ඉතිහාසයේ වැඩිම කාලයක් හෙළබිමේ භාවිතා කළේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය. ඉන්දියාව කිසිදිනක බුද්ධ වර්ෂ භාවිතා කර නැහැ. හෙළබිමේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය අනුව ක්‍රි. පූ. 623/624 පමණ සිදුහත් උපතත් ක්‍රි. පූ. 543/544 පමණ සම්බුදු පිරිනිවීමත් සිදුවෙලා තියෙන බව තමයි සම්මතය. (අවුරුදු 2ක් දැම්මේ වෙසක් පෝය යෙදෙන්නේ දැන් භාවිතා කරන අවුරුද්දේ 5 වෙනි මාසේ වගේ නිසා).දැනට පිලිගන්න මතය බුදුහාමුදුරුවො ජීවත් වුනේ 563/480 - 483/400 BCE වගේ කාලෙක ඉන්දියාවෙ කියලනෙ. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙවෙයි ලංකාවෙයි හිටියෙ කියන නිසා අහන්නෙ කාලය ගැන මතය
නමුත් ලෝකයේ පුරාවිද්‍යාඥයන්ට මේ ගැන එක මතයක් නැහැ. එසේ වීමට හේතු 2ක් තිබෙනවා.
1. සිදුහත් උපත සිදුවුනා කියන ඉන්දියාවේ ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වීම.
2. ඉන්දියාව ඉතිහාසයේ කිසිම දිනක බුද්ධ වර්ෂ සම්ප්‍රදාය භාවිතා කරනැතිවීම.
උදා:
නමුත් බුද්ධ කාලයේ භාවිතාවුනේ චන්ද්‍ර වර්ෂ නිසා සහ අද භාවිතා කරන්නේ සූර්ය වර්ෂ නිසා සිදුහත් උපත සිදුවුනේ හරියටම ක්‍රි. පූ. 623/624 පමණ බව කීම එතරම් නිවැරදි නැහැ. සිදුහත් උපත, බුදුවූ තැන.. ආදී සතර තැන් හැරෙන්න මේ කීවෙනි බුද්ධ වර්ෂයද යන්න නිවනට වැදගත් නැති නිසා එය හරියටම දැනගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ.අශෝකගේ අභිෂේකයේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා කාලය ගණනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මූලාශ්‍ර කරගන්නේ මහා වංශයයි. මහා වංශයට අනුව මෙම කාලය වසර 218ක් බැවින් සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරක සිදු වූ සේ සැලකේ. ගෞතම බුදුන් වසර අසූවක් ජීවත් වූ බවද අවිවාදිත කරුණකි. මේ අනුව, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 566 හෝ ආසන්න වසරක විය යුතු අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 531 හෝ ආසන්න වසරක් විය යුතුය.
ඉහත පදනම මත මුලින්ම විල්හෙල්ම් ගයිගර් විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර හර්මන් ජැකෝබිට අනුව ක්‍රිස්තු පූර්ව 484දීය. මේ කාල නිර්ණය තහවුරු කරන තවත් සාක්ෂියක් වන්නේ චීන තිත් වාර්තාය. බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහලෙන් පාලියට පරිවර්තනය කළ සමන්තපාසාදිකාව පසුව චීන බසට පරිවර්තනය කෙරුණු අතර මේ කටයුත්ත සිදු වන විට සෑම වස් කාලයක් අවසානයේදීම පොතේ අගට තිතක් තැබීමේ පුරුද්දක් තිබී ඇත. මේ පුරුද්දේ ආරම්භය සම්බුද්ධ පරිනිර්වාණය බව විශ්වාස කෙරේ. ෆෙයි චැන්ග් ෆෑන් විසින් ක්‍රිස්තු වර්ෂ 597දී ලි තායි සන් පෝ චි ග්‍රන්ථයෙහි සටහන් කර ඇති පරිදි ක්‍රිස්තු වර්ෂ 489 වන විට මෙහි තිත් 975ක් සටහන්ව තිබී ඇත. ඒ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 486දීය. කෙසේ වුවත්, මේ "පිළිගත්" කතාවේත් ගැටළු සහගත තැන් ගණනාවක්ම තිබේ. (ලිපිය දිග්ගැසෙන නිසා මේ කරුණු සාකච්ඡා කරන්නේ නැත.)
ථෙරවාද සම්ප්‍රදාය සැලකුවහොත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 623දී වන අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 588 විය යුතුය. මේ අනුව දැනට වඩා පිළිගත් කාල නිර්ණය හා ථෙරවාද සම්ප්‍රදාය අතර වසර 57ක පමණ වෙනසක් තිබේ. දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ විසින් මේ වෙනසට හේතුව එකොළොස්වන සියවසේදී ලංකාවේ බුද්ධ වර්ෂ ගණනයේ සිදු වූ පටලැවිල්ලක් බවට අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඊට පෙර භාවිතා වී ඇති බුද්ධ වර්ෂ ආරම්භ වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483 සිට බව කියා ඇත. එහෙත්, සෙනරත් පරණවිතාන විසින් එම අදහස පිළිගෙන නැති අතර දැනට පවතින සම්ප්‍රදාය වෙනුවෙන් දිගටම පෙනී සිට ඇත.
ඉහත කාල නිර්ණය පිළිබඳව සැක පහළ කරන තවත් ඇතැම් අය පෙන්වා දෙන්නේ චීන තිත් වාර්තා වල සිට තායිලන්ත හා බුරුම සම්ප්‍රදායයන් දක්වා සියලුම මූලාශ්‍ර වල ආරම්භය ලංකාවේ වංශ කතා බවයි. උයි හකුජුට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට අශෝක අභිෂේකය දක්වා කාලය වසර 218ක් විය නොහැකි අතර එය වසර 116ක් විය යුතුය. මේ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 386දීය. එහෙත් හකුජු විසින් අශෝක අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268දී නොව 271දී සිදුව ඇති බව සලකා ඇති නිසා නකමුරා හජීමේ විසින් මෙය ක්‍රිස්තු පූර්ව 383 ලෙස ගණනය කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ සිදු වී ඇති බවට වෙනත් බොහෝ විද්වතුන් විසින් පසුකාලීනවද අදහස් දක්වා තිබේ.
https://economatta.blogspot.com/2018/04/blog-post_65.html



