බඹසර බිඳින සිම්බාබ්වියෝ

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බඹසර බිඳින සිම්බාබ්වියෝ

    කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ලෝකයේ විවිධ දෙසින් වරින් වර වාර්තාවෙනවා.
    නමුත් පිරිමින්ව සමූහ ලෙස දූෂණයට ලක් කළ කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු ඇසීම විමතිය දනවන්නක්.
    එහෙත් සැබවින්ම එය සිදුවී තිබෙනවා.


    zim.jpg



    සිම්බාබ්වේ .....පොලීසියේ අදහස සංවිධානාත්මකව මෙය එරට පුරා සිදුවන බවයි.

    කුමර බඹසර අහිමිවන පිරිමි මේ පිළිබඳව ලෝකය හමුවේ පැවසීමට මැලිවීම නිසා මේ සැබෑ තත්වය වසන් වී තිබුණා.
    අධිකරණය හමුවට පැමිණෙන තෙක් රහසක්ව තිබූ එම තත්වය ඇසූ සිම්බාබ්වේ වැසියන් විමතියට පත්වූ බව වාර්තාවුණා.
    චෝදනා ලැබූ කතුන් තිදෙනෙක් දැන් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
    එය නඩු නිමිත්තක් වූයේ ඔවුන් විසින් අපහරණය කරන ලද පිරිමියෙකු පොලීසිය හමුවේ කරුණු අනාවරණය කිරීමත් සමගයි.


    _56919011_condom3.jpg


    දිනක් මහමග ගමන් කරන විට මෙම කතුන් තිදෙනා ඔහුට ගමන් පහසුව ලබාදීමට ඉදිරිපත්ව තිබුණා.
    මෝටර් රථයට ගොඩවූ පසු ඔවුන් තමාගේ මුහුණට කිසියම් දියරයක් ඉස නික්ෂේපණයක් (ඉන්ජෙක්ෂන්) ශරීරගත කළ බව ඔහු පැවසුවා.
    ඒ සමග ඔහුට අධික කාමාශාවක් එසේත් නැතිනම් ලිංගික අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා.
    අනතුරුව කාන්තාවන් තිදෙනා කැමැත්තෙන්ම ඔහු සමග සංසර්ගයේ යෙදී තිබුණා.
    ඔහු පවසා තිබෙන්නේ ආරක්ෂිත උපකරණද(කොපු) පැළඳ ගත් බවයි.
    කිහිපවාරයක් කායිකව එක්වීමෙන් පසු එම පිරිස මොහු නිරුවතින් මහ මග දමාගොස් තිබුණා.

    ඔහු පවසන්නේ ඒ වන විටත් තමාට ලිංගික අවශ්‍යතාව තිබූ බවයි.
    බාහිර පිරිස්වල මැදිහත්වීමෙන් පොලීසිය මුණගැසුණු මෙම පුද්ගලයා පසුව රෝහල් ගත කර තිබෙනවා.


    zim-2.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අනතුරුව හරාරේ නුවරට නිරිත දිගින් පිහිටි ග්වේරු නගරයේදී අදාල තිදෙනා අත්අඩංගුවට ගැනුණා.
    ඔවුන් ගමන් කළ රථයේ තිබී පාවිච්චියට ගන්නා ලද කොපු(CONDOMS) 31 ක්ද සොයා ගැනුණා.


    Zimbabwe-women-hitchhiker-007.jpg


    එම කාන්තාවන් එවිට පොලීසියට පවසා තිබෙන්නේ තමන් මුදලට ලිංගික සේවා ලබාදෙන්නියන් (ගණිකාවන්) බවයි.
    ඔවුන්ට එරෙහිව පොලීසිය නඩු පැවරීමට ක්‍රියා කළා.
    එම කාන්තාවන්ට විරුද්ධව එල්ලවූ චෝදනා සංඛ්‍යාව 17 ක්.
    එහෙත් පිරිමින් දූෂණය කළ කාන්තාවන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සිම්බාබ්වේ නීතිය යටතේ ප්‍රතිපාදන සපයා නැහැ.
    කෙසේ වෙතත් වාසනාව සමෘද්ධිය හා දියුණුව ළඟාකර ගැනීම සඳහා සිම්බාබ්වේ හි කතුන් මෙවන් අභිචාරවිධි කෙරෙහි විශ්වාසය තබා ඇති බව හෙළිවී තිබෙනවා.
    නමුත් අදාල සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යට හා සිය බිරිඳට කරුණු හෙළිකිරීමෙන් පසු ඔහුගේ භාර්යාව සිය ළමුන් තිදෙනා සමග නිවසින් පිටව ගිය බව සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පවසා තිබෙනවා‍.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සැකකාර කාන්තාවන් අධිකරණ භූමියෙන් පිටව යන අයුරු......

    sperm-collectors.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෑගැස්සෙනව යකෝ මේවා ඇහුවම. කෝ කෝ කොහේද බන් සිම්බාබ්වේ එම්බසිය තියෙන්නෙ. ඉක්මනට කියපල්ලා :shocked::shocked:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    dannawanam yanawane simbabweta.... mona magulakata meheta awada manda... gihilla oya ganunta thiyena amaruwa honda karanawa mama.... mokada mata ita wada amaruwa thiyenawane... he he