බය වෙලාද? 12-12-21

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය මේ දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස වෙලා කියල හොඳටම බය වෙලා නේද ඉන්නෙ.. කට්ටියක් කියනව තව කට්ටියක් සත්‍යක්‍රියාවක් කරන්න යනව ඒ නිසා බයක් නෑ කියල.

    ඇත්තටම අපේ අය කොයි තරම් අතරමන් වෙලාද කියල හිතෙනවා.
    යාළුවනේ, අපි ඉහලට ගත්ත හුස්ම පහලට දාන මොහොතෙ මැරෙන්න පුළුවන්. ඒකට දෙසැම්බර් 21 වෙනකල් ඉන්න ඕනි නෑ. මේ දැන් මැරෙන්න පුළුවන්. ඒක තෙරුම් ගන්නකො කට්ටිය.

    මොනවද මේ සත්‍යක්‍රියා කියන්නෙ ?
    යම් කිසි දෙයක සත්‍ය භාවය මත අධිශ්ඨානයන් කිරීම තමයි සත්‍යක්‍රියා කියන්නෙ. නියම විදියට ධර්මයේ පිහිටි කෙනාට, සත්පුරුෂයන්ට මේ අධිෂ්ඨානයන් ඉතාම ප්‍රථිඵලදායී වෙනවා.

    ඉතින් තමන් වෙනුවෙන් අනුන් සත්‍යක්‍රියා කලාම හරිද ?
    ඔබ යහපත් කෙනෙක් නෙවෙයි නම් වෙන අය ගෙ සත්‍යක්‍රියා වලින් අපිට වැඩක් නෑ.
    අපේ පවු ඒ මිනිස්සුන්ට වලක්වන්න බෑ.. ඒ සත්‍යක්‍රියාවලින් ඒ අය ගොඩ යාවි.
    අනුන්ගෙ පානෙන් එළිය බලන්නෙ නැතුව තමන් සත්‍යක්‍රියාවක් කලොත් නරකද ?

    කොහොමද ඔය සත්‍යක්‍රියාව කරන්නෙ ?
    අද 18 වෙනිදා.. කට්ටිය කියන ඔය ලෝක විනාසෙ එන්නෙ 21 වෙනිදා.. දවස් 4ක් තියෙනවා කට්ටියට සත්‍යක්‍රියාවක් කරන්න..
    මෙන්න මෙහෙමයි:

    බෞද්ධ අපි දන්නවා අපේ නිත්‍යශීලය වන පන්සිල්.

    ඒ කියවන ඔබ;
    නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කියල තෙරුවන් සරණ ගිහින්
    පංච ශීලය නැවත සමාදන් වෙන්න:

    පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
    අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
    කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි
    සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි

    අද ඉඳලා පංච ශීලය ආරක්ෂා කරන්න.. මොනම හේතුවක් නිසාවත් කඩ නොකර.

    සතුනට හිරිහැර නොකරන්න, ඔවුන් මරා නොදමන්න. පුළුවන් නම් අවිහිංසාවදීව හිතල නිර්මාංශ වන්න. මදුරුවෙක් වත් නොමරන්න.

    නොදුන් දෙයක් කිසි විට නොගන්න,
    වැරදි කාමාශ්වාදයන් නොසොයා ඉන්න
    බොරුව නවත්වන්න.. අනුන් නොරවටන්න, නොමඟ නොයවන්න
    සුරාව, මත් ද්‍රව්‍ය නොගෙන සිටින්න.

    ඔබට මේ දේ වැටහෙන අයුරින් පන්සිල් ආරක්ෂා කරන්න..
    21 උදා වනවිටත් ඔබ තවම බයෙන් නම්, මෙහෙම සත්‍යක්‍රියා කරන්න:
    "මම 18 වෙනිදා පටන් ඉත සිතින් පන්සිල් ආරක්ෂා කලා.. දැනුවත්ව මම පන්සිල් කඩකලේ නෑ. ඒ බව සත්‍යයි නම්, මගේ ජීවිතය, මා ආදරය කරන්නන් මේ ව්‍යසන වලින් ආරක්ෂා වේවා"

    ඔබ සසරේ කල ගත් කුසලාකුසල කර්ම තමයි මෙතැනදි ඔබට පිළිසරණ වන්නෙ.. පිනැති ඔබේ සත්‍යක්‍රියාව 21 ලෝක විනාසය තිබුණත් නැතත් අධිෂ්ඨානය ඉටුවේවි.

    මිත්‍යාදෘෂ්ඨීන් අපි අතහරිමු යාළුවනේ.
    පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ... කියල දන්නව නෙ.. ඉතින් දෙසැම්බර් 21 නෙවෙයි 20 වෙනිදා හෝ 22 වෙනිදා හෝ එහෙමත් නැතුව වසර 120ක් ආයු වළඳා හෝ යන දවසට යන්න ඕනි .. ඒක මතක තියාගෙන ඔබ ලද මේ මිනිස් ජීවිතය යහපත් ව, ධර්මානුකූලව ගත කරන්න.. යන වෙලාව ආවාම ලෝබ නොසිතා යන්න.
    තෙරුවන් සරණයි

    දෙසැම්බර් 22 එලකිරියෙ සිනා සාගරයක් මැද අපි යළි හමු වේවි.
    :lol: :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දෙසැම්බර් 22 එලකිරියෙ සිනා සාගරයක් මැද අපි යළි හමු වෙමු ...