බඹසර රැකීම

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    3149da39f24160501f15187ffa3668b1.gif
     
    • Dislike
    Reactions: Smartm

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    @asliyanage මහත්තයො! මුහුද තියා අඩුමගානෙ වෙරළවත් දැකල නැති මිනිස්සුන්ට,මුහුදු පතුලෙ තියන මුතු, මැණික් ගැන කියවන්න යන්න එපා...
     
    • Like
    Reactions: ekpeters

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බඹසර සීලය කියන්නේ අතින් අල්ලන්නේ නැතුව sex නොකර ඉන්න එකද? ඒක තමයි බමුණන්ගේ බඹසර.

    බුදුන්වහන්සේගේ "බ්‍රහ්මචරියාව" හෙවත් "බ්‍රහ්මචර්යාව" හෙවත් "බඹසර" හෙවත් "බ්‍ර‍හ්මචර්‍ය්‍යය" හෙවත් "බ්‍ර‍ම්සර" කියන්නේ ඕක නෙවෙයි. බ්‍රහ්මචර්යාව කියන්නේ සාසනයට ඇතුලු වීම හෙවත් ධම්මානුධම්මපටිපදාවයි. ඒක රහත් වෙනකම්ම කරන්න ඕනේ දෙයක්. බන අහලා ශෘතමය ප්‍රඥාවයි, චින්තාමය ප්‍රඥාවයි ලබාගත්ත කෙනාට කරන්න පුළුවන් දෙයක් මිසක් අමු පෘතජනයන්ට ඒක කරන්න බෑ. අමු පෘතජනයන්ගේ බ්‍රහ්මචර්යාව තමයි අතින් අල්ලන්නේ නැතුව සෙක්ස් නොකර ඉන්න එක. ඒක තමයි බමුණන්ගේ බ්‍රහ්මචර්යාව

    ස්වාමීනි, බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?”
    “මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණ යම් රාගය ක්ෂයවීමක්, ද්වෙෂය ක්ෂයවීමක්, මෝහය ක්ෂයවීමක් වේද මෙය බ්‍රහ්මචරියාවේ කෙළවරයි
    .”

    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, මග්ග සංයුක්තය, භික්‌ෂු සූත්‍රය)
    https://pitaka.lk/main/?n=251020
    https://www.thripitakaya.org/tipitakaya/Index/137?s=1965

    -------------------
    "මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත වැ මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ අර්හත් යැ, ක්ෂීණාස්‍රව යැ, වුසූ බඹසර ඇත්තේ යැ"

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, උපරිපණ්ණාසකය, අන්ත වර්ගය, අරහන්‌ත සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/114?s=1165

    -------------------------------
    "9. මහණෙනි, සංයෝජන සතක්හුගේ ප්‍ර‍හාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්:

    අනුනය සංයෝජනයාගේ ප්‍ර‍හාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. ප්‍ර‍තිඝසංයෝජනයාගේ ප්‍ර‍හාණය සඳහා ... දෘෂ්ටිසංයෝජනයාගේ ... විචිකිච්ඡාසංයෝජනයාගේ … මානසංයෝජනයාගේ … භවරාගසංයෝජනයාගේ ... අවිද්‍යාසංයෝජනයාගේ ප්‍ර‍හාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍ර‍ම්සර වැසේ.
    මහණෙනි, මෙ සංයෝජන සත ප්‍ර‍හාණය කරණු සඳහා සමුච්ඡේදය සඳහා බ්‍ර‍හ්මචර්‍ය්‍යය වසනු ලැබේ"

    ( සඤ්ඤොජනප්පහාන සූත්‍රය)
    http://www.thripitakaya.org/tipitakaya/Index/525?s=11005


    ආර්ය බ්‍රහ්මචර්යාව


    ------ Post added on Jul 15, 2021 at 7:20 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය නිමි රජ්ජුරුවන්ට සක්රයා අපායක් පෙන්නනවා, ඒකෙ ඉන්නෙ මෙන්සස් දවසට සෙක්ස් කරපු අය.
    තව අපායක් පෙන්නනවා, ඒකෙ ඉන්නෙ පෝය දවසට ගොවිතැන් කරන අය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බඹසර යනු ? රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, ස්වයං වින්දනය නොකිරීම , රාගික දර්ශන බැලීමෙන් වැලකීම , කාමය සේවනය නොකිරීම , අසභ්‍ය රාගික වචනයෙන් කතා නොකිරීම.
    බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් `දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද´යනුයි.
    නිමි රජුගේ නුවණට එය ගෝචර නොවීය. උපෝසථ සිල් රකින රජුගේ සීලයේ බලයෙන් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට පිළිතුරු ලබා දී අැත්තේ දානයට වඩා බඹසර මහත්ඵල මහානිසංස බවයි.
    සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය.
    ඒ මෙසේ ය.
    “ පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු බොහෝ දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය.
    ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
    යමෙක් බඹසර රැකීමේ සැපය නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ ලෙස පවසා අැත . (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
    සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.
    “ පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
    ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
    තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය.
    එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
    මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ,
    “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය.
    පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
    🌸
    බඹසර රැකීමේ ආනිශංස
    1. පහ වූ සතුරන් ඇති බව.
    (සතුරන් අඩුයි)
    2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.
    3. සුව සේ සැතපීම.
    (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)
    4. සුවසේ අවදි වීම.
    (වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)
    5. අපාය බයෙන් මිදීම.
    (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)
    6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම.
    (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)
    7. ක්‍රෝධ නොකරන සුලු බව.
    (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)
    8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව.
    (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)
    9. යටිකුරු නොවන බව.
    (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)
    10. බිම බලාගෙන නො යෑම.
    (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)
    11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම.
    (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)
    12. පිරිපුන් ඉඳුරන් ඇති බව.
    13. පිරිපුන් ලකුණු ඇති බව.
    (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)
    14. කිසි තැනක සැක නැති බව.
    (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)
    15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව.
    (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)
    16. සැප විහරණ ඇති බව.
    (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)
    17. කිසි තැනකින් එන බියක් නැති බව.
    (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)
    18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම.
    (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)
    මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
    ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
    අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
    සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
    “අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
    අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
    අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
    පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
    “ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
    මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර නිසි අයුරින් සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය.
    උපුටා ගන්නා ලද්දකි.
     
    • Like
    Reactions: S_M_S

    Similar threads