කාමනීත, කාරුනික තාරා, ශාක්‍යමුනින්ද්‍රාවදානය,බාවනා දීපනිය, මේ උන්වහන්සෙගෙ වටිනා පොත්.මේව අරගෙන කියවන්න. දැන් ඉන්න හාමුදුරුවන්ගෙත් මේ උතුම් බොදිසත්වයන්ගෙත් වෙනස අදුර ගන්න පුලුවන්. ලංකාවෙ බුදු හාමුදුරුවො ඉපදුනා කියන අන්ධ බක්තිකයො ශාක්‍යමුනින්ද්‍රාවදානය පොත කියවල බලුවොත් ඉතාම වටිනව.

මචන් මම වෙන රටක ඉන්න කෙනෙක්, ඒත් මම මේ පොත් ඔක්කොම ගෙන්න ගත්ත.මචං ඔය පොත් ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩගේ, ගුණසේන, සරසවි වගේ බුක්ෂොප් වල තියෙනවද? පෝස්ට් එකට ගොඩක් ස්තුතියි!![]()
මචං ඔය පොත් ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩගේ, ගුණසේන, සරසවි වගේ බුක්ෂොප් වල තියෙනවද? පෝස්ට් එකට ගොඩක් ස්තුතියි!![]()
මචන් මම වෙන රටක ඉන්න කෙනෙක්, ඒත් මම මේ පොත් ඔක්කොම ගෙන්න ගත්ත.
"ශාක්‍යමුනින්ද්‍රාවදානය" මේ පොත ගොඩක් වටින පොතක්. එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම බුද්ධ චරිතය ලියවිලා තියෙන්නේ මේ පොතේ.හැබැයි හොයාගන්න අමාරුයි.උත්සහ කරල බලපන්.
තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිගේ අප්‍රකට ලිපි කියල පොතක් තියනව ඒකත් අරගෙන කියවල බලපන්.ඒක ලියල තියෙන්න සමුද්‍ර වෙත්තසිංහ.
ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො ගොඩක් ඉන්දියාවෙ යොගීන් එක්ක ඉඳල යෝග බාවනාව ප්‍රගුණ කරල තියනව.මෙතෙක් ඉන්දියාවෙ හිටපු හොඳම යෝගීවරය කියන රමණ මහ රිශි එක්කත් හාමුදුරුවො කාලයක් ඉඳල තියනව. හාමුදුරුවො කියන විදියට රමණ මහ රිශි කියන්නේ විඤ්ඤනංචායතන ධ්‍යාන දක්වා හිත දියුණු කරපු කෙනෙක් කියල. රමණ් මහ රිශි ගැන දැනගන්න ආචාර්ය පෝල් බ්රන්ටන් ලියපු "A search In Secret India" කියන පොත කියවල බලපන් ඒකෙ පරිවර්ථනයක් තියනව "භාරත යෝගීන් හා ඉසිවරයන් සමග" කියල ඒක ලියල තියෙන්නෙ තිලක කුඩාහෙට්ටි.තව විස්තර ඔනෙනම් PM එකක් දාපන්

ඊට වඩ ලේසි තුංමුල්ල එකේ තියෙන බෞද්ධ ප්‍රකාශන මන්දිරය ට ගියානම්.....එතන ගොඩක් පොත් තියෙනවා
![]()
