බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද?

බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද?
April 10, 2013 at 12:01 am | lanka C news

d-10.jpg
මාක්‌ බර්නෙට්‌ සහ රොමා ඩොවුනේ යන නිෂ්පාදකයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරන ලද “ද බයිබල්” නමැති ටෙලිනාට්‍ය මාලාවක්‌ මේ දිනවල ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක විකාශනය වෙමින් පවතියි. “ද බයිබල්” ටෙලි නාට්‍ය මාලාව විකාශනය වූයේ නිකම්ම නොවේ. මුළු රට තුළම මහා ආන්දෝලනයක්‌ ඇති කරමින් රටම ගිනිතබමිනි. මෙම ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කර ඇත්තේ සාතන් කෙනෙකු නොහොත් යක්‌ෂයකුගේ චරිතයක්‌ මුල්කරගෙනය. “ද බයිබල්” ටෙලි නාට්‍යයේ එන සාතන් නොහොත් යක්‌ෂයාගේ චරිතය නිරූපණය කරන නළුවාගේ හැඩරුව හරියටම ඇමෙරිකාවේ ජනාධිපති බරක්‌ ඔබාමාගේ වගේමය. බයිබල් ටෙලි නාට්‍ය නිසා ඇමෙරිකාව ගිනිගෙන ඇත්තේ මෙන්න මේ හේතුව නිසායි.
ජනාධිපති බරක්‌ ඔබාමා යක්‍ෂයකුට සම කිරීමෙන් මෙම ජනනායකයා අපහාසයට හා උපහාසයට ලක්‌කර ඇතැයි කියන ඔහුගේ අනුගාමිකයෝ මෙම ටෙලිය වහාම තහනම් කරන ලෙසද ඉල්ලා සිටිති. එහෙත් බයිබලයේ නිෂ්පාදකයන් කියා සිටින්නේ තමන් ඉදිරිපත් කරන චරිතය ඔබාමාට කොහොමටවත් සමගාමි නැති බවය. ඔබාමාට වඩා මෙම ටෙලියේ රඟපාන නළුවා හැඩහුරු කමින් බොහෝ වෙනස්‌ බවය.
මෙම ටෙලිය ආන්දෝලනයට පත්වූයේ එහි අලුත්ම කතාංගයක්‌ විකාශනය වීමත් සමගය. මෙය විකාශනය වෙන්නේ History channel නමැති නාලිකාව ඔස්‌සේය. සාතන්ගේ චරිතය එළියට එන්නේ මෙම කථාංගය විකාශනය වීමත් සමගය.
දැනට රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වී තිබෙන “ද බයිබල්” ටෙලි නාටකයේ සාතන් නොහොත් යක්‌ෂයාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ මොරොක්‌කෝ ජාතික නළුවකු වන මොහාමෙන් මෙහෙඩි ක්‌වාෂන් නමැති රංගන ශිල්පියා විසිනි. මේ අතර ටුවිටර් නමැති වෙබ් අඩවියේ විස්‌තර ප්‍රචාරකයා වන ග්ලෙන් බෙග් කියා සිටියේ බයිබලයේ එන යක්‌ෂයා හරියටම ඇමෙරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා වගේම බවය. මොහුට අමතරව තවත් පිරිසක්‌ මත පළ කරමින් ඔබාමාගේත් මෙහි එන යක්‌ෂයාගේත් කිසිම වෙනසක්‌ නැති බව කියා සිටිති. මේ හැර “හිස්‌ටරි චැනල්” (History channel) නාලිකාව බයිබලයේ එන සාතන්ගේ කතාවට කේන්ද්‍රවී ඇත්තේ අලුත් හා පැරැණි බයිබලයේ එන (පැරැණි අලුත් තෙස්‌තමේන්තුව) කතා කීපයක්‌ බවත් මෙම කතාවල එන සාතන් දැනට ජීවතුන් අතර සිටින කිසිම කෙනකුගේ චරිතයකට සමකර නැති බවත්ය. මෙම චරිතය රඟපාන නළුවා ජනාධිපති ඔබාමාට වඩා වෙනස්‌ කෙනෙකු බවද එම නාලිකාව වැඩිදුරටත් කියා සිටියි.
මේක හරිම විකාර කතාවක්‌. එසේ කියන්නේ බයිබලය ටෙලි නාටකයේ සම නිෂ්පාදකයන් දෙදෙනා වන මාක්‌ බර්නට්‌ සහ රොමා ඩොනේය. “බයිබලයේ එන සාතන්ගේ චරිතය නිරූපණය කරන්නේ මොරොක්‌කෝවේ සිටින ඉහළින්ම පිළිගත් සම්භාව්‍ය රංගන ශිල්පියෙක්‌. කලින් බයිබලයේ කතා කේන්ද්‍ර කොටගෙන නිෂ්පාදනය කරන ලද ඓතිහාසික ටෙලිකතා කීපයකට ඔහු චරිත නිරූපණය කර තිබෙනවා. බරක්‌ ඔබාමා දේශපාලනයට පිවිසීමටත් කලින් මෙම රංගන ශිල්පියා දරුණු දුෂ්ට චරිත කීපයක්‌ම රඟපාලා තිබෙනවා. එවිට කවුරුත් කෑගැසුවේ නැහැ මේ ඉන්නේ ඔබාමාට සමගාමීව යන පුද්ගලයෙක්‌ කියලා. ඔබාමා ජනාධිපති වුණේ මේ මෑතකදී. නමුත් මේ රංගන ශිල්පියා රංගනයට පිවිසියේ මීට දශක දෙක තුනකට ඉහතදී.
මාක්‌ බර්නෙට්‌ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ නිෂ්පාදකවරයෙකි. ඔහු මුලින්ම ටෙලි ක්‍ෂේත්‍රයට පිවිසියේ රියලිටි ෂෝ එකක්‌ නිෂ්පාදනය කරමිනි. එම රියලිටි ෂෝ එක සර්වියර් නමින් හැඳින්විණි. ඒ ඔහුගේ බිරිද, රොමා ඩොවුනේ ටෙලි ක්‍ෂේත්‍රයට එක්‌වූයේ 1990 දීය. Toucher ou an Angel නමැති ටෙලියේ සුරදූතිකාවකගේ චරිතයක්‌ රඟපාමිනි.
තමන් බයිබලය නිෂ්පාදනය කළේ කීර්තියට පත් ජාත්‍යන්තර රංගන ශිල්පීන් පිරිසක්‌ සමග යෑයි කියන නිෂ්පාදක මාක්‌ බර්නෙට්‌ කිසියම් පුද්ගලයෙකු මෙහි එන සාතන්ගේ චරිතය බරක්‌ ඔබාමාට සමකිරීමට තැත් කරනවා නම් එය කනගාටුදායක සිද්ධියක්‌ බවද කියා සිටියි.
