බන්ධනාගාරයට ලොහාන් ඵක්ක ගියේ පුෂ්පිකා නෙමෙයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරූ තරගයකදී පසුගියදා ආන්දෝලනාත්මක පුවත් සමග එම කිරුළ දිනාගනු ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් අලුතින් කථාබහක් මතුව තිබේ.

    රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ සිරගෙදර එල්ලුම් ගස නැරඹීමට ඇය ගිය බවක් හා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු බීමත් පිරිසක් බන්ධනාගාරය වෙත ගිය වාහනය පදවාගෙන ගියේ ඇය බවට ඉඟි කෙරෙන ප්‍රවෘත්ති අද දින ජාතික පුවත්පත්වල පළවී ඇත. කෙසේ නමුත් ඇයගේ නම සෘජුව ඒවායේ සඳහන් නොවේ.

    මෙම කටකතා පැතිරෙද්දී පුෂ්පිකා ඇයගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සිය රසිකයන් වෙත පණිවිඩයක් ලියා තබා ඇති අතර එය පහතින් දැක්වේ.


    සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි.

    හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

    මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙනි.
    පුෂ්පිකා ද සිල්වා වන මම, පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි.

    මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූ රැජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි.

    ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින covid 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමි. මගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් ගිණුම්වලින් ඔබ ද ඒවා නිරන්තරයෙන් දකිනවා යැයි මා සිතමි.

    මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ, විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ය. ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු අනුග්‍රාහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට, සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි.

    නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවයකින් තොර ප්‍රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. අන් සියල්ලටම වඩා මට පළමුකොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර, මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

    ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගැනිම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි.
    ස්තුතියි !!!

    – පුෂ්පිකා ද සිල්වා
    ( ශ්‍රී ලාංකික විවාහක රෑ රැජිණ )

    lOjppZ0.jpg
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාමල් යෝෂිත සුරතල් කරලා ලොහාන්ට බලගන්න දිපු පුස්පිකා අක්කා පව්.
    යකෝ ඒකි නෙමෙයි ඒ ගිහිල්ල තියෙන්නෙ කියල ඒකි කියල තියෙන්නෙ උඹගෙ අැස් පොට්ටද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    යකෝ ඒකි නෙමෙයි ඒ ගිහිල්ල තියෙන්නෙ කියල ඒකි කියල තියෙන්නෙ උඹගෙ අැස් පොට්ටද?
    පත්තිනි සලු වලත් තුත්තිරි ඇට තිබුනා කියල තිබ්බෙ මේ වගෙ සින් වලට තමා පුකමුරො..
    ඩෝප් එක දාල ඇමති එක්ක රවුම් ගහල වැඩේ බොක උනාම ප්‍රකාශ නිකුත් කරල පත්තිනි වෙන්න හදනව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    යකෝ ඒකි නෙමෙයි ඒ ගිහිල්ල තියෙන්නෙ කියල ඒකි කියල තියෙන්නෙ උඹගෙ අැස් පොට්ටද?
    මොන මෝඩයෙක්ද බං උඹ. දැන් ඒකි ගියානම් මේන් කියල කියයි මම තමයි ගියේ කියල. ඒකි කිව්වම ඔක්කොම හරි. 😂
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    යකෝ ඒකි නෙමෙයි ඒ ගිහිල්ල තියෙන්නෙ කියල ඒකි කියල තියෙන්නෙ උඹගෙ අැස් පොට්ටද?
    එතකොට ඇත්තටම ගිහින් තියෙන්නෙ කව්ද...???😬😬😬
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ".. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි..."

    මේ කටකතා මෙතුමිය Mrs World 2021 Lasvegas වෙමින් මව් බිම ලෝතලේ ඉහලටම උස්සා තබන්න යන International contest එකට ඉරිසියාකරුවන්ගේ වැඩක් වියහැක.

    පුස්පිකා රැක මව්බිම රකිමු
    පලමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම
    පුස්පිකාකම් මව්බිමය
    පුස්පිකා වෙනුවෙන් එක්වෙමු දිවිපුදමු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැට නම ලස්සෙට පොල්පිත්තෙන් ගහන්න ඕනෙ මේ එකපාරක් එලවපු නරුමයො ආපහු ගෙනාවට
    28 පාරක් එලෙව්ව කියපු රනිල් ට චන්දෙ දුන්නට කමක් නැද්ද ?🤭
     
    • Haha
    Reactions: BillionaireBoys

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    මොන මෝඩයෙක්ද බං උඹ. දැන් ඒකි ගියානම් මේන් කියල කියයි මම තමයි ගියේ කියල. ඒකි කිව්වම ඔක්කොම හරි. 😂

    බයියො කියන්නෙ හරි පුදුම ජාතියක්.
    උන්ට අනුව,

    මහින්ද සුනාමියෙන් ගසා කෑවා කියල පිළිගන්න ඕන. නැත්නම් එහෙම එකක් වෙලා නෑ.

    බැසිල් රටේ වෙන හැම දේකින්ම වගේ කොමිස් ගන්නවා කියල පිළිගන්න ඕන. නැත්නම් එහෙම එකක් වෙලා නෑ.

    නාමල් හොරට විභාග ලිව්වා, තව එකෙක් තාජුඩීන් ඇක්සිඩන්ට් කෙරෙව්ව කියල පිළිගන්න ඕන. නැත්නම් එහෙම එකක් වෙලා නෑ.

    හමුදා රෝහලේ ලොක්කොන්ට හොරට වැක්සීන් ගහන්නෙ නෑ කියල පිළිගන්න ඕන. නැත්නම් එහෙම එකක් වෙලා නෑ.

    අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වංචාවක් කරා කියල පිළිගන්න ඕන. නැත්නම් එහෙම එකක් වෙලා නෑ.

    ඔය වගේ අනිත් මෙකී නොකී හැමදේම ඒ ඒ වරදට චෝදනා ලබපු පුද්ගලයන් විසින් පිළිගන්න ඕන. නැත්නං එහෙම එකක් වෙලා නෑ.

    පුදුමම ජාතියක්.. 🤦🤭🤭