බඹරගල_ලුම්බිණිය

Superuser

Member
Aug 30, 2015
723
73
0
දැනට පිලිගන්න මතය බුදුහාමුදුරුවො ජීවත් වුනේ 563/480 - 483/400 BCE වගේ කාලෙක ඉන්දියාවෙ කියලනෙ. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙවෙයි ලංකාවෙයි හිටියෙ කියන නිසා අහන්නෙ කාලය ගැන මතය
ඉතිහාසයේ වැඩිම කාලයක් හෙළබිමේ භාවිතා කළේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය. ඉන්දියාව කිසිදිනක බුද්ධ වර්ෂ භාවිතා කර නැහැ. හෙළබිමේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය අනුව ක්‍රි. පූ. 623/624 පමණ සිදුහත් උපතත් ක්‍රි. පූ. 543/544 පමණ සම්බුදු පිරිනිවීමත් සිදුවෙලා තියෙන බව තමයි සම්මතය. (අවුරුදු 2ක් දැම්මේ වෙසක් පෝය යෙදෙන්නේ දැන් භාවිතා කරන අවුරුද්දේ 5 වෙනි මාසේ වගේ නිසා).

නමුත් ලෝකයේ පුරාවිද්‍යාඥයන්ට මේ ගැන එක මතයක් නැහැ. එසේ වීමට හේතු 2ක් තිබෙනවා.
1. සිදුහත් උපත සිදුවුනා කියන ඉන්දියාවේ ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වීම.
2. ඉන්දියාව ඉතිහාසයේ කිසිම දිනක බුද්ධ වර්ෂ සම්ප්‍රදාය භාවිතා කරනැතිවීම.

උදා:

අශෝකගේ අභිෂේකයේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා කාලය ගණනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මූලාශ්‍ර කරගන්නේ මහා වංශයයි. මහා වංශයට අනුව මෙම කාලය වසර 218ක් බැවින් සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරක සිදු වූ සේ සැලකේ. ගෞතම බුදුන් වසර අසූවක් ජීවත් වූ බවද අවිවාදිත කරුණකි. මේ අනුව, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 566 හෝ ආසන්න වසරක විය යුතු අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 531 හෝ ආසන්න වසරක් විය යුතුය.

ඉහත පදනම මත මුලින්ම විල්හෙල්ම් ගයිගර් විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර හර්මන් ජැකෝබිට අනුව ක්‍රිස්තු පූර්ව 484දීය. මේ කාල නිර්ණය තහවුරු කරන තවත් සාක්ෂියක් වන්නේ චීන තිත් වාර්තාය. බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහලෙන් පාලියට පරිවර්තනය කළ සමන්තපාසාදිකාව පසුව චීන බසට පරිවර්තනය කෙරුණු අතර මේ කටයුත්ත සිදු වන විට සෑම වස් කාලයක් අවසානයේදීම පොතේ අගට තිතක් තැබීමේ පුරුද්දක් තිබී ඇත. මේ පුරුද්දේ ආරම්භය සම්බුද්ධ පරිනිර්වාණය බව විශ්වාස කෙරේ. ෆෙයි චැන්ග් ෆෑන් විසින් ක්‍රිස්තු වර්ෂ 597දී ලි තායි සන් පෝ චි ග්‍රන්ථයෙහි සටහන් කර ඇති පරිදි ක්‍රිස්තු වර්ෂ 489 වන විට මෙහි තිත් 975ක් සටහන්ව තිබී ඇත. ඒ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 486දීය. කෙසේ වුවත්, මේ "පිළිගත්" කතාවේත් ගැටළු සහගත තැන් ගණනාවක්ම තිබේ. (ලිපිය දිග්ගැසෙන නිසා මේ කරුණු සාකච්ඡා කරන්නේ නැත.)

ථෙරවාද සම්ප්‍රදාය සැලකුවහොත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 623දී වන අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 588 විය යුතුය. මේ අනුව දැනට වඩා පිළිගත් කාල නිර්ණය හා ථෙරවාද සම්ප්‍රදාය අතර වසර 57ක පමණ වෙනසක් තිබේ. දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ විසින් මේ වෙනසට හේතුව එකොළොස්වන සියවසේදී ලංකාවේ බුද්ධ වර්ෂ ගණනයේ සිදු වූ පටලැවිල්ලක් බවට අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඊට පෙර භාවිතා වී ඇති බුද්ධ වර්ෂ ආරම්භ වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483 සිට බව කියා ඇත. එහෙත්, සෙනරත් පරණවිතාන විසින් එම අදහස පිළිගෙන නැති අතර දැනට පවතින සම්ප්‍රදාය වෙනුවෙන් දිගටම පෙනී සිට ඇත.

ඉහත කාල නිර්ණය පිළිබඳව සැක පහළ කරන තවත් ඇතැම් අය පෙන්වා දෙන්නේ චීන තිත් වාර්තා වල සිට තායිලන්ත හා බුරුම සම්ප්‍රදායයන් දක්වා සියලුම මූලාශ්‍ර වල ආරම්භය ලංකාවේ වංශ කතා බවයි. උයි හකුජුට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට අශෝක අභිෂේකය දක්වා කාලය වසර 218ක් විය නොහැකි අතර එය වසර 116ක් විය යුතුය. මේ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 386දීය. එහෙත් හකුජු විසින් අශෝක අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268දී නොව 271දී සිදුව ඇති බව සලකා ඇති නිසා නකමුරා හජීමේ විසින් මෙය ක්‍රිස්තු පූර්ව 383 ලෙස ගණනය කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ සිදු වී ඇති බවට වෙනත් බොහෝ විද්වතුන් විසින් පසුකාලීනවද අදහස් දක්වා තිබේ.

https://economatta.blogspot.com/2018/04/blog-post_65.html
නමුත් බුද්ධ කාලයේ භාවිතාවුනේ චන්ද්‍ර වර්ෂ නිසා සහ අද භාවිතා කරන්නේ සූර්ය වර්ෂ නිසා සිදුහත් උපත සිදුවුනේ හරියටම ක්‍රි. පූ. 623/624 පමණ බව කීම එතරම් නිවැරදි නැහැ. සිදුහත් උපත, බුදුවූ තැන.. ආදී සතර තැන් හැරෙන්න මේ කීවෙනි බුද්ධ වර්ෂයද යන්න නිවනට වැදගත් නැති නිසා එය හරියටම දැනගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ.
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිහාසයේ වැඩිම කාලයක් හෙළබිමේ භාවිතා කළේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය. ඉන්දියාව කිසිදිනක බුද්ධ වර්ෂ භාවිතා කර නැහැ. හෙළබිමේ බුද්ධ වර්ෂ සම්ප්‍රදාය අනුව ක්‍රි. පූ. 623/624 පමණ සිදුහත් උපතත් ක්‍රි. පූ. 543/544 පමණ සම්බුදු පිරිනිවීමත් සිදුවෙලා තියෙන බව තමයි සම්මතය. (අවුරුදු 2ක් දැම්මේ වෙසක් පෝය යෙදෙන්නේ දැන් භාවිතා කරන අවුරුද්දේ 5 වෙනි මාසේ වගේ නිසා).

    නමුත් ලෝකයේ පුරාවිද්‍යාඥයන්ට මේ ගැන එක මතයක් නැහැ. එසේ වීමට හේතු 2ක් තිබෙනවා.
    1. සිදුහත් උපත සිදුවුනා කියන ඉන්දියාවේ ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වීම.
    2. ඉන්දියාව ඉතිහාසයේ කිසිම දිනක බුද්ධ වර්ෂ සම්ප්‍රදාය භාවිතා කරනැතිවීම.

    උදා:

    නමුත් බුද්ධ කාලයේ භාවිතාවුනේ චන්ද්‍ර වර්ෂ නිසා සහ අද භාවිතා කරන්නේ සූර්ය වර්ෂ නිසා සිදුහත් උපත සිදුවුනේ හරියටම ක්‍රි. පූ. 623/624 පමණ බව කීම එතරම් නිවැරදි නැහැ. සිදුහත් උපත, බුදුවූ තැන.. ආදී සතර තැන් හැරෙන්න මේ කීවෙනි බුද්ධ වර්ෂයද යන්න නිවනට වැදගත් නැති නිසා එය හරියටම දැනගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ.

    ඔය ලංකාවෙ බුදුහාමුදුරුවො හිටිය කියල පෙන්නන තැන් වල වයස බුදුහාමුදුරුවො හිටපු කාලයත් එක්ක සමපාත වෙන්න ඕනෙ නෙද? බුදුහාමුදුරුවො හිටියෙ මීට අවුරුදු 500කට විතර ඉස්සරින් වෙන්න බැරිද? එතකොට ඔය තියරි ඔක්කොම හබක්නෙ බන්:rolleyes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔය ලංකාවෙ බුදුහාමුදුරුවො හිටිය කියල පෙන්නන තැන් වල වයස බුදුහාමුදුරුවො හිටපු කාලයත් එක්ක සමපාත වෙන්න ඕනෙ නෙද? බුදුහාමුදුරුවො හිටියෙ මීට අවුරුදු 500කට විතර ඉස්සරින් වෙන්න බැරිද? එතකොට ඔය තියරි ඔක්කොම හබක්නෙ බන්:rolleyes:
    1. සමපාතයි.
    2. හිතළු ගැන දන්නේ නෑ.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සියත ටීවී රවුම වැඩසටහනේ විකාශනය කළ බුද්ධාතීතයේ සත්‍ය ඉතිහාසය වැඩසටහන.
    බඹරගල රජ මහා විහාරය සහ ඒ අවට ප්‍රදේශය ගැන මැදහත් විමසුමක්.


    https://vimeo.com/291466043
    bump
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Sometimes people tend to believe nonsense.
    Stupidity is Universal and Commonsense is the least common of all senses.:P
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes:
    :yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Some idiots will create new topics.
    Don't get panic, and don't get distracted.
    The Buddha born in India (Now Nepal). There's no doubt about it.
    The Buddha visited 3 times to Lanka. Its clear and proven.

    I think some of non Buddhist create such topics to distract Buddhists.
    Given the their space, we are not suitable for their levels.
    Wise will aware the truth.

    :yes::yes::yes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png


    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png


    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png


    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png




    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/



    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg


    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png


    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg


    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png


    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

    bump