මේ අතර බයිබලයේ එන සාතන් ගැන කතා කරන මැදහත් විචාරකයෙක්‌ මෙය නිර්මාණයක්‌ බවත් එහි එන සාතන්ගේ චරිතය කිසිවකුට සමාන කිරීමට එහි නිෂ්පාදකයන් උත්සාහ නොගෙන ඇති බවත් කියා සිටියේය. ඒ කෙසේ වෙතත් බයිබලය නරඹා ඇති වැඩි පිරිසක්‌ කියා සිටින්නේ මෙහි එන යක්‌ෂයාගේ චරිතය නිරූපණය කරන නළුවාගේ මුහුණ ඔබාමාගේ මුහුණට බොහෝ දුරට නෑකම් කියන බවය. ආන්දෝලනයට තුඩුදී ඇති “ද බයිබල්” ටෙලි නාට්‍යයේ එන යක්‌ෂයාගේ චරිතය ජනාධිපති බරක්‌ ඔබාමා විසින් ද නරඹා ඇත. එහෙත් ජනාධිපති ඔබාමා මෙම චරිතය ගැන මේ දක්‌වා කිසිම දෙයක්‌ කියා නැත.
ඔබාමා බයිබලයේ සහ යක්‌ෂයා ගැන කිසිම දෙයක්‌ නොකීවත් ඔහු තරහෙන් පුපුරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මෙවැනිම සිද්ධියක්‌ නොහොත් ආන්දොලනයක්‌ පසුගිය අවුරුද්දේද ඇති විය. එය සිදුවූයේ එච්බීඕ නාලිකාව හරහා විසුරුවා හරින ලද ගේම් ඔෆ් ත්‍රෝන්ස්‌ (Game of Turones) නමැති ටෙලි කතා මාලාව නිසා වෙයි. මෙම ටෙලි නාට්‍යයේ එන එක්‌ චරිතයක පෙනී සිටි නළුවා හරියටම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජොර්- ඩබ්ලිව් බුෂ් වගේය. එවකට බලයේ සිටි ජෝර්- බුෂ් මෙය දැක කෝප ගත්තේය. පසුව නිෂ්පාදකයන් බුෂ්ගෙන් සමාව ඉල්ලමින් තමන් ජනාධිපතිවරයාට අපහාස කිරීමේ අදහසින් එවැන්නක්‌ නොයෙදූ බව කියා සිටියේය. ගේම් ඔෆ් ත්‍රෝන්ස්‌ ටෙලිකතා මාලාව තවමත් එච්. බී. ඕ චැනලයේ විකාශනය වෙයි.
දැනට ද බයිබල් ටෙලි නාට්‍ය මාලාව විකාශනය කරනු ලබන්නේ ඉරිදා රාත්‍රි 8 සිට රාත්‍රි 10 දක්‌වාය. මෙය මිලියන 10.8 ක රසික පිරිසක්‌ නරඹන බව කියති. මේ වන විට රසිකයන් මිලියන පනහක්‌ පමණ බයිබලයේ කොටස්‌ කීපයක්‌ම නරඹා ඇත. මෙය කොටස්‌ දහයකින් යුත් ටෙලි නාට්‍ය මාලාවකි.
කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩු දී ඇති යක්‌ෂයාගේ චරිතය මෙම ටෙලි නාටකයෙන් ඉවත් කිරීමට තමන් සූදානම් නැතැයි එහි නිෂ්පාදක මාක්‌ බර්නෙට්‌ කියා සිටී. මුළු ටෙලි නාටකයම ගොඩ නැගී ඇත්තේ යක්‌ෂයා පසුබිම් කර ගෙන යෑයි කියන නිෂ්පාදක බර්නෙට්‌ මේ නිසා එහි කිසිම කොටසක්‌ ඉවත් කිරීමට පුළුවක්‌ කමක්‌ නැතැයිද කියා සිටියි.
- ආතර් යූ. අමරසේන / Divaina

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කතන්දර නම් ඕන තරම් තියෙනවා එත්

    බයිබලයේ එන විදියට අවසාන කාලයේ එන්නේ යක්ෂ විතරක් නෙමෙයි

    01. අන්ත: ක්‍රිස්තු
    02. රාජ්‍ය නායකයෙක්
    03. ආගමික නායකයෙක්

    ඔය කියන තුන් දෙනාම එනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතන්දර නම් ඕන තරම් තියෙනවා එත්

    බයිබලයේ එන විදියට අවසාන කාලයේ එන්නේ යක්ෂ විතරක් නෙමෙයි

    01. අන්ත: ක්‍රිස්තු
    02. රාජ්‍ය නායකයෙක්
    03. ආගමික නායකයෙක්

    ඔය කියන තුන් දෙනාම එනවා

    හරියට හරි.. ඔකෙ ගන්න තියන හරය මිසක් චරිත නෙමෙයි.. ඔක බලපු අය දන්නවා ඇති Abraham කියන මනුස්සයා Hager කියන servent girl ට දාව දරුවෙක් උපදිනවා Ishmail කියලා.. පස්සෙ ඇත්තටම ජාතක පුතා ඉපදුනාම අර දෙන්නව එලවනවා.. ඔන්න ඔක තම මුස්ලිම් උන්ගෙ ආරම්බය.. Ishmail කියන කොල්ලා තමා මුල්ම මුස්ලිම් පොර. :P:P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඇත්ත මචං. මුස්ලිම් රටවල් කොච්චර යුදෙව්වොන්ට බැන්නත් යුදෙව්වන්ගේ පටන්ගත්ත ආගම් දෙකක් තමයි මුස්ලිම් හා කතෝලික. යුදෙව්වන්ගේ දෙවියෝ එක්ක ඇති කරගත්තු පිරිසිඳු කමේ සංකේතය ලෙස චර්මච්චේදනය අද වෙනකනුත් මුස්ලිම් අයත් කරනවා. හැගාර් ඉස්මයිල් එක්ක කාන්තාරේ වතුර නැතුව ඉන්නකොට දෙවියන් විසින් එවපු දේව දූතයෙක් ගලක් හිල් කරලා වතුර අරන් දුන්නා දෙන්නටම බොන්ඩ. ඒ වෙලාවේ දෙවියන්ගේ පණිවුඩේ උනේ ඉස්මයිල්ගෙන් අලුත් පරම්පරාවක් හදනවා කියලා. ඒ තමයි මුස්ලිම් ආරම්භය. හැබැයි ඉස්මයිල් නෙමේ මුස්ලිම් අයගේ ආරම්බය.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    හරියට හරි.. ඔකෙ ගන්න තියන හරය මිසක් චරිත නෙමෙයි.. ඔක බලපු අය දන්නවා ඇති Abraham කියන මනුස්සයා Hager කියන servent girl ට දාව දරුවෙක් උපදිනවා Ishmail කියලා.. පස්සෙ ඇත්තටම ජාතක පුතා ඉපදුනාම අර දෙන්නව එලවනවා.. ඔන්න ඔක තම මුස්ලිම් උන්ගෙ ආරම්බය.. Ishmail කියන කොල්ලා තමා මුල්ම මුස්ලිම් පොර. :P:P

    WARADI MACHAN ISMAIL KIYANNE MUSLIM WALA ARAMBA NEMEI. TYPE KARANNA KAMMALI NATHNAM UBATA WISTHARA SAHITHAWA KIYALA DENAWA

    ISHMAIL GEN ENA PARAMPARAWA ADATAH ISRAEL WALA INNAWA ETH MUSLIM NEMEI..

    ANITH EKA IPADUNA GAMANMA NEMEI ELAWANNE DALA WASHAYEN 13YRS WITHARA UNATA PASSE
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඇත්ත මචං. මුස්ලිම් රටවල් කොච්චර යුදෙව්වොන්ට බැන්නත් යුදෙව්වන්ගේ පටන්ගත්ත ආගම් දෙකක් තමයි මුස්ලිම් හා කතෝලික. යුදෙව්වන්ගේ දෙවියෝ එක්ක ඇති කරගත්තු පිරිසිඳු කමේ සංකේතය ලෙස චර්මච්චේදනය අද වෙනකනුත් මුස්ලිම් අයත් කරනවා. හැගාර් ඉස්මයිල් එක්ක කාන්තාරේ වතුර නැතුව ඉන්නකොට දෙවියන් විසින් එවපු දේව දූතයෙක් ගලක් හිල් කරලා වතුර අරන් දුන්නා දෙන්නටම බොන්ඩ. ඒ වෙලාවේ දෙවියන්ගේ පණිවුඩේ උනේ ඉස්මයිල්ගෙන් අලුත් පරම්පරාවක් හදනවා කියලා. ඒ තමයි මුස්ලිම් ආරම්භය. හැබැයි ඉස්මයිල් නෙමේ මුස්ලිම් අයගේ ආරම්බය.

    HARIYATA HARI ISMAIL KIYANNE MUSLIM WALA ARAMBAYA NEMEI

    GODAK AYA PATALAWA GANNA THANAK OKA
     
    අහ්...එහෙමද තැන්ක්ස් මචන්, පැහැදිලි කලාට.. මමත් ඔක බැලුවා.අන්තිම හරියෙනම් සැහෙන්න දුක හිතෙනවා..
    උබලා දෙනගෙන් එක්කෙනෙක් හරි කම්මැලි නැතුව ඔක ගැන පැහැදිලි කිරීමක් කරනව නම්
    , ලොකු දෙයක්..ඇත්තටම ඒ පොඩි කොල්ලාගෙන් එන පරම්පරාව අද කොහෙද ඉන්නෙ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අහ්...එහෙමද තැන්ක්ස් මචන්, පැහැදිලි කලාට.. මමත් ඔක බැලුවා.අන්තිම හරියෙනම් සැහෙන්න දුක හිතෙනවා..
    උබලා දෙනගෙන් එක්කෙනෙක් හරි කම්මැලි නැතුව ඔක ගැන පැහැදිලි කිරීමක් කරනව නම්
    , ලොකු දෙයක්..ඇත්තටම ඒ පොඩි කොල්ලාගෙන් එන පරම්පරාව අද කොහෙද ඉන්නෙ?

    දන්න විදියට දෙන්නා පාරන් කියන කාන්තාරේ ජීවත් වෙනවා. එහෙදි ඉස්මයිල් හොඳ දුනු කාරයෙක් වෙනවා. පස්සේ හැගාර් ඉස්මයිල්ට ඊජිප්තුවෙන් කෙනෙක් බැඳලා දෙනවා. එයාලට දාව පිරිමි ළමයි 12 ඉන්නවා. තුන් වෙනි නෝනා ගෙන් එක ගැහැණු ළමයෙක් ඉන්නවා. ඔය පරම් පරාව තමයි දැන් ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්න විදියට දෙන්නා පාරන් කියන කාන්තාරේ ජීවත් වෙනවා. එහෙදි ඉස්මයිල් හොඳ දුනු කාරයෙක් වෙනවා. පස්සේ හැගාර් ඉස්මයිල්ට ඊජිප්තුවෙන් කෙනෙක් බැඳලා දෙනවා. එයාලට දාව පිරිමි ළමයි 12 ඉන්නවා. තුන් වෙනි නෝනා ගෙන් එක ගැහැණු ළමයෙක් ඉන්නවා. ඔය පරම් පරාව තමයි දැන් ඉන්නේ
    එල.. තවත් කාරනයක් මචන්.. ඇයි "The bible" එකෙ, ජෙසු, අර අන්තිම රාත්ත්‍රි බොජනය කියන එකෙදි ගොලයන්ගෙ පාද සේදුවා කියලා තියන කොටස අයින් කලෙ.. එක මට හිතාගන්න බැ, මොකද ක්‍රිස්ටියන් කට්ටිය එක මහ බ්‍රහස්පතින්දා සමරනවා.. වතිකානුව පවා..

    දන්න කෙනෙක් කියන්න.. වැරදී දෙයක් කිව්වානම් සමා වෙන්න..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය දේවදූතය මුස්ලිම් ආරම්භක සාමාජිකයාගේ ඔලුව හිල් කරලා මොලේ අරන් දාල නැද්ද. මම මේ නිකමට දැන ගන්න අහන්නේ. කරන වැඩ දැක්කම එහෙමත් හිතෙනවා

    ඇත්ත මචං. මුස්ලිම් රටවල් කොච්චර යුදෙව්වොන්ට බැන්නත් යුදෙව්වන්ගේ පටන්ගත්ත ආගම් දෙකක් තමයි මුස්ලිම් හා කතෝලික. යුදෙව්වන්ගේ දෙවියෝ එක්ක ඇති කරගත්තු පිරිසිඳු කමේ සංකේතය ලෙස චර්මච්චේදනය අද වෙනකනුත් මුස්ලිම් අයත් කරනවා. හැගාර් ඉස්මයිල් එක්ක කාන්තාරේ වතුර නැතුව ඉන්නකොට දෙවියන් විසින් එවපු දේව දූතයෙක් ගලක් හිල් කරලා වතුර අරන් දුන්නා දෙන්නටම බොන්ඩ. ඒ වෙලාවේ දෙවියන්ගේ පණිවුඩේ උනේ ඉස්මයිල්ගෙන් අලුත් පරම්පරාවක් හදනවා කියලා. ඒ තමයි මුස්ලිම් ආරම්භය. හැබැයි ඉස්මයිල් නෙමේ මුස්ලිම් අයගේ ආරම්බය.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එල.. තවත් කාරනයක් මචන්.. ඇයි "The bible" එකෙ, ජෙසු, අර අන්තිම රාත්ත්‍රි බොජනය කියන එකෙදි ගොලයන්ගෙ පාද සේදුවා කියලා තියන කොටස අයින් කලෙ.. එක මට හිතාගන්න බැ, මොකද ක්‍රිස්ටියන් කට්ටිය එක මහ බ්‍රහස්පතින්දා සමරනවා.. වතිකානුව පවා..

    දන්න කෙනෙක් කියන්න.. වැරදී දෙයක් කිව්වානම් සමා වෙන්න..

    එහෙම කොහෙද මචන් කියලා තියෙන්නේ? බයිබලේ එහෙම කොහෙවත් එක අයින් කරලා නැහැ මචං. නව ගිවිසුමේ ඒක තියනවනේ
    :confused::confused::confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය දේවදූතය මුස්ලිම් ආරම්භක සාමාජිකයාගේ ඔලුව හිල් කරලා මොලේ අරන් දාල නැද්ද. මම මේ නිකමට දැන ගන්න අහන්නේ. කරන වැඩ දැක්කම එහෙමත් හිතෙනවා

    ඒක ඉතින් මචං එයාලගෙන්ම තමයි අහන්ඩ වෙන්නේ. මොකද දෙවියන් වහන්සේගේ ජනතාව වෙන්නේ යුදෙව්වෝ. එයාලගේ දෙවියන් විසින් පොරොන්දු උන දේශය තමයි දැන් ඔය ඊශ්‍රායලය. ඊජිප්තු වහල්කමෙන් මෝසස් මේ ජනතාව බේරාගෙන ගේන්නේ මෙහෙට. එතකොට මේ පළාතේ හිටියේ දැන් පලස්තීන ජාතිකයින්. එයාල එක්ක සටන් කරලා තමයි මෙයාලා ඊශ්‍රායලය අල්ල ගන්නේ. එතනින් පටන් ගත්තම තමයි මේ ජන කොටස් දෙක මේ රටේ ඉන්නේ. පස්සේ යුදෙව් ආගම ව්‍යාප්ත වෙනවා ගොඩක් බලගතු විදියට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කොහෙද මචන් කියලා තියෙන්නේ? බයිබලේ එහෙම කොහෙවත් එක අයින් කරලා නැහැ මචං. නව ගිවිසුමේ ඒක තියනවනේ
    :confused::confused::confused:

    මම කියන්නෙ බයිබලය පොතේ තියනවා මචන්.. ඔය film එකෙයි, එ සිද්දිය නැත්තෙ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම කියන්නෙ බයිබලය පොතේ තියනවා මචන්.. ඔය film එකෙයි, එ සිද්දිය නැත්තෙ..

    The Bible කියන Film එකේද? එක මම බලලා නැහැ මචං. අනික් ක්‍රිස්තු චරිත වල මේක තියනවා