බය වෙන්නෙ නැතුව ඉන්ඩ… මේ චන්දරේ විෂ ටික උරල
අන්දරේ සහ චන්දරේ….
මේ කතාව අහන්න ලැබුනෙ සෙට් එකක් එක්ක ගමනක් ගිය වෙලාවක. මේක කලින් දාලා තියෙනවද කියල නම් දන්නෙ නැහැ. අහපු අය ඉන්නවා නම් සමාවෙන සේක්වා… කමක් නෑ… ඔන්න ඔහේ ලියලා දාන්නම්කෝ…
ඔන්න එකමත් එක කාලෙක (කොයි කාලෙද කියලනම් ෂුවර් නෑ) අන්දරේ රාජ සභාවෙ කවටයා වෙලා හිටිය කියල අපි හැමෝම දන්නවනේ… මෙහෙම ටික දවසක් යනකොට රජතුමාටත් අන්දරේගෙ විහිළු අහල අහලම…. බලල බලලම… ඇති වුනාලු. ඒ හින්ද රජතුමා තීරණය කරාලු තවත් පොරක්ව අන්දරේගෙ පෝස්ට් එකටම පත් කොරන්ඩ ඕනෙයි කියලා…
රජතුමාත් ඉතින් රට වටේම අඬබෙරයක් එහෙම ගහල වේකන්සිය ඇඩ්වර්ටයිස් කරාලු. ඕක අහපු දෙනෝ දාහක් දෙනා වේකන්සියට නාම යෝජනා බාර දුන්නට පස්සෙ රජතුමා අන්දරේ ලවාම එකෙක්ව තෝර ගත්තලු. ඒ කියන්නෙ අන්දරේ තමා කට්ටියවම සම්මුඛ පරීක්ෂණයකට බඳුන් කරලා එහෙම එකෙක්ව තෝර ගත්තෙ… අන්දරේ නම් මහ ලොකුවට සුදුසුකම් හොයන්නෙ නැතිව නම විතරක් බලල තෝරගත්ත පොරගෙ නම තමයි චන්දරේ. අන්දරේ හෙවුවෙ නැති වුනාට චන්දරේට තිබුණලු සර්ප වෙදකම පිළිබඳ අමතර සුදුසුකමකුත්…
දැන් ඉතින් චන්දරේටත් ඕනෙලු තමුන් අන්දරේට වැඩිය වැඩ කාරයෙක්ය කියල පෙන්නන්න. වෙන කාටවත් නෙවෙයි අන්දරේටම තමයි ඉතිං. මොකද අන්දරේව මෝඩයා කරගත්තොත් තමුන්ටත් හෙන තැනක් එනවනෙ…
අන්දරේව ගොනාට අන්දන්නෙ කොහොමද කියල කල්පනා කරපු චන්දරේට එක පාරටම ගණ දෙවි නුවණ පහල වුනාලු. පොර අන්දරේ ලඟට ගිහින් ඇහුවලු, “අන්දරේ… පොඩි චේන්ජ් එකකටත් එක්ක… අපි දෙන්නා අල්ලමුද ඔට්ටුවක්?” කියලා. අන්දරේටත් පුළුවන්ද මූට සෙකන්ඩ් වෙන්න… ඒ හින්ද අන්දරේත් කිවුවලු “අල්ලමු… අල්ලමු… හරි මොකද්ද දැන් ඔට්ටුව?” කියලා.
චන්දරේත් තමුන්ගෙ ප්ලෑන් එක විස්තර කරාලු. “මෙන්න මේකයි අන්දරේ… රජතුමාට ඉන්නවනේ ලස්සන දූකුමාරිකාවක්… එයාගෙ මූන ඉඹින්න පුළුවන් කාටද කියලා… බලමුද එහෙනම්..? ඉස්සරවෙන කෙනා ඔට්ටුව දිනුම්! මම දින්නොත් මට කහවනු 10ක් අන්දරේ දෙන්න ඕනෙ. අන්දරේ දින්නොතින් මම කහවණු 100ක් අන්දරේට දෙනවා…”
අන්දරේටත් එලොව පොල් පෙනුනලු. මොකද ඉතිං රාජ කුමාරිකාවත් වයස දහඅටේ ලස්සන කෙල්ලෙක්ලු. පොඩි එකෙක් නම් ඉතින් ඉඹින එක මහ දෙයක්යැ… ඔය කෙල්ලව ඉඹින්න ගිහින් රජාට මාට්ටු වුනොත් එහෙම, ඇත්තටම එලොව ගිහින් පොල් බලන්න පුළුවන්නේ… දැන් ඉතින් මොකද කරන්නේ… වැඩේට කැමති වෙලත් ඉවරනේ… දැන් ඉතිං අන්දරේගෙ හිත වැඩකරනවලු හෝ ගාලා… හැබැයි අර හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියන්නා වාගේ… අන්දරේටත් මේකෙ ධනාත්මක පැත්ත ගැන හිතුනලු. “මම මොකටද කහවණු 100කට ඉල්ලං මාමයිට් ගාගන්නෙ… ඕකිව ඉම්බොත් එහෙම පරලොව සැපත් වෙන්න වෙනවා ෂුවර්… ඒ නිසා චන්දරේට ඉඹගන්න දීල මම පැත්තකට වෙනවා. රජා ඌව කම්බස් කලාම මම විතරනෙ ආයෙත් මෙහෙ ඉතිරි වෙන්නෙ… කහවණු 10 නම් මොකද්ද මගේ පඩියත් එක්ක බලද්දී… “ මෙහෙම හිතපු අන්දරේ ඔට්ටුව බාර ගත්තලු.
අන්දරේත් දැන් බලාගෙන ඉන්නවලු, චන්දරේ රජතුමාට මාට්ටු වෙනකල්… චන්දරේත් හැබැයි ලෝකෙ කාල වතුර නාපු එකෙක්ලු. ඔන්න ඉතින් මිනිහත් ගේමට එන්ටර් වෙලා සැලැස්මෙ පළවෙනි අදියර ක්‍රියාවට නැංවුවාලු… පොරත් දූකුමාරිකාව බැහැදකින්න ගිහිල්ලා… පොඩි චැට් එකකකුත් එහෙම දාගෙන ඉඳලා… ෂේප් එකේ පොඩි කටුවක් හැංගුවාලු කුමාරිගෙ සිරි යහනේ කොට්ටේ යටින්… මූනෙ ඇනෙන විදිහට…
ඔන්න ඉතිං එදා රෑ රාජකුමාරිකාව නිදාගන්න ගියවෙලාවෙ ඇනුනලු අර කටුව මූනෙ… කුමාරිකාවත් කෑගහනවලු මාලිගාව දෙවනත් වෙන්න… ඔය අතරෙ චන්දරේ මොකද කලේ දන්නවද?… මිනිහා කලින් අල්ලගෙන හිටපු සර්පයෙක්ව දැම්මලු කුමාරිකාවගෙ සිරි යහන් ගබඩාවෙ ජනේලෙන් කාමරේ ඇතුලට…
කුමාරිකාවගෙ කෑකැහිල්ල ඇහුන රජතුමායි, බිසවුන් වහන්සේයි, රජ මාලිගාවෙ රාජ පුරුෂයෝ ටිකයි, අරකයි මේකයි හැමෝම කළුවරේම දුවගෙන ආවලු කුමාරිකාව හිටපු කාමරේට. කුමාරිකාව රජතුමා ලඟට දුවගෙන ගිහිල්ලා අඬන ගමන්ම කිවුවලු “අනේ පිය රජතුමනි… මගේ මූණට මොකෙක්දෝ එකෙක් ඇන්නා…” කියලා.
රජතුමාත් දෝණියැන්දගෙ මූණ පරීක්ෂා කොරල බලනකොට මූණෙ එක තැනක් රතු වෙලා තියෙනවලු… රජතුමා සිය රාජ පුරුෂයින්ට වහාම නියෝග කලාලු සිරි යහන් ගබඩාවට ෆුල් සර්ච් එකක් දෙන්න කියලා. කට්ටිය හොයනකොට අර චන්දරේ දැම්ම සර්පයාව හම්බ වුනාලු ඇඳ යට ඉඳලා… රජතුමාට දැන් සීයට දෙසීයක් ෂුවර් කුමාරිගේ මූණට දෂ්ඨ කොරලා තියෙන්නෙ මේ සර්පයාමයි කියලා…
රජතුමාත් ඇන් දෙලෝ රත් වෙලා හොයනවලු සර්ප වෙදෙක්ව හතරවටේ… මේ වෙලාවෙ රජතුමාට පටස් ගාලා මීටර් වුනාලු චන්දරේට සර්ප වෙදකම පුළුවන් කියලා… රජතුමා ඉක්මනටම චන්දරේට එන්න කියලා කොහොම හරි දූකුමාරිව බේරලා දෙන්න කියලා බැගෑපත් වුනාලු…
චන්දරේත් බොහෝම යටහත් පහත්ව “එහෙනම් අවසරයි දේවයන් වහන්ස, මට පුළුවනි දූකුමරියව සුවපත් කරන්න… ඔය විෂ ටික උරලා පොඩි බෙහෙතක් කලාම කුමාරිකාව සුවපත් වෙයි.” කියලා අවසර අරගෙන කුමාරිගෙ මූණට කට තියලා විෂ උරනවා වගේ පෙන්නලා කෝකටත් තෛලයෙන් ටිකකුත් මූනේ ගෑවලු. කුමාරිකාවත් යස අගේට සුවපත් වුනාලු (අමුතුවෙන් හොඳ වෙන්න ඉතිං ආයෙ ලෙඩක් තිබ්බෙ නැහැනෙ). රජතුමාටත් දැන් මාර හැපිලු… දුවව ගොඩගත්තෙ චන්දරේ හින්ද චන්දරේටත් සෑහෙන්ඩ තෑගි බෝග දීල පඩියත් ඩබල් කරාලු.
චන්දරේත් ඔය සේරම බුක්ති විඳින අතරෙ අන්දරේට කතා කරලා කහවණු 10 ඉල්ලුවලු… අන්දරේගෙ ටිකිරි මොලේට චන්දරේගෙ මගෝඩි වැඩේ මීටර් වුනේ ඔන්න එතකොටලු. මොනවා කරන්නද අන්දරේ ඔට්ටුව පරාදයිනේ… කහවණු 10 දීල තමන්ගෙ පරාජය පිළිගත්තලු. දැන් ඉතිං චන්දරේලු රජ මාලිගාවෙ පොර වෙලා ඉන්නෙ… අන්දරේව තඹ සතේකට මායිම් කරන්නෙ නැතිලු….
————————————————————————————————————————————————
ඔන්න ඉතිං දවසක් රජතුමාට දඩකෙළියේ යන්න හිතිලා, තමන්ගේ සුවච කීකරු ගෝලයෝ දෙන්නා, ඒ කියන්නේ චන්දරේවයි අන්දරේවයි එකතු කරගෙන සහපිරිවරින් කැලෑවක් බලා පිටත් වුනාලු…. ටික දුරක් යනකොට අන්දරේට පොඩි ශාරීරික අවශ්‍යතාවයක් ඇති වෙලා, “රජතුමනි… මට පොඩි උවමනාවක් තියෙනවා. පොඩ්ඩක් නැවතිලා යමුද?” කියලා රජතුමාගෙන් ඇහැවුවලු… රජතුමාටත් අන්දරේගෙ අවශ්‍යතාවය තේරිලා මෙමෙම කිවුවලු. “හා හොඳයි අන්දරේ වැඩේ කරගෙන එනවකෝ… ඕක තද කරගෙන ඉන්න එක එච්චර හොඳ නෑ. අපි මෙතනට වෙලා ටිකක් ඉන්නම්…”
තමන්ගේ අවශ්‍යතාවය උදෙසා කැලේ ඇතුලට ගිය අන්දරේ ටික වෙලාවකින් එනවලු කෑගහගෙන අහවල් එකත් අල්ලගෙන… “දේවයන් වහන්ස… දේවයන් වහන්ස… අනේ මේකට සර්පයෙක් දෂ්ඨ කොරානේ… විගහට මොනව හරි කරන්ඩකෝ… මම මැරෙයිද දන්නෑ…“
රජතුමා බොහොම කරුණාවෙන් අන්දරේව ආමන්ත්‍රණය කරාලු මෙන්න මෙහෙම, “හා… හා… අන්දරේ කලබල වෙන්ඩ එපා. මගේ ලඟම මේ ඉන්නෙ හොඳ සර්ප වෙදෙක්… බය වෙන්නෙ නැතුව ඉන්ඩ… මේ චන්දරේ විෂ ටික උරලා දායි….”

හොඳනම් සලකලා යන්න...

Last edited: