තහනම් ගහේ ගෙඩි කෑව නිසා උපදින හැම මනුෂ්‍යයටම ජන්ම පාපෙ උරුම වුණාලු
දෙවියන්වහන්සේ මේ ලෝකෙ මැව්වෙ මනුෂ්‍යයාට කිසිම දුකක් නැති විදියට
ජන්ම පාපෙ නිසාලු මේ කරදර ඔක්කොම පටන් ගත්තෙ. මිනිස්සු වයසට ගිහින් මැරෙන්න ගත්තලු. ලෙඩු දුක් හැදෙන්න ගත්තලු. ගැහැනුන්ට ප්‍රසූත වේදනා විදල දරුවො බිහි කරන්න වුණාලු
කොටින්ම කියනවනං ලෝකෙ මවල තියෙන්නෙ ස්වර්ගයක් විදියට. මිනිස්සු මැරෙන්නෙ නෑ. අමරණීයයි
7 ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක්2:7 එනම්, සත්වයෙක්. විය.
8 ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක.
9 දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක.
16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: ඔබට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;
17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නේයයි කීසේක.
18 ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.
21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක.
22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.
23 එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය.
24 එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
25 තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.
1 සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.
2 ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන;
3 එහෙත් දෙවියන්වහන්සේ-ඔබ සැම නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය.
4 සර්පයාද: ඔබ සැම ඇත්තටම නසින්නේ නැත;
5 මක්නිසාද ඔබ සැම එයින් කන දවසෙහි ඔබ සැමගේ ඇස් ඇරෙන බවත් ඔබ සැම යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය.
6 ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය.
8 ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
9 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: ඔබ කොහේදැයි ඔහුට කීසේක.
10 ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.
11 උන්වහන්සේ: ඔබ නග්න බව ඔබට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවේදැයි ඇසූසේක.
12 මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.
13 ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔබ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.
14 එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය.
15 මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
16 උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: ඔබේ ශෝකය3:16 නොහොත්, ගර්භදැරීමේ වේදනාව. හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; ඔබ වේදනා සහිතව දරුවන් වදන්නීය; ඔබේ ආශාව ඔබේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු ඔබ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.
17 උන්වහන්සේ ආදම්ට කථාකොට: ඔබේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් ඔබ නිසා භූමිය ශාපලද්දීය; ඔබේ ජීවිතයේ සියලු දවස්වලම ඔබ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය;
18 එය ඔබට කටුද ගොකටුද උපදවන්නේය; ඔබ වනයේ පලා කන්නෙහිය;
19 ඔබ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් ඔබේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නේය; මක්නිසාද ඔබ දූවිලිය, දූවිල්ලට හැරී යන්නේයයි කීසේක.
20 මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව3:20 හෙබ්‍රෙව්: හව්වා, එනම් ජීවමාන, නොහොත් ජීවනය. යන නම තැබීය.
21 ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක.
22 තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිඟුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා,
23 යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක.
24 මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
Last edited:

