බබෙක්‌ වෙන්න එපා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බබෙක්‌ වෙන්න එපා

"බබෙක්‌ වෙන්න එපා" කියා සිඟිත්තන්ට කියන්න එපා

2011031506.jpg


ඔබගේ සිඟිත්තා විවිධ දේට බිය වීම ඔබට ප්‍රශ්නයක්‌ද?

සිඟිති වයසේදී "බියවීම" යනු චිත්තවේග සංවර්ධනයේදී ඇතිවන ස්‌වභාවික ක්‍රියාදාමයකි. තවද බියවීම යනු මානසිකව හෝ ශාරීරිකව හෝ ඒ දෙආකාරයෙන්ම වේදනාවට හෝ පීඩනයට පත්වීමේ එක්‌තරා අත්දැකීමකි. එමෙන්ම සිඟිත්තා එකී වයස්‌ තලයේදී සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියට බාහිරව සිතාගත නොහැකි යම් දෙයක්‌ සිදුවුවහොත් බියවීම සාමාන්‍ය දෙයකි. නිදසුනක්‌ ලෙස මේ කාලයේදී දරුවා රූපවාහිනියේ විකාශණය වන කාටුන් වැඩසටහන්වල චරිත තමන් ජීවත් වෙන පරිසරයේ තමන් සමඟ ජීවත් වන බව සිතයි. සිඟිත්තන් බියට පත්වීම සිදුවන්නේ ඇයි යන ප්‍රශ්නයට නිසි පිළිතුරක්‌ නොමැති වුවත් මේ සඳහා ජානමය සාධක, දරුවාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය හා දරුවන්ගේ චර්යාත්මක පදනම මේ සඳහා සෘජුවම බලපාන බව ළමා මනෝ විද්‍යාඥයින්ගේ මතයයි. බොහෝ විට සිඟිත්තන් බියවීම සුලභ දෙයක්‌ වුවත් ඒ සඳහා බලපාන හේතු සාධක වෙනස්‌ විය හැකියි. තවත් විටෙක ඒවා සමාන විය හැකියි.

අඳුරට බියවීම, සතුන්ට බියවීම, ගින්දරට බියවීම, විදුලි කෙටීමට හා අකුණු ගැසීමට බියවීම මේ අතුරින් දැකගත හැකිය.

මෙහිදී ඔබ කළ යුතු වන්නේ සන්සුන්ව ක්‍රියා කිරීමයි. කිසිම විටෙක මෙවැනි අවස්‌ථාවලදී ඔබගේ සිඟිත්තා හෙළා දැකීම, කොන් කිරීම හා තර්කානුකූල අවවාද දීමෙන් වැළකී සිටින්න. ඔබ ඔබගේ ළමාවිය ගැන මදක්‌ මෙනෙහි කරන්න. ඔබත් මෙවැනි අත්දැකීම් ලබා තිබෙනවා නොවේද? එබැවින් කිසිදු විටෙක "බබෙක්‌ වගේ වෙන්නෙපා" යනුවෙන් ඔබගේ සිඟිත්තාට තරවටු කිරීමෙන් වළකින්න. තවද තර්කානුකූලව සිතා බලා යම් දෙයක්‌ අවබෝධ කරගැනීමට ඔබගේ සිඟිත්තාගේ මනස මුහුකුරා ගොස්‌ නොමැති නිසා දරුවාට ආදරයෙන් පැහැදිලි කරදෙන්න. ඇත්තෙන් ම මේ මොහොතේ සිඟිත්තාට අවශ්‍ය වන්නේ ඔබගේ ආදරණීය සහයෝගය හා විශ්වාසවන්ත භාවයයි. එවිට සිඟිත්තාට එම අවස්‌ථාව බියජනක හැඟීමකින් තොරව අත්දැකිය හැකිය.

සිඟිත්තාගේ බිය දුරු කිරීමට ප්‍රායෝගික විසඳුමක්‌ පෙන්වා දෙන්න. එමඟින් බියවීම යම්තාක්‌ දුරකට පාලනය කරගත හැකිය. නිදසුනක්‌ ලෙස නිදන ඇඳ යට යම් සතෙක්‌ සිටියි කියමින් බිය වන්නේ නම් සිඟිත්තා තනි නොකර නිදා ගැනීමට ගිය අවස්‌ථාවේදී දරුවාත් සමඟ නිදන ඇඳ යට පරීක්‌ෂා කරන්න. ඔබට එසේ කිරීම අර්ථයක්‌ නොමැති ක්‍රියාවක්‌ ලෙස දැනුනත් එමඟින් සිඟිත්තාට ඇති බිය දුරු කරගැනීමට මහඟු රුකුලක්‌ වනු නොඅනුමානය. නමුත් මෙවැනි ක්‍රියාවකට යොමුවීමට සිඟිත්තා ප්‍රතික්‌ෂේප කරන්නේ නම් කිසිවිටෙකවත් සිඟිත්තාට ඒ සඳහා බලකිරීම් කිරීමෙන් වැළකී සිටින්න.

කිසිදු විටෙක සිඟිත්තාගේ බියවීම අන් අය ඉදිරියේ කියමින් සිඟිත්තා විවේචනය කිරීම හෝ අනෙකුත් සිඟිත්තන් සමඟ එය සන්සන්දනය කිරීමෙන් වළකින්න. එමඟින් සිදු වන්නේ සිඟිත්තාගේ මානසික සංවර්ධනයට බාධාවකි.

සිඟිත්තාගේ රැකවරණය වඩාත් තරවන ලෙස ඔබත් නිතරම සිඟිත්තා සමඟ සිටින්න. එවිට සිඟිත්තා තුළ විශ්වාසවන්තභාවය ගොඩනැගෙනු ඇත.

මීට අමතරව සිඟිත්තා බියට පත්විය හැකි තවත් අවස්‌ථාවක්‌ වන්නේ වැඩිහිටියන් යම් දෙයකට බියවනු දැකීමයි. නිදසුනක්‌ ලෙස යම් වැඩිහිටියෙක්‌ පණුවකු දැක බියෙන් කෑගසන අවස්‌ථාවක දරුවකු සිටිය හොත් එම දරුවා ඒ සිද්ධියේදී සිදු වූ දේ දැක බියට පත්වීමට ඉඩ ඇත. එසේ නැතිනම් වැඩිහිටියා අනුකරණය කරමින් බියෙන් කෑගසයි. එබැවින් වැඩිහිටියන් ලෙස මෙවැනි සිදුවීම් දරුවන් ඉදිරියේ පාලනය කරගැනීම තුළින් දරුවාගේ බියජනක හැඟිම් තුරන් කිරීමට මහඟු පිටුවහලක්‌ වනු ඇත.

සමහර අවස්‌ථාවලදී දෙමව්පියන් තම සිඟිත්තාව ප්‍රමාණය ඉක්‌මවා ආරක්‌ෂා කිරීම හේතුවෙන් ද දරුවා විවිධ දේ සඳහා බියවීම එක්‌ හේතුවක්‌ ලෙස ළමා මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එමඟින් සිදුවන්නේ දරුවාට බාහිර ලෝකය පිළිබඳ අත්දැකීම් මදකමින් ඉතා සුළු වෙනසකදී හෝ තිගැස්‌මකදී බියට පත්වීමයි.



මල්ෂානි ජයකොඩි
ශාස්‌ත්‍රවේදී - පේරාදෙනිය විශ්ව විද්‍යාලය


කියවා බම්පියක් දෙමු!
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වැදගත් ලිපියක් මචන්... :yes:
(You must spread some Reputation around before giving it to Lewke again.)

මගේ යාලුවෙක් ඉන්නවා. කොල්ලෙක්. ඌ තාම කලුවරට බයයි! තනියෙන් කළුවරේ යන්න බයයි! :D ඌ පවුල් වෙච්ච දවසක ගෑනිත් කළුවරට බයයි, මිනිහත් බයයි, ළමයත් බයයි! :lol: