හැමෝම තමතමන්ගේ ආගම් හරී කියනව.
කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනව,
ගුටි කෙලගන්නව,
මරාගන්නව,
යුද්ධ කරගෙන වටිනා ජීවිත ලක්ෂ ගනන් විනාශ කරගන්නව,
නමුත්
එකෙක්වත්
තමන්ගෙ ආගම අනුගමනය කරන්නෙ නැහැ
යේසුස් වහන්සෙගේ දර්ශනයට අනුව ආදරය හා කරැනාව වත්,
මුහම්මද් තුමාගේ සහොදරත්වය වත්,
බුදුන්ගේ මෛත්රියවත්,
මුන් එකෙක් ලගවත් නැහැ.
එහෙමනමි ලොකය කොතරමි ලස්සන තැනක් වේවිද.
ජේසුස් වහන්සේ, නබි නායක තුමා, යන ආගමික නායකයින් යමි යමි ප්‍රමාණ වලින් මේ විශ්වයේ පවතින පරම සත්‍ය වන ස්වභාවික සත්‍ය විග්රහ කරල තියනව.
බුදුන් මේකට කිව්වෙ සද්ධර්මය කියල, මෙහිදි බුදුන් සිත පිළිබදව හා කර්මය පිළිබදව වගේම ස්වභාවික න්‍යායන් වන හේතුඵල දහම පිළිබදව අන් ආගමික නායකයින්ට වඩා වැඩි විග්‍රහයක් කරල තියනව. ඒ නිසා බුද්ධ දර්ශණයේ ස්වභාවික සත්‍ය පිළිබද වැඩි විග්රහ කිරීමක් දක්නට ලැබෙනව. ( නිවුටන්, ඇල්බටි අයින්ස්ටයින් වගේ බුද්ධිමතුන් ද මේ ස්වභාවික සත්‍ය ඉතා සුඵ ප්‍රමානයන් ගෙන් පැහැදිලි කරල තියෙනව)
හැබැයි මෙම ආගමික නායකයින් නොකියපු බොහෝදේ දැන් මේ ආගමිවලට එකතුවෙලා තියෙනව. විවිධ අරමුණු සදහා විවිධ අය නිකාය වලට බෙදිල මුල් ආගමික දර්ශණ වෙනස් කරගෙන. මුල් දර්ශණ දැන් වියැකී ගිහින්.
බුදු දහම දැන් අපිට කොටස් තුනක් දකින්න තියෙනව,
1. ප්‍රසිද්ධ බුදුදහම නැතිනමි පන්සල්වල ප්‍රායෝගිකව දැන් තියෙන බුද්ධාගම.
2. ත්‍රිපිටකය, අටුවාව යන ග්‍රන්තවල දක්නට ඇති දහම.
3. බුදුරදුන් දෙසු සද්ධර්මය. - මෙම දර්මය දැන් බෙහෝ දුරට විකුර්ති වෙලා.
අනිත් ආගමි වල තත්වයත් මේ වගේ තමයි. මුල් බයිබලය 2500 වාරයක් පමන වෙනස් කරල තියනව.
හැබැයි මුල් ලියවිලි වලින් තරමක් දුරට අල් කුරානය වෙනස් වෙලා කියල සාක්ෂි නැහැ. නමුත් කුරානය විතරක් කියවල තේරැමි ගන්න බැහැ. ඒක පැහැදිලි කරගන්න අල් හදීස් වගේ ඒගැන අර්ථ දැක්වීමි සහිත වෙනත් ලියවිලි සහයට ගන්න වෙනව, එකම අල් කුරාන් පාඨයක් පැහැදිලි කිරීම සදහා විවිධ හදීස් අර්ථ දැකිවීම් තියෙන නිසා එහි නියම අර්ථය තේරැමි ගැනීම අපහසු වෙනව.
සමිප්රදායිකව අපි කවුරැත් දෙමාපියන්ගෙන් ලැබෙන ආගම ඇදහීම තමයි කරන්නෙ නැතුව සත්‍ය සොයල ආගමික දර්ශන අපි කවුරැත් අනුගමනය කරන්නෙ නැහැනෙ.
මේවා තේරැමිගෙන මැදුමි පිළිවෙතක් අනුගමනය කිරීම තමයි සුදුසු.











