බලංගොඩ මීමුත්තාගේ උස දන්නවා?
How tall was Balangoda Man? | මධ්‍ය ශිලා යුගයේ විසූ අපගේ බලංගොඩ මීමුත්තාගේ උස දන්නවා? (අපිට වඩා ගොඩක් උසයි )
ලංකාවේ ශිලා යුග ගැන ලිපියක් ලිවීම සඳහා ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ පත්‍රිකා කියවද්දී අපූරු තොරතුරක් හමුවුනා. ඒ තමයි අපේ බලංගොඩ මීමුත්තන්ගේ ශරීර ස්වභාවය. දැරණියගල පඬිතුමාගේ පර්යේෂණ දත්තවලට අනුව අපේ බලංගොඩ මීමුත්තාගේ පරපුර අපට වඩා ගොඩක් උසමහත, ගමේ භාශාවෙන් කියනවා නම් හයයි හතරේ මිනිස්සු.
2012 වසරේදී Ranasinghe, Priyanga; Jayawardana, M.A. Naveen A.A.D.; Constantine, Godwin R.; Sheriff, M.H. Rezvi; Matthews, David R.; Katulanda, Prasad යන පර්යේෂකයින් Economics and Human Biology පර්යේෂණ සඟරාවට ඉදිරිපත්කල Patterns and correlates of adult height in Sri Lanka නම් පර්යේෂණ පත්‍රිකාවේ ශ්‍රී ලාංකික පිරිමියෙකුගේ සාමාන්‍ය උස (2005 වසරේ ලබාගත් දත්ත අනුව) සෙන්ටිමීටර් 165.6 කුත් කාන්තාවකගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 154ක් බව පෙන්වාදී තිබෙනවා.
ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා. මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට සෙන්ටිමීටර් 9ක් වැනි විශාල පරාසයකින් උසින් වැඩි උත්තුංග දේහධාරී ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි.
ඝණ ඇහිබැම, පුළුල් නාසය, විශාල දත් හා ශක්තිමත් හකුපාඩා යන ලක්ශණවලින් යුතුවුනු බලංගොඩ මුත්තාගේ පරපුරේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දඩයක්කාර දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්.
කොහොම වුනත් අපි මතක තියාගන්න ඕනෑ බලංගොඩ මානවයා කියන්නේ වානරයාට වඩා සමානවුනු, පරිණාමය නොවූ, වඳුරුපෙනුමක් ඇති මිනිසෙකු නොව, නූතන, බුද්ධිමත් හෝමෝ සැපියන් මානවයෙකු බවයි.
බලංගොඩ මානවයා පිලිඹිඹු කෙරෙන රූපසටහන් බොහොමයක ඔහුව නියැන්ඩර්තාල් ගණයේ මානවයෙකු ලෙස හෝ ඊටත් පැරණි අර්ධ මානවයෙකු ලෙස පෙන්නවනවා. මෙය ඉතාමත් වැරදි දැක්මක්.
පහත රූපය බලන්න. මෙහි බලංගොඩ මානවයා ලෙස පෙන්වා ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් මානවයාටත් වඩා පැරණි හෝමෝ හැබිලිස් වැනි අර්ධ මානවයෙක්. අවාසනාවකට මෙම රූපසටහන තිබෙන වෙබ් අඩවිය "කැළණිය විශ්වවිද්‍යාලය" අනුබද්ධ ආයතනයක් බව එහි පැවසෙනවා.
Source: vidya-gaweshana.blogspot.com/2016/10/blog-post_78.html