කට්ටිය හුරේ දැම්ම නේද free health/education එහෙම ඔනී නෑ කියල ... නැති උනාම ඔහොම බෙහෙත් නැති හින්ද නෙමේ බෙහෙත් හොදට්ද පුරවල තියෙද්දී ගන්න සල්ලි නැතුව මැරෙන්නේ මරු ...
education තේරෙන්න කල් යනවා එක පාර තේරෙන් නෑ එක ... ළමය හොදට වැඩ කරලා pass වෙලා යන්න සල්ලි ඉල්ලද්දී සල්ලි නෑ කුලී වැඩක් කරන ඉදපන් කියල කියන්න උනාම තමා රත් වෙන්නේ (student ලෝං වලින් කරපන් කියල හිතන උන් හිතල බලපන් මෙහෙ හම්බෙන average පඩියෙන් පලවෙනි දවසේ ඉදලම student loan එකටත් 50% විතර කපුනාම කොහොමද ආතල් කියල ... දැන් උන් ගෙවල් හදන්න loan දාල ජිවිත කාලෙම ගෙවනවා ඉස්සරහට උන් student loan ගෙවනවා ජිවිත කාලෙම .. p:s ගෙවන්න පුළුවන් ගැන salary හම්බෙන්ව්නා ප්රශ්නය නැත ... ලංකාවේ minimum hourly rate එක Rs 50)
free health/education තිබ්බාට වැඩක් නෑ, බජට් එකෙන් එන සල්ලි වන්චා කරනවා නම්.
දේශපාලකයොයි, ආණ්ඩුවෙ සේවකයොයි කරල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යයට හම්බ වෙන සල්ලි ගසා කාපු එක නෙහ්.
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන්නේ රජයේ ආදායම් වලින්(අපේ බදු ආදායම් වලින් ) රටේ අධ්‍යාපනයයි, සෞඛ්‍යයි නඩත්තු කරනවා කියන එක. ඉතින් ඍජුවම අපෙන් සල්ලි නොගත්තත් ඒ තියෙන්නෙත් අපේම සල්ලි තමා.
කොවිඩ් එන්න කලිනුත් ශල්‍යකර්ම ආණ්ඩුවෙ කරගන්න කොච්චර කල් වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙද. සල්ලි තියෙන උන් රට ගිහින් ඒවා කරගන්නවා.
එක්කො වන්චා දූෂණ අයින් කරන්න ඕනෙ. වෙලාවට සිලබස් අලුත් වෙන්න ඕනෙ. සමාන අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් හැමෝටම ලබා ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
නැත්නම් පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය ආයතන වලට ඉඩ දෙන්න ඕනෙ. මොකද සල්ලි තියෙන එකා මේ රටින් බැරිනම් පිටරටින් හරි අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා.