බඹසර රැකීම පිළිබද " අපූරු කතාවක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’ යනුයි.
    නිමි රජුගේ නුවණට එය ගෝචර නොවීය. උපෝසථ සිල් රකින රජුගේ සීලයේ බලයෙන් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට පිළිතුරු ලබා දී අැත්තේ දානයට වඩා බඹසර මහත්ඵල මහානිසංස බවයි
    🤴
    😋

    සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.
    🤓
    🤴
    “ පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු බොහෝ දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය.
    ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
    යමෙක් බඹසර රැකීමේ සැපය නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ ලෙස පවසා අැත . (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
    🌟
    සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.
    “ පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
    ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
    තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය.
    එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
    මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ,
    🤴
    “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය.
    පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
    🤓
    🤴

    මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
    ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
    අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
    🤴
    🤓
    👸
    💛
    😁
    💎

    සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
    “අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
    අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
    අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
    පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
    🤴
    👸
    “ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
    මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද?
    💎
    💛
    🤴
    😀
    👸
    💛
    💎

    🤴
    💎
    බඹසර රකින්නා කිසිදු අාත්මයක ස්ථ්‍රියක් , නපුංසකයෙක් වන්නේ නැත පුරැෂයෙක්ම වන්නේය ඔහු /අැය පතන්නාවූ සියල්ල ඉතාමත් හොදින්ම ඉශ්ට සිද්ධ වන්නේය
    💝
    💛
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    💝
    සාම කුමරු හී පහර වැදී සිහිසුන් වෙද්දී දෙමාපියන් ”අපගේ පුත්‍රයා බ්‍රහ්මචාරීයි. ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා!” යි සත්‍යක්‍රියා කොට ජීවය ඉපැද්දවූහ. අහෝ බඹසර එතරම් අසිරිමත් ය. මහා සුදස්සන රජු සක්විති රජ ව තමා වෙනුවෙන් ම බිසෝවරු අසූහාර දහසක් සිටිද්දී අසූහාර දහසක් අවුරුදු බඹසර විසී ය. අද ලෝකයට මේවා සිතා ගත නොහැකි තරම් ය.
    💝
    මහරහතන් වහන්සේලා විෂයෙහි දන් පැන් පුදා දෙව්ලොව දිව්‍යරාජයන් බවට පත් ඇතැම් දෙවිවරු තමන්ට සුගති උපත ලබා දුන් ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට (රහතන් වහන්සේලාට) උපහාර කෘතගුණ පිණිස බඹසර සීලය සමාදන් වූ අවස්ථා අප අසා ඇත.
    දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගණන් පිරිවරා සිටිද්දීත් බඹසර ම සුරකී. අරුමයකි! දිව්‍ය අප්සරාවකගේ ලස්සනට උපමා නැත. සක්විති රජුගේ ස්ත්‍රී රත්නය ද දිව්‍ය අප්සරාවකගේ ලස්සනට සමීප නැත. ඒ ලස්සනට වඩා බඹසර උතුම් ය. එවැනි ස්ත්‍රියකගේ පහසට වඩා බඹසර උතුම් ය. එවැනි රන් ලියවැල් වන් අප්සරාවන් ලක්ෂයකගේ පහසට වඩා බඹසර උතුම් ය. ඒ දේවතාවෝ බඹසර රකිත්. එකල බඹසර සමාදන් වූවෝ මෙසේ ප්‍රාර්ථනා කරත්.
    එනම් “නිවන් දකිනා මොහොත දක්වා ස්ත්‍රියක් තබා පිරිමියෙක්වත් අපගේ කය ස්පර්ශ නොකරත්වා! අප ඇසුරු කරන පිළිසඳරේ යෙදෙන පිරිමින් ද අතේ දුරින් වෙත්වා! ස්ත්‍රීන් ගැන කවර කතා ද?” යනුවෙනි. මිනිසුනේ, එතරම් බඹසර සුවය ඒ උත්තමයෝ අත්දකිති. මේ අනුව බලන කල බඹසරට කැමැත්තක් උපදවා ගැනීමත් කෙතරම් පිනක් දැයි සිතේ…
    දිනක් මලියදේව මහරහතන් වහන්සේ තම වයෝවෘද්ධ ගුරු ස්වාමීන් වහන්සේ පැන් පහසු කිරීමට අවසර ඉල්ලූ සේක. මොහොතක් නිහඬ වූ ගුරු ස්වාමීන් වහන්සේ එයට අවසර ලබා දුන් සේක. පසුව උන්වහන්සේ මෙසේ පැවසී ය.
    “ ආයුෂ්මත් මලියදේව, මගේ උපසම්පදාවෙන් දැනට වස් හැටක් වෙනවා. ඒ වස් හැටට ම අද තමයි තවත් කෙනෙක් මගේ ඇඟට අත තිබ්බේ” අරුමයකි. එවැනි යුග සිතා ගත නො හැකි ය.
    සත්පුරුෂ යුගය එසේ ගෙවී යද්දී වර්තමානයේ කාමය අඳුරු වලාවක් සේ ලොව වසාගෙන හමාර ය. තාක්ෂණික උපකරණවලින් බඹසර සුන්නද්දූලි කරන්නේ ය. බටහිර ජනයා බඹසර අතුගා දමන්නේ ය. අහෝ ඔවුන් බඹසර රකින්නන් මානසික රෝගීන් සේ දකිත්. මිය යන තෙක් කාම ක්‍රීඩා කිරීම වීරකමක් සේ දකිත්. ඔවුහු ප්‍රේතයන් සේ, තිරිසනුන් සේ, මවක් පියෙක් නැත්තවුන් සේ රති ක්‍රීඩා කරත්. අහෝ මිනිසා මරණින් මතු කොහේ නම් උපදී ද?
    ඇතැම් පාසල්වල සිසුවන් තරුණ ගුරුවරියන් හා පෙම් බස් දොඩත්ලු. මව දූෂණය කොට, දුව දූෂණය කොට සල්ලාලයන් හිරේ වැටෙත්ලු. පිරිමින් පිරිමින් හාත්, ස්ත්‍රීන් ස්ත්‍රීන් හාත් මඟුල් කෑමට නීතිය සදත්ලු. කියන් මිනිසුනේ මෙවැනි ලොවකට බඹසරේ සුළං රැලිවත් යාවිදෝ?
    💎
    ✨
    🤴
    💛
    👸
    ✨
    💎

    ඒ පරම විරාගී මහා කස්සප මුනිඳානෝ සිහිවෙත්. ඒ නිකැලැල් බඹසර, මහරහතන් වහන්සේලාගේ පිවිතුරු බඹසර, යශෝදරාවන්ගේ බඹසර, ඒ නිකෙලෙස් මුනිවරු පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේගේ බඹසර උතුම් ය! අහෝ උතුම් ය!
    එනිසා අද ද යම් පිනැතියෙක් බඹසර (ලිංගික ක්‍රියාවලින් වැළකීම) පුරුදු කරත් නම් එය සාමාන්‍ය හැකියාවක් නොවේ. විවාහ වන තුරු සිල් රකිත් නම් කෙතරම් සුන්දර ද? විවාහ වූ අය උපෝසථ ආදිය සමාදන්ව කාලෙන් කාලෙට හෝ බඹසර රකිත් නම් කෙතරම් අගේ ද?
    අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිය සිළට ගත් පස් පිඬක් සේ සුළු පිරිසක් ලොව බඹසර රකිනා බවයි. මහ පොළොව සේ පිරිසක් කාම ක්‍රියාවෙන් ම සතුටු වෙති. දාන ලක්ෂයකට වඩා බඹසර උතුම් බව නැවතත් මෙහි දී සිහිවේ.
    😍

    බඹසරට ආසා කරන්න. බඹසර රැකි මුනිවරුන්ට වන්දනා කරන්න. විරාගී කථා කතා කරන්න. කාමුක කථාවලින් පව් රැස් වන බව සිතන්න. තමාගේ බඹසර නොකියා රහතුන්ගේ බඹසර වර්ණනා කරන්න. ඒ විරාගී ජීවිතවලට උපහාර කරන්න.
    🤴
    👸

    මහා කස්සප ආදී මුනිවරුන්ට දුහුවිල්ලක් සේ ජීවිතය පුදන්න. තමන් භාග්‍යවතුන් වහන්සේගේ දාසයෙක් වැනි යැයි සිතන්න. කෙලෙස් පීඩාවට ශාප කොට, නිකෙලෙස් බව නම් වූ අමා නිවන එක ම සැනසීම බව සිතන්න. බඹසර රකින්න අමාරු අයටත් බඹසර පිණිස මෙතුළින් පුණ්‍ය උපකාරයක් වනු නියතයි. ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    “ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
    මිනිස්සු ඔය අවයව එක්ක ඉපදෙන්නේ මොකටද එහෙනම් ? විවාහය කියන්නේ මිනිස්සු හදාගත්ත නිත්‍යානුකුල සංකේතයක්.
    බඹසර රකින්නා කිසිදු අාත්මයක ස්ථ්‍රියක් , නපුංසකයෙක් වන්නේ නැත පුරැෂයෙක්ම වන්නේය ඔහු /අැය පතන්නාවූ සියල්ල ඉතාමත් හොදින්ම ඉශ්ට සිද්ධ වන්නේය
    :rofl: ස්ත්‍රියක් වීම, මවක් වීම පවක් ද බුද්ධාගමේ ?

    අනික ඔහොම හැම එකාම "නිවන් දකිනා මොහොත දක්වා ස්ත්‍රියක් තබා පිරිමියෙක්වත් අපගේ කය ස්පර්ශ නොකරත්වා" කියලා හිතුවොත් ඉතින් බබසරේ රැකලා ආයිත් ඉපදෙන්න වෙන්නෙත් නෑ .

    ඇතැම් පාසල්වල සිසුවන් තරුණ ගුරුවරියන් හා පෙම් බස් දොඩත්ලු.
    කතාවේ විදියට මේක මහරහතන් වහන්සේ කරපු කතාවක උපුටා ගැනීමක්.
     
    • Like
    Reactions: asliyanage

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගමටම ඇහෙන්න ස්පීකර් දාලා බලෙන් රට්ටුන්ට කවිබන අස්සවලා දෙව් ලොව යන්න හිතන් ඉන්න මෝඩ හාමුදුරුවො ඉන්නවනම් මේක බලපියව්.

    ඊට වඩා ලේසියි පන්සිල් පද පහ රැකලා බඹලොව යන එක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    මහා සුදස්සන රජු සක්විති රජ ව තමා වෙනුවෙන් ම බිසෝවරු අසූහාර දහසක් සිටිද්දී අසූහාර දහසක් අවුරුදු බඹසර විසී ය. අද ලෝකයට මේවා සිතා ගත නොහැකි තරම් ය.
    :rofl: බිසෝ තනතුරු වලින් අයින් කරානම් ඉවරයි නේ. අසූ හාරදාහම තියාගෙන මුකුත් කරල නෑ කියලා වගේ අදහස.


    "අසූ හාරදාහ" කියන යෙදුම කොහේ හරි වැරදියට අර්ථකථනය කරගෙන තියනව. ඒක ඔය වගේ ඉලක්කමක් කරගත්ත නිසා තමයි මේ වගේ තේරුමක් නැති අදහස් එන්නේ.