බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’ යනුයි.
නිමි රජුගේ නුවණට එය ගෝචර නොවීය. උපෝසථ සිල් රකින රජුගේ සීලයේ බලයෙන් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට පිළිතුරු ලබා දී අැත්තේ දානයට වඩා බඹසර මහත්ඵල මහානිසංස බවයි
සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.
“ පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු බොහෝ දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය.
‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
යමෙක් බඹසර රැකීමේ සැපය නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ ලෙස පවසා අැත . (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.
“ පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය.
එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ,
“රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය.
පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
“ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද?
බඹසර රකින්නා කිසිදු අාත්මයක ස්ථ්‍රියක් , නපුංසකයෙක් වන්නේ නැත පුරැෂයෙක්ම වන්නේය ඔහු /අැය පතන්නාවූ සියල්ල ඉතාමත් හොදින්ම ඉශ්ට සිද්ධ වන්නේය
නිමි රජුගේ නුවණට එය ගෝචර නොවීය. උපෝසථ සිල් රකින රජුගේ සීලයේ බලයෙන් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට පිළිතුරු ලබා දී අැත්තේ දානයට වඩා බඹසර මහත්ඵල මහානිසංස බවයි
සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.
‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
යමෙක් බඹසර රැකීමේ සැපය නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ ලෙස පවසා අැත . (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
“ පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය.
එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ,
පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද?
ස්ත්‍රියක් වීම, මවක් වීම පවක් ද බුද්ධාගමේ ?