බදියුදීන් ඒකාබද්ධ විපක්ෂය හා එක් වී


lankacnews com**
වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන්නැයි ආරාධනාවක් එම පාර්ශවයෙන් ලැබී ඇතැයි රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.
බදුර්දින් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අලවතුවල මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී ඊයේ රාත්‍රියේ පැවති වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.
කෙසේ වෙතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කර ඇත්තේ අන්තවාදී මත දරන ඇමතිවරුන් තමන් පිහිටුවන ආණ්ඩුවට එක් කර නොගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ පැවසුවේ බදුයුදීන් මහතා සමග ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.



