පිබලා. යකො තේව හදලා තියේන්නේ කියාලා.....

    එහෙනම් උම්බට බබාලා ෂුවර් :P:P:P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ මෙඩිකල් ෆීල්ඩ් එකේ සර්විස් එක අවු.23ක් වෙනවා!! සහුගිය අවුරුදු 5ක විතර කාලයක් මම ගැස්ට්‍රයිටිස් නිසා වද වින්දා!! තියන බටහිර ප්‍රතිකාර සියල්ලම වගේ කරා!! හරි ගියේ නෑ!! නමුත් දැන් මාස 6කට විතර කලින් දේශීය ඖෂධයක් භාවිතා කලා!! දින කීපයකින් තත්වය සමනය වුනා!! මිරිස් එහෙම වැඩැපුර කාලා යලි නැවත බඩේ දැවිල්ලක් එන විට එක් වරක් ඒක බීපු ගමන්ම වගේ දැවිල්ල හොද වුනා!!

    මම හෘද ශල්‍යාගාරයක වැඩ කරන අතර මෙහෙ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩළයේ බොහෝ දෙනෙකුට කැස්ස, හෙම්බිරිසාව, අජීර්ණ වගේ සුලු තත්ව වලදී දේශීය ‍ඖෂධ භාවිතයට අපි හුරු කර තිබෙනවා!!
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රෙප් දීපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි යාළුවනේ :yes::yes::yes: