බදු_ගෙවීම සමාජ වගකීමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බදු_ගෙවීම සමාජ වගකීමක්

    බදු ගෙවීම ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව සමාජ වගකීමක් ලෙස සැලකිය යුතුයි
    October, 18, 2018


    55b04c9d42d1a7040dcbd7f1c3f937ca_XL__1539861291_58.153.154.154.jpg


    බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබාදෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    එසේ ම නව දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබා දීම සඳහා විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි ද මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීවරුන්ගේ සංගමයේ 51 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා -

    “අපි මාස කීපයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ඇතිව ඉතිහාසයේ කවදාවත් නොතිබුණු ඉතාම ශක්තිමත් රාමුවක් සහිත අළුත් දේශීය ආදායම් පනත හඳුන්වලා දුන්නා. අද වෙන කොට මාස කීපයක් තිස්සේ ක්‍රියාත්මක වීමෙන් පස්සේ සංක්‍රාන්ති අවධිය පසු කරලා ඔබලාගේ දෙපාර්තමේන්තුවත්, බදු ගෙවන ජනතාවත් අතර මේ වෙනකොට නව පනත පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වී ඇතැයි මා සිතනවා.“

    “නූතන ලෝකයට ගැළපෙන විදියට අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් සෘජු විදේශ ආයෝජන පවා ආවරණය වන විදියට හඳුන්වා දුන් මේ පනත දිගුකාලීනව රටේ සාර්ව ආර්ථිකයත්, මූල්‍ය ආදායමත් ස්ථාවර කිරීමට ඉවහල් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ පනත සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට තිබුණ දේශපාලන මැදිහත්වීම අයින් වුණා. බදු සහන ලබා දීම සඳහා ඇමැතිවරයාට තිබූ බලතල සීමා වුණා.“

    “විශේෂයෙන්ම මා මීට පෙර කියා සිටි පරිදි රටේ සෘජු සහ වක්‍ර බදු අතර තිබෙන වර්තමාන අනුපාතය 18% ත් 82% අතර වෙනවා. නිදහස ලබන වසර 70ක් ගත වෙලත් මේ අනුපාතය ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් ද? වසර 70කට පෙර අපි ආසියාවේ දියුණුම රටක්. 1965 දී ලීක්වාන් යූ අගමැතිවරයා ඉලක්ක කළේ අපේ රටේ සංවර්ධනය කරා යන්නයි. ලෝකේ හොඳම විශ්ව විද්‍යාල 50 අතරින් දෙකක් අපට තිබුණා.“

    “නමුත් වසර 70කට පස්සේ ඍජු සහ වක්‍ර බදු අතර අනුපාතය 18:82 මට්ටමේ තියෙන්නේ. වක්‍ර බදු 82ක් කියන්නේ එදිනෙදා හාල්, සීනි, පරිප්පු ටික ගන්න ජනතාව තමයි මේ බදු ගෙවන්නෙ. අපේ ඉලක්කය 2020 වෙද්දි මේ අනුපාතය 60:40 විදියට වෙනස් කරන එකයි. ඒ සඳහා සැලස්මක් තිබිය යුතු යි. සැලසුම් ගොඩක් සකස් කරනවා. ලස්සන ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරනවා. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න ගියා ම අසමත්. ඒක අන්තිමට ප්‍රසන්ටේෂන් එකක් විතරක් බවට පත් වෙනවා.“

    “අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ වාර්ෂික ආදායම රුපියල් ට්‍රිලියනය දක්වා ගෙනයන්න ඕනෙ. සමහර ආයතනවල කෝටි ගණන් ටර්න්ඕවර් තියෙනවා. හැබැයි බදු ගෙවන්නේ පොඩ්ඩයි. ඒක ඒ විදියට තියෙද්දි අලුතෙන් වාහනයක් ගත්ත පලියට බදු ෆයිල් අරින්න හදනව කියලත් කියනවා. මේ ගැන කියන්න ගිහින් හිටපු කොමසාරිස් ජනරාල්තුමාට චෝදනත් එල්ල වුණා. මේවගේ දේවල් වුණාම තමයි ෆේක් නිවුස් නිර්මාණය වෙන්නේ. අපි හරියට සැලසුමක් නැතුව වැඩ කළා ම එහෙම ෆේක් නිවුස් හැදෙනවා.“

    “ඒ වගේම අපි අළුත් දේශීය ආදායම් පනත ඉදිරිපත් කරද්දි මුදල් ඇමතිවරයා වෙත කලින් තිබුණු බලතල විශාල ප්‍රමාණයක් ඉවත් කළා. එතුළින් ශක්තිමත් උනේ ඔබලාගේ දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ඔබලාගේ වෘත්තීයමය තත්ත්වයත් බව මං කියන්න කැමතියි. මම කිසිම ආයතනයකට එහෙම කෝල් කරල බලපෑම් කරල නෑ. මගෙ කාටවත් එහෙම කරන්න ඉඩ තියන්නෙත් නෑ.“

    “මීට ඉස්සරින් මුදල් ඇමතිවරු හිතුමනාපෙට තමන්ගේ ඥාති හිතවතුන්ට, ජාවාරම් කරන අයට රාජකාරි බලය පාවිච්චි කරලා බදු සහන ලබා දුන්නා. නමුත් දැන් එවැනි තත්ත්වයන් පිළිබඳව කවුරුත් බිය විය යුතු නැහැ. ඔබතුමන්ලාට රාජකාරිමය ස්වාධීනත්වය හිමිවෙලා තියෙනවා. ඔබ සියළුදෙනාගේ කාර්යක්ෂම දායකත්වය රටට ලබාදෙන්න අපි හොඳ වටපිටාවක් සකස් කරලා දීලා තියෙනවා.“

    “රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී මහා භාණ්ඩාගාරය වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන දායකත්වය ඉතාම වැදගත්. එතනදි අපි බලාපොරොත්තු වෙනවා ආදායම් ඉලක්ක සපුරා ගැනීම තුළින් පමණයි රටේ සාර්ව ආර්ථිකය සාර්ථකව කළමනාකරණය
    කරගත හැකි වන්නේ. ඒ නිසා මහජනතාවට හිරිහැර නොවන විදියට ඒ වගේම රජයේ ආදායම සතුටුදායක ලෙස කළමනාකරණය කළ හැකි බදු ප්‍රතිපත්තියක් අපි ඇති කරගනිමින් ඉන්නවා. බදු ගෙවීම අපරාධයක් ලෙස සලකන්න ඕන නෑ. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර අපි බලා දෙන්නෙ මේ බදුවලින්. ඒ නිසා බදු කියන්නෙ තමන්ගේ ආදායම මංකොල්ලකෑමක් නෙවෙයි. ඒක වගකීමක්. ඒ වගේම මෑතක දී අපි විදේශ සංචාරකයන්ට VAT බදු ප්‍රතිපූරණය කිරීමේ සහනය ලබාදුන්නා.ගුවන් තොටුපළෙන් පිටවෙලා යන කොට සංචාරකයන්ට එම VAT බදු නැවත ලබාදීමේ කාර්යය ඉෂ්ඨ කරන්නේ ඔබතුමන්ලාගේ නිලධාරීන්. ලෝකයේ අනෙක් බොහෝ රටවල්වලත් මෙවැනි පහසුකම් සලසා තිබෙනවා. එම කාර්යය ඉතා ඉහළ ප්‍රමිතියක් ඇතිව රටට ගෞරවයක් ලබාදෙමින් සාර්ථකව ඉටු කිරීමට ඔබ සියළු දෙනාට හැකි වෙතැයි මා සිතනවා.“

    “අවසාන වශයෙන් අද දින පැවැත්වෙන දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරී සංගමයේ මහා සභාවේ කටයුතු සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රජයේ මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා ඔබතුමන්ලා ලබා දෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින් එකට එකතු වී රටේ ආර්ථිකය දියුණු කිරීමට අපි සියළු දෙනාටම හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද ඇමැතිවරයා පැවැසීය.

    News.lk
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    baandagaraya his karanne nathuwa! anwashya rata sawari gihilla mudal nasthi karanne natuwa, anwashya party daanne nathuwa, anwashya moda viyapruthi walata salli yata karanne nathuwa, chande ganna padi wadi karala denawa kiyala porondu wela janathawage mudal walin padi wadi karala denne nathuwa mudal hariyata kalamanakaranaya karala rata diwunu karana eka deshapalakayange wagakima
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    badu mudal hariyata kalamanakaranaya karala rata diwunu karana eka deshapalakayange wagakima

    සිරාගේ හැත්ත බුරුත්ත එක්ක මුකුත් කරන්න බැහැ.මරත් එක්ක හිටිය උන් නේ.වියදම වැඩියි,හොරකම වැඩියි..උන්ව එලවලම දාන්න ඕන 2020.:yes:
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    yanna lakza 300ka vahanayak madi kiyana minister inna rataka thopita lajja nada hutto minissunta ova kiyanna
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mara kiyanne karima vesiga puthek.dara ponnayek.vesa ballek.ekava example ekak kara ganna epa.okata sapa deela thiyagena inne thope anduven neda.

    ඌට මොන සැපක්ද.අර ඉන්නේ වේලි වේලි.ආරක්ෂාවත් නැහැ කියලා ළගදී ඇඩුව දැක්කේ නැද්ද?බලේ හිටපු කාලේ ගිය පරණ කාර් එකේ යන්නේ තාම.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2020 තනි UNP ආණ්ඩුවක් හදමු සීරාව හලලා:cool:.සිරාගේ සෙට් එක නිසා තමා වියදම වැඩි.:angry:


    පුලුවන්නම් රවියයි, සුජීයයි දෙන්නවත් හලපන්.. උන් දෙන්නත් මේ ලෝකෙට වැඩක් ඇති එවුන් දෙන්නෙක් නෙවෙයි.. :yes:


    උබල එතකොට 2020 JVP එකට මොකද කරන්නෙ බන්.. උන්ටත් එන්න කියනවද 2010, 2015 කලා වගේ.. :confused:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    they robbed the central bank while in a coalition government
    god knows what they will do if they handle the office alone


    සදුන් බුවාගේ හිත රිදෙන කතා කියන්න එපා බන් :P:P
    සැහෙන කාලයක් එලියට බහින්න බැරිවෙලා ඉදල එලියට අවේ
    :rofl::rofl:
     
    • Like
    Reactions: Vandetta

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Be a good boy. Study hard. Pass exams. Go to big universities. Get graduated. Then work even harder. Make money and pay taxes.

    So a bunch of politicians can buy expensive vehicles.
    Remember those your class mates at school wasted time smoking ganja and doing drugs while you were busy getting ready for exams? You now have to pay for their basic needs so they can have a good life.

    Do you think this is fair?
     
    Last edited: