බයිස්කෝප් පිස්සා
හින්දි චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට බලපු මගේ ලෝකෙට
දෙමළ චිත්‍රපට ආවේ මේ ළඟදී
ඒත් ඉස්සර
දෙමළ මනුස්සයා දිහා අපි බැලුවෙත් සැකයෙන්
අපි බැලුවෙත් වපරුහින්
බස් එකට නැග්ගත්
කෝච්චියට නැග්ගත්
දෙමළ වචනයක් ඇහෙන එකත්
කන්දොස්කිරියාවක්
ඒත්
දෙමළ ජනතාවගේ ලෝකෙත් කොච්චර සුන්දරද
දෙමළ ජනතාවගේ සංස්කෘතියත් කොච්චර ලස්සනද
දෙමළ ජනතාවගේ හදවත් අපේම වගේ නේද
දෙමළ සින්දුත් කොච්චර ලස්සනද
දෙමළ චිත්‍රපටවලට ඇබ්බැහි වුණූ මට දැනුනේ එහෙමයි
ඒ
ඉස්සර මට අම්මා
මගේම ආරක්ෂාවට
මට තියෙන ආදරේට
ගෙදරින් පවා දෙමළ චිත්‍රපට බලන්න තහංචි තිබුණු හින්දයි
ඒ හින්දාම මං අද
හයි වොලියුම් දාගෙන දෙමළ සින්දු අහනවා
හයි වොලියුම් දාගෙන දෙමළ චිත්‍රපට බලනවා
දෙමළ නාට්‍යයක් බලන්න ආසාවෙන් බලං ඉන්නවා
හැබැයි හෙට ඉඳන් මං
අරාබි රටවල්වල චිත්‍රපටත් බලනවා
අරාබි සින්දු අහනවා
අරාබි නාට්‍යය තියෙනවා නම් ඒවත් බලනවා
අරාබි නැටුමක් තිබ්බොත් ඒකත් බලනවා
ඒ
අනිද්දා සමහරවිට මට අම්මා
මගේම ආරක්ෂාවට
මට තියෙන ආදරේට
අරාබි චිත්‍රපට කිසිවක් බලන්න එපා කියන හින්දයි
හින්දි චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට බලපු මගේ ලෝකෙට
දෙමළ චිත්‍රපට ආවේ මේ ළඟදී
ඒත් ඉස්සර
දෙමළ මනුස්සයා දිහා අපි බැලුවෙත් සැකයෙන්
අපි බැලුවෙත් වපරුහින්
බස් එකට නැග්ගත්
කෝච්චියට නැග්ගත්
දෙමළ වචනයක් ඇහෙන එකත්
කන්දොස්කිරියාවක්
ඒත්
දෙමළ ජනතාවගේ ලෝකෙත් කොච්චර සුන්දරද
දෙමළ ජනතාවගේ සංස්කෘතියත් කොච්චර ලස්සනද
දෙමළ ජනතාවගේ හදවත් අපේම වගේ නේද
දෙමළ සින්දුත් කොච්චර ලස්සනද
දෙමළ චිත්‍රපටවලට ඇබ්බැහි වුණූ මට දැනුනේ එහෙමයි
ඒ
ඉස්සර මට අම්මා
මගේම ආරක්ෂාවට
මට තියෙන ආදරේට
ගෙදරින් පවා දෙමළ චිත්‍රපට බලන්න තහංචි තිබුණු හින්දයි
ඒ හින්දාම මං අද
හයි වොලියුම් දාගෙන දෙමළ සින්දු අහනවා
හයි වොලියුම් දාගෙන දෙමළ චිත්‍රපට බලනවා
දෙමළ නාට්‍යයක් බලන්න ආසාවෙන් බලං ඉන්නවා
හැබැයි හෙට ඉඳන් මං
අරාබි රටවල්වල චිත්‍රපටත් බලනවා
අරාබි සින්දු අහනවා
අරාබි නාට්‍යය තියෙනවා නම් ඒවත් බලනවා
අරාබි නැටුමක් තිබ්බොත් ඒකත් බලනවා
ඒ
අනිද්දා සමහරවිට මට අම්මා
මගේම ආරක්ෂාවට
මට තියෙන ආදරේට
අරාබි චිත්‍රපට කිසිවක් බලන්න එපා කියන හින්දයි
Last edited: