බයික් උදව්වක්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
උදව්වක් ඉක්මනට

මචන්ලා බයික් එකේ රේස් එක වැඩීනේ බන්.. දවස් තුනක් විතර ස්ටාට් කලේ නෑ.. ඊයෙ තමා ටිකක් පැද්දේ.. උදේ ඉදන් පැද්ද හවස ටවුන් එකට ගිහිල්ල එන ගමන් මගඳි එන්ජින් එක නවත්තලා ටිකක් වෙලා ඉදල ආයෙ ස්ටාට් කලාට පස්සෙ නිකන් ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් කරල වගේ බන්😖, ඒ කියන්නෙ බන් බයික් එකේ රේස් එක පට්ට විදිහට වැඩී.. අපි එක තැන තියල හයියෙන් ඇක්සලේටරේ ඇල්ලුවම බෲම් ගාල සද්දෙ එන්නේ, අන්න ඒ වගේ. ඊයෙ එක පාරටම ඔය සීන් එක ආවෙ බන්.😔
ඊයෙ ස්ටාට් කරපු ගමන් ගියර් එකට දාන්න කලින් එන්නේ වෙලාවකට.. හැබැයි හැමවෙලේම ෆ්‍රස්ට් එකට දැම්මට පස්සේ අනිවා එනව.. බයික් එකේ යනකොටත් ෆෝත් ගියර් එකෙත් ඒ විදියයි. නිකන් එකපාරට මිස් කරන ගතියකුත් තියේ, ( යන ගමන් එකපාරට ගස්සලා අද්දනවා සමහර වෙලාවට) ඇක්සලේටරේ ඇල්ලුවෙ නැතත් යනව කියහන්කො.😑

ආයෙ බන් ඊයෙ බැලුව ස්ටාට් කරලා නිකන් තියන්න බෑ,(නිව්ටල් එකේ) තප්පර පහළොවෙන් විතර එන්ජින් එක නවතිනවා, මන් හය හත් පාරක් ඒම කලා, ඒ හැමවෙලේම එන්ජින් එක නැවතුනා ටික වෙලාවකින්..😖

ඇයි බන් ඒම වෙන්නෙ? තාම 7500 පැදලා තියෙන්නෙත්😞😓


අද උදේ බැලුවා.. දැන් ස්‍ටාට් කරපු වෙලේ ඉඳලා රේස් එක වැඩී බන්.. ඊයෙ හැමවෙලේම ඒම වුනේ නෑනේ.. අද එන්ජින් එක නැවතුනේ නම් නෑ හැබැයි

බයික් එක Platina comfortec එකක්.
 
Last edited: