බර අඩු කරගන්න හොද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ජාපාල හරියන්නේ නැද්ද?
    බොරැල්ල ආයුර්වේද නම් බෙහෙත් දෙනවා ඇග බහින්න කියලා පොඩ්ඩක් ආයුර්වේදයට ගිහින් බලන්න දෝස්ථාරලාත් හොදයි බෙහෙත් උනත් ඔක්කොම Free දෙන්නේ
    Private කරන පිට ඉන්න වෙද්දු නම් විශ්වාස කරන්න බැහැ බං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kema control karala, dawasata peyak awidapan, beheth seen hari yanne naha ban.
    piti kema kanna epa
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    කෑම පාලනය කරපන්. වෙන කිසිම ක්‍රමයක් නෑ බර අඩුකර ගන්න. පැය 16 නොකා ඉදල පැය 8ක් ඇතුලත ආහර වේල් දෙකක් ගනින්. වෙන අමතර කෑම බිම මුකුත් ගන්න එපා. බලන් ඉද්දි බර අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.

    ඔය ක්‍රමේ බැයි නම් බර අඩු කරගන්න එක අමතක කරපන්. කටට බ්‍රේක් හදාගන්නම වෙනවා.
     
    • Wow
    Reactions: tilvin-silva

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    බර අඩු කරන්න කියල මැජික් එකක් නෑ. මං අනුගමනය කරපු / අනුමගමනය කරන ක්‍රමේ කියන්නම්. මොකද විශේෂ ඩයට් ප්ලෑන් කියන ඒවා අනුගමනය කරාම වෙන්නෙ ඒක ගන්නකල් බර හරි. පොඩ්ඩක් ඩීවියේට් වෙච්චි ගමන් ආයෙ තිබ්බ බරට වඩා වැඩි බරක් එනවා. ඒ නිසා මේ අනුගමනය කරන ආහාර රටා අපේ ජීවන රටාවට එන්න ඔ්න. එහෙම නැතිනම් හරියන්නෙ නෑ.

    1) සීනි කෑම ඉතාම අඩුයි. දවසට බොන තේ/කෝපි වල උදේම එකට විතරයි ගොඩක් වෙලාවට සීනි දාන්නෙ. ඒ දාන්නෙත් යන්තම් පොඩි ප්‍රමාණයක්.
    2) පැණි රස කෑම කන්නෙම නැති තරම්. (සීනි පාවිච්චිය අඩු උනාට පස්සෙ පැණි රස කෑම කන්න බෑ. තිත්ත ගතියක් එනවා. )
    3) පිටි කෑම ඉතාම අඩුයි.
    4) දවසට මම එක වේලයි බත් කන්නෙ. දවල්ට. ඒක කනවා හො‍දට. (සාමාන්‍ය විදිහට කන්නෙ.. ඔය හයි ප්‍රෝටීන්, ලෝ කාබ් කතා නෑ. මම ව්‍යංජන කනවා කොහොමටත් වැඩියෙන්)
    5) උදේට සහ රෑට ගොඩක් වෙලාවට කන්නෙ නැහැ. කෑවත් මොනව හරි පොඩි දෙයක්
    6) සතියට එක දවසක් ටිකක් වැඩිපුර කනවා. (පරිවෘත්තීය ක්‍රියා රීසෙට් වෙන්න)

    ගෑස්ට්‍රයිටීස් තියනවා නං මේක කරන්න යන්න එපා. පොර්ෂන් තුනකට කන්න පොඩි ප්‍රමාණවලින්.
    උඹේ උසට අවශ්‍ය බර කීයද කියල බලලා , උඹට අඩුවෙන්න කිලෝ කීයක් තියනවද කියලා බලලා රියලිස්ටික් ගෝල් එකක්
    සෙට් කරගන්න. (මාස තුනකට/ හයකට/ අවුරුද්දකට වගේ)
    අනවශ්‍ය ස්පීඩ් එකකින් බර අඩු කරගන්න යන එක සරීර සෞඛ්‍යට අහිතකරයි.
    ඊට පස්සෙ ගණන් හදලා බලපං ඒ බර අඩුවෙන්න ඒ කාලයට උඹට දවසට ගන්න පුලුවන් උපරිම කැලරි ප්‍රමානෙ කීයද කියලා. මොකද බර අඩු වෙන්න ගන්න කැලරි ප්‍රමාණයට වඩා අවශ්‍ය කැලරි ප්‍රමාණය වැඩි වෙන්න ඔ්න. එහෙම උනාම තමා කැලරි ඌනතාවයක් හැදිලා ඇගේ තියන තැන්පතු වලින් අඩු වෙන්න ගන්නෙ
    ඔය දේවල් කරාම බර අඩුවෙන්න ගන්නවා නිකංම. එක්සර්සයිස් කරත් එකයි නැතත් එකයි. මොකද එක්සර්සයිස් වලින් බර අඩුවෙන්නෙ නෑ (මුල්ම කාලෙ බර අඩුවෙනවා. හැබැයි පේශීවල මසල් මෙමරි හැදුනාම ඇඟ විසින් ඒ එක්සර්සයිස් කරනකෛාට පිච්චෙන කැලරි ප්‍රමාණය අඩුකරගන්න කාර්යක්ෂම ක්‍රම හොයාගන්නවා )හැබැයි එක්සර්සයිස් කරන එක ඇගට ඉතා හොඳයි. එන්ඩුවරන්ස්, ස්ටැමිනා වැඩිවෙනවා.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,271
    1,519
    113
    පේමන්ට් එකේ.

    මේක තමයි scientifically proven විදිහ ඉක්මණින් බර අඩු කරගන්න. බර අඩුවෙන්න හොදම විදිහ high fats, high protein, low card diet එක. ඒකට intermittent fasting එකතු කරාම තවත් ඉක්මණින් බර අඩු වෙනවා. තව මේකට strength training එකතු කරාම ඊටත් වඩා වැඩි වේගෙන් බර අඩුවෙනවා. මේ ලංකාවේ පොර මේ තුනම එකතු කරලා මෙයාගේ method එක විදිහට (වන්නකු) එළියට දෙනවා :lol::lol::lol:. කොහොම කරත් ඔය method එක folow කරොත් ඉක්මණින් බර අඩු වෙනවා.

    මොක කරත් වැඩක් නෑ කෑම පාලනය නොකර
    කෑම පාලනය කරපන්. වෙන කිසිම ක්‍රමයක් නෑ බර අඩුකර ගන්න. පැය 16 නොකා ඉදල පැය 8ක් ඇතුලත ආහර වේල් දෙකක් ගනින්. වෙන අමතර කෑම බිම මුකුත් ගන්න එපා. බලන් ඉද්දි බර අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.

    ඔය ක්‍රමේ බැයි නම් බර අඩු කරගන්න එක අමතක කරපන්. කටට බ්‍රේක් හදාගන්නම වෙනවා.

    ගොඩක් අය කියනවා කෑම පාලනය කරනවනම් විතරයි බර අඩු වෙන්නේ කියලා. එහෙම කියලා වෙනදට බත් කෝප්පයක් ගන්න එකෙක් බත් කටක් කාලා එහෙම කෑම අඩු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොද Improvement එකක් එන්නත් ලොකු කාලයක් යනවා. එහෙම quantity එක අඩු කරාම වෙන්නේ metabolism rate එක අඩු වෙන එක. ඒ කියන්නේ වෙනදා විනාඩියකට කැලරි 100 දහනය කරපු ඇගේ වෙනදට ගන්න කෑම ප්‍රමාණය අඩු කරාම විනාඩියකට කැලරි 50ක් වගේ තමා දහනය වෙන්නේ. මේ metabolism rate එක දිගටම තියාගන්න තමයි high fat, high protein, low carbs diet එකකට යන්න කියන්නේ and strength training කරන්න කියන්නේ.

    තව දුරටත් scientifically කිව්වොත් carbs වලට අපේ ඇගේ fat එක විදිහට තැන්පත් වෙන්න පුලුවන්. ඒත් අලිගැට පේර, පොල් වල තියෙන saturated fat වලට අපේ ඇගේ ෆැට් විදිහට තැන්පත් වෙන්න බෑ. අනික high fat ඩයට් එකක් ගන්නවනම් ඉක්මණින්ම අපේ බඩත් පිරෙනවා. ඒ නිසා කන කෑම පාලනය කරනවා කියලා කන quantity එක අඩු කරා කියලා ඔයාට long term health benifits ගොඩක් ලැබෙන්නේ නෑ. අනික ඔහොම කෑම පාලනය කරොත් අපේ ඇගට ඕන අනිත් nutrition ලැබෙන එකත් නැතිවෙනවා. එතකොට පස්සේ කාලෙක ඒක අපේ health එකට ලොකුවට බලපාන්න පුලුවන්. ඒ නිසා කෑම පාලනය නොකර හැම nutrition එකක්ම ලැබෙන විදිහක diet එකකට යන්න. ඒක තමයි හොදම විදිහ.
     
    Last edited: