බර වැඩිද ? වෙලාවක් නැද්ද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    බර වැඩිද ? වෙලාවක් නැද්ද ?


    බර වැඩි සින් එක නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ බර අඩු කරගන්න ජිම් එකකට යන්න වෙලාවක් නැ ගොඩක් අයට. මේ විතරේ එහෙම අයට කොහොමද අඩු කරගන්නේ කියලා.

    බර අඩුකරගන්න කරන්න තියෙන්නේ පොඩි වැඩක්. තමන්ගේ දවසේ කැලරි වියදමට වැඩ අඩුවෙන් කැලරි ගන්න එක. ගොඩක් අය බර අඩු කරගන්න ජිම් එකට යනවා මාස ගානක් ගියත් කිලෝ එකක් අඩු කර ගන්න එකත් ගේමක්. එහෙම වෙන්නේ ඇයි කියලා බලමු.

    මිනිහෙක් නිකන් ඇදක් උඩට වෙලා දවසෙම නිදාගත්තත් කැලරි burn වෙනවා. මෙහෙම burn වෙන කැලරි ගානට අපි කියන්නේ BMR (Basal metabolic rate) එක කියල. සාමන්යෙන් පිරිමි කෙනෙක්ගේ දවසකට 2200 ක් විතර වෙනවා. මේක වෙනස් වෙනවා බර අනුව. බර වැඩි නම් BMR එක වැඩි.

    එතකොට බලමු ජිම් එකකකට ගියාම මොකද වෙන්නේ කියලා. සාමාන්යෙන් පැයක් ඇවිද්දොත් කැලරි කියක් වගේ burn වෙනවා කියලද හිතන් ඉන්නේ. සාමාන්යෙන් 250 - 350 වගේ ගානක් තමයි burn වෙන්නේ. ජිම් එකේ බර ඉස්සුවා කියලත් ලොකු වෙනසක් නැ. 350 ක් burn කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

    දැන් එතකොට බලමු කෑම, ඩෝනට් එකක් කෑවොත් කැලරි 450ක් විතර තියෙනවා. රට කජු ග්‍රෑම් 100ක කැලරි 550ක් විතර තියෙනවා. අපි හිතන් ඉන්නවට වඩා කැලරි තියෙනවා.

    You can't outrun bad eating

    දවසට පැයක් ඇවිදපු කෙනෙක් හානේ අද මහන්සි උනා පොඩි කේක් කැල්ලක් කාවට අවුලක් නෑ කියලා හිතුවොත් ඉතින් burn කරන කැලරි ගානටත් වැඩියෙන් කාලා. ගොඩක් වෙලාවට වෙන්නේ මේක. ජිම් එකට ගිහින් ආවම මහන්සියට එක්ක ටිකක් වැඩිපුර කැවෙනවා. දුවලා ආපුවම ටිකක් වැඩිපුර කැවෙනවා. දවකට 2500 ක් කැලරි ඕන කෙනෙක් පැයක් ඇවිදලා ඇවිත් 10% කෑම වැඩියෙන් කෑවොත් ඇවිදපු එක වැඩක් නැ. කෑම 10% වැඩියෙන් කනවා කියන්නේ මහා දෙයක් නෙමෙයි මහන්සියත් එක්ක.

    මේක තමයි ගොඩක් ජිම් යන අයට වෙනේ.

    බර අඩු කරන්න ලේසිම විදිය තමයි කෑම අඩු කරන එක. අදම පටන් ගන්න. පොඩ්ඩක් අඩුවෙන් බත් බෙදාගන්න. දෙපාරක් කන එක නවත්තන්න. ඔක්කොම එකපාර පටන් ගන්න ඕනේ නැ ටික ටික පටන් ගන්න. කෑමට බිත්තර මස් ජාති ටිකක් වැඩිපුර කන්න. එතකොට ආයේ බඩගිනි හැදෙන්නේ නැ. පුළුවන් තරම් බිසී වෙන්න එතකොට කන්න වෙලාවක් නැති වෙනවා. එහෙමයි කියලා කන්න සෙට් උන වෙලාවට හමිනෙන්ට කන්න එපා. සීනි අඩු කරන්න බලන්න. කෑම 10% වලින් අඩු කරන්න බලන්න.

    මගේ අත් දැකීම අනුව.

    සති දෙකක් ජිම් ගියා කෑම ගැන හිතන්නේ නැතුව. බර අඩු උනේ නැත.

    සති දෙකක් ජිම් යනගමන් කෑම කැලරි 1700 කට සිමා කරා. කිලෝ 3.7 ක් විතර අඩු උනා.

    ඊළගට සති දෙකක් ජිම් නොයා කෑම කැලරි 1600 කට විතර සිමා කරා. කිලෝ 3.5 ක් විතර අඩු උනා.

    මේවා මගේ අත් දැකීම. කරලා බලපුවා.

    මම දැන් ෆලෝ කරන ප්ලැන් එක.

    උදේට : කොපි සිනි නැතුව

    10ට : ඔෆිස් කිරි තේ. සිනි නැතුව. (ඇන්ටිට සිනි අඩුවෙන් දාන්න තේරෙන්නේ නැ. එක නිසා සිනි දාන්න එපා කියල තියෙන්නේ)

    දවල්ට : බත්. (මස් හෝ මාළු හෝ ඒ දෙකම අනිවා තියෙනවා තව එළවලු. බත් 250g වගේ කනවා. ) (12 ට විතර කනවා)

    4ට : ඔෆිස් ප්ලේන් ටී සිනි නැතුව.

    රෑට : බිත්තර 3 හෝ 4 ක්, පලතුරු. (යෝක් 2යි )

    ඕක තමයි ප්ලැන් එක. ඕකට සතියකට 1.5 ක් විතර අඩු කරන්න පුළුවන්.

    උදේට කන්නේ නැති නිසා සහ රෑට බිත්තර නිසා ජිවිතේ හරි ලේසි සරලයි. මෙහම කෑවම බඩගිනි වෙයි කියල හිතෙනවා නම් කරලම බලන්න. බිත්තර 4 ක් කෑවම පොල්ලෙන් ගැහුවා වගේ තමයි.

    දැන් මෙහෙමයි කියලා ජිම් යන උන් ඒක නවත්තලා මේක කරන්න එපා. ජිම් යන එක ඇවිදින එක සැහෙන්න හොදයි. ඒවා ඉතින් අපි දන්නවනේ. ඒවා කරන ගමන් කෑම පාලනය කරන්න.


    ආ අනික් එක තමයි අපිට හිතෙන්නේ අපි කන්නේ අඩුවෙන් කියලා. ගොඩක් අය කියන්නේ මම වැඩිය කන්නෙත් නෑ බර වැඩි වෙනවා කියලා. එයාලා හිතන් ඉන්න හැටි. එත් ඇත්තටම කනවා අම්බානෙක. අපි කැලරි ගණන් කරද්දී පොඩ්ඩක් අඩුවෙන් ගණන් කරන එක හැමෝම කරන එකක්.

    එහෙනම් මම ගියා. අතත් රිදෙනවා මේක ඔබලා


     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    රෑට : බිත්තර 3 හෝ 4 ක්,
    mahata ekek nam cholesterol nagi yako

    කහමද 2ක් යි වගේ ගන්නේ. අනික් ඒවා අයින් කරනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    රැට නොකා ඉන්න පුරුදු උනාම අැඟට මාර සනීපයි.
    ටික ටික කැම අදු කරන්න ඕනේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    රැට නොකා ඉන්න පුරුදු උනාම අැඟට මාර සනීපයි.
    ටික ටික කැම අදු කරන්න ඕනේ

    මට නම් රෑට කන්න ඕනේ. එකයි මම උදේට නොකා ඉන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රැට නොකා ඉන්න පුරුදු උනාම අැඟට මාර සනීපයි.

    නින්ද යන්නෙ නෑනෙ. සනීප කතාව නම් ඇත්ත මාර පණක් එන්නෙ, උදේ වෙනකං ෆ්‍රිජ් එක ගාවට යනව හැරිල එනව :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    නින්ද යන්නෙ නෑනෙ. සනීප කතාව නම් ඇත්ත මාර පණක් එන්නෙ, උදේ වෙනකං ෆ්‍රිජ් එක ගාවට යනව හැරිල එනව :rofl:

    මාමනම් කළේ පලතුරු මොනවා හරි කනවා.
    තව පාන් පෙති දෙකක් කනවා සලාද කොලත් එක්ක.
    සමහරක් දවසට නෙස්ට් ම් එකක් හදාගෙන බොනවා .
    ටික දවසක් යනකොට ගාණක් නැහැ .කෑම නොකා උනත් ඉන්න පුළුවන්.
    ඒත් මොනවා හරි පලතුරු ටිකක් කනවා මම නම්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    meka aththa kathawa machan..:yes:.mama lankawe iddi mage bara 92kg.:baffled: passe mama italy awa...:D kama kana eka adu una..:(:lol:hithala plan kale na. passe bara 72kg wenakan adu una..:cool:. habai lankawata gihin inna kale athulatha aye bara wadi wenawa....:P:lol::lol:

    habayi ithin kattiya kiyanne nan lankawe ayata kanna bonna wath salli naha kiyala... :P:rolleyes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    habayi ithin kattiya kiyanne nan lankawe ayata kanna bonna wath salli naha kiyala... :P:rolleyes:

    වෙනම සින් එකක්. හෙල්ති කෑම ලංකාවේ ගණන්. චෝර කෑම ලාබයි
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Thank you මචන් උබෙ ක්‍රමය අපිත් එක්ක බෙද ගත්තට. මෙ විදියෙන් බර අඩු වෙනව තමයි. තමන් කන දෙවල් වල කැලරි ගනන මනින්න MyFitnessPal වගේ එකක් කරන්න පුලුවන්. හැබැයි මචන් ඔය විදියට කෑම පාලනය කරගෙන කාලයක් ඉන්නකොට බර අඩු වෙන එක නතර වෙනව ටික කාලයක් යනකොට. ඒකට කියන්නෙ plateau එකක් කියලා. එතකොට උබට තව ක්‍රම (Intermittent Fasting, Keto) පාවිච්චි කරන්න වෙයි. ගොඩක් අය කරන්නෙ Intermittent Fasting කියන ක්‍රමය. ඒ කියන්නෙ යම්කිසි පැය ගානක්(14,16) නිරාහාරව ඉන්න එක. ගොඩක් අය කරන්නෙ 16ක් Fasting, 8 ක් කනව තමන්ගෙ කැලරි ලිමිට් එක ඇතුලෙ. මේක ගැන Facebook එකේ වගේම Reddit එකෙත් විස්තර තියනවා. කියවලා බලන්න මචන්. ජයවේවා.

    https://www.reddit.com/r/intermittentfasting/
    https://www.reddit.com/r/loseit/
     
    • Like
    Reactions: nadunkwee

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    thanks මචන් උඹේ ideas and methods share කෙරුවට ..............

    points කීපයක් මමත් දන්නේ සමහරක් දේවල් වැදගත් කියල .............

    1. Exercise කරාට අවිද්දට බර බහින්නේ නෑ . ඒක ඇත්ත ...............

    2. ඇය් Regular Exercise කරන්නේ ...................


    Regular Exercise කරහම cholesterol බහිනව. blood auger control වෙනවා. Cardiac issues වලට අනිවාර්යය් .

    සාමාන්‍ මට්ටමේ cholesterol තියන කෙනෙකුට බේත් නොබී CONTROL කරගන්ඩ පුළුවන් . ගොඩක් උන් gym යන්නේ
    ඇවිදින්නේ ඒකට. බර බස්සන්දම නෙමේ


    3 උදේට නොකා සිටීම.

    . මම හිතන්නේ උදේට කාල රෑට කෑම අඩුකරානම් තාම හොඳ. පොඩ්ඩක් හොයල බලපන්. plus points ගොඩක් තියනවා ..


    Good luck

    TFS


    REP ++
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    උදේ ට කන්න කියල අනිවාර්ය කරලා තිබ්බ අපිට පොඩි කලේ ඉඳල
    .. දැන් පිළිගන්නේ යම්කිසි කාලයක් අපි ශරීරෙට නොකා ඉන්න පුරුදු කරොත් දවස් 4ක් හෝ 5ක් යද්දී අපිට ඒ වෙලාවට බඩගිනි හදන්නේ නෑ .. ශරීරයේ තියෙන calorie deposit එකෙන් අවශ්‍ය ශක්තිය නිපදව ගන්නවා.. දවස් 2ක් උනත් කෑම නැතුව ඉන්න පුළුවන්. පැය 24ට වඩා ඉන්නකොට Body eka Ketosis වලට මාරුවෙනවා...

    පුලුවන්නම් සතියට දවසක් වත් නිරාහාරව ඉන්න එකේ වාසි ගොඩක් තියෙනවා Growth hormone eka වර්දනය වෙනවා.. හම්බයන්ට මාසයක්ම ඕක කරන්න දීල තියෙන්නේ වතුරවත් නොබී එකයි .. හැබැයි උන්ගේ එක වැඩ කරන්නේ නැත්තේ ෆාස්ටින් ඉවර කරන්නේ හැමදාම රෑට තෙල් පිටි ජාති කෙලල අරින නිසයි.

    අපි ගන්න තැන්පත් මේදය පාවිච්චි කරන්න දෙන්නේ නෑ අපි කරන්නේ පුළුවන් තරම් ඩිපොස්ටි කරන එක විතරයි දහනය කරන්න අපිට වෙලාවක් නැහැනේ අඩුවෙන් කෑවට කමක් නෑ එක නිසා