මාර කෙලියක්නෙ මේක, දැනටමත් අපි නමදාස් ගානක් පේයී ටැක්ස් ගෙවනවා අපෙ පඩියෙන්, ඊට පස්සෙ අපි ගන්න හැම භාණ්ඩයකටම, සේවාවකටම තව ටැක්ස් ගනනාවක් එකතු වෙනවා. ඒ ඔක්කොම ගෙවලා දැන් මේකත් ගෙවන්නද කියන්නෙ.
එක්කො මේ තියන සංකීර්න බදු ක්රමය අයින් කරල රජයෙ, පුද්ගලික හැමෝම යටත් වෙන සරල බදු ක්රමයක් ගේන්න ඕනේ.
ඒ වගෙම බදු ක්රමයෙන් සහන දෙන්න ඕනෙ රටේ ලේ බොන කූඩල්ලන්ට නෙවෙ, රටට විදෙශ විනිමය, වාසි ගෙනෙන මිනිස්සුන්ට, උදාහරනයකට : අපෙ මැද පෙරදිග ගිහින් මැරීගෙන වැඩ කරන සොරුරියන්ට, ඇඟලුම් කර්මාන්තයෙ අයට, අඩුම ගානෙ ඒ වගෙ රටට සල්ලි හොයන මිනිස්සුන්ට 5%-10% දීපන් තීරු බදු සහනයක් වත්, අඩුම ගානෙ ඒ මිනිස්සු කරපු සේවෙට අඩු ගානට බයික් එකක්, ත්රී විල් එකක් ගනියි, මොකෝ ඒ අය ප්රාඩෝ ගන්නවයැ.
තව උදාහරනයක්, මම වැඩකරන ආයතනය සියලු ආදායම එන්නෙ විදේශ විනිමය වශයෙන්, අපේ අයගෙ ඇවරෙජ් සැලරි එක අඩුම ලක්ශයක් මිසක් ඊට වඩ අඩු නෑ, බර ගානක් වැඩ කරනවා, ඒත් 100 විතරක් වැඩකරනවා කියල විතරක් හිතුවත්, අපි අඩුම ගානෙ රු. කෝටියක් හැම මාසෙකම පඩි විතරක් අපෙ රටට ගේනවා. මොනවද අපිට හබ්බවෙන්නෙ, තව ටැක්ස්, හැබයි මුකුත් නොකරන කස්ටියට ටැක්ස් ෆී…, වෙහිකල් පර්මිට්ස්.. ඔක්කොම. හිනා වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ
මෙතන බොරුවට දේශපාලන්යයොත් බදු වලට යටත් කර කියල කියන්නෙ පොඩි අයිසින් පාරක්, මොකෝ ඔය මිනිස්සු හම්බ කරන්නෙ පඩියෙන්ද ජීවත් වෙන්නෙ, ජනදිපතිටම තියෙන්නෙ ලක්ශයක් විතර පඩියක්, පහසුකම් ඇර, එතකොට ඊට වඩා අඩුවෙන් ගන්න ඇමතියො කෝටි ගනන් දෙපල හම්බ කරන්නෙ කොහෙන්ද, දෙවිදියයි, ඒ හරි සහ වැරදි කොමිස් වලින්. ඒගොල්ලන්ගෙ පඩියෙන් ටැක්ස් නෙවෙ මුලු පඩියම ගියත් ගානක් නෑ, ඕනනම් බොරුවට සද්දයක් දායි.
ඇමතිල අත අරින්න, දැන් ඔය සජිත් මන්ත්රී තුමා, ඔය දාගෙන පංසල් පල්ලි වලට බෙදන්නෙ එයාගෙ පඩියද? එයාගෙ එක මාසෙක මුලු පඩියම වියදම් කරත් එයාට දෙන්න පුලුවන් එක පංසලකට හෝ පල්ලියකට හෝ කෝවිලකට විතරයි.