බයිබලයේ’ එන යක්ෂයා බරක් ඔබාමාද?
බයිබලයේ’ එන යක්ෂයා බරක් ඔබාමාද?
April 10, 2013 at 12:01 am | lanka C news
මාක් බර්නෙට් සහ රොමා ඩොවුනේ යන නිෂ්පාදකයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරන ලද “ද බයිබල්” නමැති ටෙලිනාට්‍ය මාලාවක් මේ දිනවල ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක විකාශනය වෙමින් පවතියි. “ද බයිබල්” ටෙලි නාට්‍ය මාලාව විකාශනය වූයේ නිකම්ම නොවේ. මුළු රට තුළම මහා ආන්දෝලනයක් ඇති කරමින් රටම ගිනිතබමිනි. මෙම ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කර ඇත්තේ සාතන් කෙනෙකු නොහොත් යක්ෂයකුගේ චරිතයක් මුල්කරගෙනය. “ද බයිබල්” ටෙලි නාට්‍යයේ එන සාතන් නොහොත් යක්ෂයාගේ චරිතය නිරූපණය කරන නළුවාගේ හැඩරුව හරියටම ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමාගේ වගේමය. බයිබල් ටෙලි නාට්‍ය නිසා ඇමෙරිකාව ගිනිගෙන ඇත්තේ මෙන්න මේ හේතුව නිසායි.
ජනාධිපති බරක් ඔබාමා යක්ෂයකුට සම කිරීමෙන් මෙම ජනනායකයා අපහාසයට හා උපහාසයට ලක්කර ඇතැයි කියන ඔහුගේ අනුගාමිකයෝ මෙම ටෙලිය වහාම තහනම් කරන ලෙසද ඉල්ලා සිටිති. එහෙත් බයිබලයේ නිෂ්පාදකයන් කියා සිටින්නේ තමන් ඉදිරිපත් කරන චරිතය ඔබාමාට කොහොමටවත් සමගාමි නැති බවය. ඔබාමාට වඩා මෙම ටෙලියේ රඟපාන නළුවා හැඩහුරු කමින් බොහෝ වෙනස් බවය.
මෙම ටෙලිය ආන්දෝලනයට පත්වූයේ එහි අලුත්ම කතාංගයක් විකාශනය වීමත් සමගය. මෙය විකාශනය වෙන්නේ History channel නමැති නාලිකාව ඔස්සේය. සාතන්ගේ චරිතය එළියට එන්නේ මෙම කථාංගය විකාශනය වීමත් සමගය.
දැනට රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වී තිබෙන “ද බයිබල්” ටෙලි නාටකයේ සාතන් නොහොත් යක්ෂයාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ මොරොක්කෝ ජාතික නළුවකු වන මොහාමෙන් මෙහෙඩි ක්වාෂන් නමැති රංගන ශිල්පියා විසිනි. මේ අතර ටුවිටර් නමැති වෙබ් අඩවියේ විස්තර ප්‍රචාරකයා වන ග්ලෙන් බෙග් කියා සිටියේ බයිබලයේ එන යක්ෂයා හරියටම ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වගේම බවය. මොහුට අමතරව තවත් පිරිසක් මත පළ කරමින් ඔබාමාගේත් මෙහි එන යක්ෂයාගේත් කිසිම වෙනසක් නැති බව කියා සිටිති. මේ හැර “හිස්ටරි චැනල්” (History channel) නාලිකාව බයිබලයේ එන සාතන්ගේ කතාවට කේන්ද්‍රවී ඇත්තේ අලුත් හා පැරැණි බයිබලයේ එන (පැරැණි අලුත් තෙස්තමේන්තුව) කතා කීපයක් බවත් මෙම කතාවල එන සාතන් දැනට ජීවතුන් අතර සිටින කිසිම කෙනකුගේ චරිතයකට සමකර නැති බවත්ය. මෙම චරිතය රඟපාන නළුවා ජනාධිපති ඔබාමාට වඩා වෙනස් කෙනෙකු බවද එම නාලිකාව වැඩිදුරටත් කියා සිටියි.
මේක හරිම විකාර කතාවක්. එසේ කියන්නේ බයිබලය ටෙලි නාටකයේ සම නිෂ්පාදකයන් දෙදෙනා වන මාක් බර්නට් සහ රොමා ඩොනේය. “බයිබලයේ එන සාතන්ගේ චරිතය නිරූපණය කරන්නේ මොරොක්කෝවේ සිටින ඉහළින්ම පිළිගත් සම්භාව්‍ය රංගන ශිල්පියෙක්. කලින් බයිබලයේ කතා කේන්ද්‍ර කොටගෙන නිෂ්පාදනය කරන ලද ඓතිහාසික ටෙලිකතා කීපයකට ඔහු චරිත නිරූපණය කර තිබෙනවා. බරක් ඔබාමා දේශපාලනයට පිවිසීමටත් කලින් මෙම රංගන ශිල්පියා දරුණු දුෂ්ට චරිත කීපයක්ම රඟපාලා තිබෙනවා. එවිට කවුරුත් කෑගැසුවේ නැහැ මේ ඉන්නේ ඔබාමාට සමගාමීව යන පුද්ගලයෙක් කියලා. ඔබාමා ජනාධිපති වුණේ මේ මෑතකදී. නමුත් මේ රංගන ශිල්පියා රංගනයට පිවිසියේ මීට දශක දෙක තුනකට ඉහතදී.
මාක් බර්නෙට් බ්‍රිතාන්‍යයේ උපත ලැබූ නිෂ්පාදකවරයෙකි. ඔහු මුලින්ම ටෙලි ක්ෂේත්රයට පිවිසියේ රියලිටි ෂෝ එකක් නිෂ්පාදනය කරමිනි. එම රියලිටි ෂෝ එක සර්වියර් නමින් හැඳින්විණි. ඒ ඔහුගේ බිරිද, රොමා ඩොවුනේ ටෙලි ක්ෂේත්රයට එක්වූයේ 1990 දීය. Toucher ou an Angel නමැති ටෙලියේ සුරදූතිකාවකගේ චරිතයක් රඟපාමිනි.
තමන් බයිබලය නිෂ්පාදනය කළේ කීර්තියට පත් ජාත්‍යන්තර රංගන ශිල්පීන් පිරිසක් සමග යෑයි කියන නිෂ්පාදක මාක් බර්නෙට් කිසියම් පුද්ගලයෙකු මෙහි එන සාතන්ගේ චරිතය බරක් ඔබාමාට සමකිරීමට තැත් කරනවා නම් එය කනගාටුදායක සිද්ධියක් බවද කියා සිටියි.
මේ අතර බයිබලයේ එන සාතන් ගැන කතා කරන මැදහත් විචාරකයෙක් මෙය නිර්මාණයක් බවත් එහි එන සාතන්ගේ චරිතය කිසිවකුට සමාන කිරීමට එහි නිෂ්පාදකයන් උත්සාහ නොගෙන ඇති බවත් කියා සිටියේය. ඒ කෙසේ වෙතත් බයිබලය නරඹා ඇති වැඩි පිරිසක් කියා සිටින්නේ මෙහි එන යක්ෂයාගේ චරිතය නිරූපණය කරන නළුවාගේ මුහුණ ඔබාමාගේ මුහුණට බොහෝ දුරට නෑකම් කියන බවය. ආන්දෝලනයට තුඩුදී ඇති “ද බයිබල්” ටෙලි නාට්‍යයේ එන යක්ෂයාගේ චරිතය ජනාධිපති බරක් ඔබාමා විසින් ද නරඹා ඇත. එහෙත් ජනාධිපති ඔබාමා මෙම චරිතය ගැන මේ දක්වා කිසිම දෙයක් කියා නැත.
ඔබාමා බයිබලයේ සහ යක්ෂයා ගැන කිසිම දෙයක් නොකීවත් ඔහු තරහෙන් පුපුරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මෙවැනිම සිද්ධියක් නොහොත් ආන්දොලනයක් පසුගිය අවුරුද්දේද ඇති විය. එය සිදුවූයේ එච්බීඕ නාලිකාව හරහා විසුරුවා හරින ලද ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Turones) නමැති ටෙලි කතා මාලාව නිසා වෙයි. මෙම ටෙලි නාට්‍යයේ එන එක් චරිතයක පෙනී සිටි නළුවා හරියටම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජොර්- ඩබ්ලිව් බුෂ් වගේය. එවකට බලයේ සිටි ජෝර්- බුෂ් මෙය දැක කෝප ගත්තේය. පසුව නිෂ්පාදකයන් බුෂ්ගෙන් සමාව ඉල්ලමින් තමන් ජනාධිපතිවරයාට අපහාස කිරීමේ අදහසින් එවැන්නක් නොයෙදූ බව කියා සිටියේය. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලිකතා මාලාව තවමත් එච්. බී. ඕ චැනලයේ විකාශනය වෙයි.
දැනට ද බයිබල් ටෙලි නාට්‍ය මාලාව විකාශනය කරනු ලබන්නේ ඉරිදා රාත්‍රි 8 සිට රාත්‍රි 10 දක්වාය. මෙය මිලියන 10.8 ක රසික පිරිසක් නරඹන බව කියති. මේ වන විට රසිකයන් මිලියන පනහක් පමණ බයිබලයේ කොටස් කීපයක්ම නරඹා ඇත. මෙය කොටස් දහයකින් යුත් ටෙලි නාට්‍ය මාලාවකි.
කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩු දී ඇති යක්ෂයාගේ චරිතය මෙම ටෙලි නාටකයෙන් ඉවත් කිරීමට තමන් සූදානම් නැතැයි එහි නිෂ්පාදක මාක් බර්නෙට් කියා සිටී. මුළු ටෙලි නාටකයම ගොඩ නැගී ඇත්තේ යක්ෂයා පසුබිම් කර ගෙන යෑයි කියන නිෂ්පාදක බර්නෙට් මේ නිසා එහි කිසිම කොටසක් ඉවත් කිරීමට පුළුවක් කමක් නැතැයිද කියා සිටියි.
- ආතර් යූ. අමරසේන / Divaina