...~~බන්ඩගේ කඩ්ඩ``..???

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
බන්ඩා ගමේ ඉදන් නගරෙට ඇවිල්ල අමාරුවෙන් ඔෆීස්‌ එකක පියන් ජොබ් එකක්‌ සෙට්‌ කරගත්ත පොරක්‌.ගමේ ඉදන් නගරෙට ආවහම කාට කාටත් "කඩ්ඩ" ඉගෙන ගන්න ඇම්මක්‌ එනවනේ ඉතින් බන්ඩත් ෆුල් ට්‍රයි එක කඩ්ඩ ඉගෙන ගන්න.මූ ඔෆීස්‌ එකේදි පුලුවන් තරම් ට්‍රයි කරන්නේ හැමෝම එක්‌ක ඉංග්‍රීසි කෑලි දාලා කතා කරන්න තමයි.ඔන්න දවසක්‌ බන්ඩගේ බොස්‌ ලොකු මීටින් එකක. බොස්‌ගේ වයිෆ් ගෙන් බොස්‌ට කෝල් එකක්‌ ආවා බොස්‌ මීටිමේ නිසා බන්ඩා ෆෝන් එක ගත්තා.
මැඩම්-කෝ බොස්‌ ඉන්නවද?
බන්ඩා-බොස්‌ ලොකු මීටිමක මැඩම්
මැඩම්-ලොකු හදිස්‌සියක්‌ මට බොස්‌ට කතා කරන්න ඕනි
බන්ඩා-අයියෝ මැඩම් ඒකනම් කොහොමත් කරන්න බැහැ මට තමයි බැනුම් අහන්න වෙන්නේ.
මැඩම්ටත් මල පැන්නා
මැඩම්-ආ එහෙමද ..එහෙනම් උඹ අපේ මහත්තයට කියපන් අපේ දුව"ලොකුවුනා" ඉක්‌මනට ගෙදර එන්න කියලා
බන්ඩා-හරි මැඩම්..සොරි මැඩම්..මම පණිවිඩේ දෙන්නම්.
බන්ඩා බැලුවා මේක සිරා කේස්‌ එකක්‌නේ.පනිවිඩේ දැන්ම නොදුන්නොත් බොසාගෙනුත් කන්න වෙයි කියලා මීටිම තියෙන රූම් එකට ගියා.
ඇතුලට යනකොට බොස්‌ ටයි බයි දාගත්තු මහත්තුරු වටකරගෙන මීටිමේ.බන්ඩට හිතුනා මේ පනිවිඩේ කඩ්ඩෙන්ම දෙන්න ඕනි කියලා.
බොස්‌-ඇයි බන්ඩා මොකද..??
බන්ඩා-සර් මැඩම් කෝල් කරලා කිව්වා..සර්ලගේ දුව..මේ..මේ
බොස්‌-තෙපර බාන්නේ නැතුව කියපන් බන් ඉක්‌මනට ඇයි දුවට කරදරයක්‌ද.?
බන්ඩා-සර් මැඩම් කෝල් කරලා කිව්වා..සර්ලගේ දුව..මේ..මේ "එන්ලාජ්"වෙලා කියල ඉක්‌මනට ගෙදර එන්න කිව්වා.
 

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    0002031F.gif