බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා ය&#354

Yastysan

Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා ය&#354

    කම්මැලිකමක් හිතුණු වෙලාවට, එහෙමත් නැත්නම් ඩේටා වැඩිපුර තියෙන වෙලාවක බාගන්න අලුත් ෆිල්ම් එකක් කල්පනා කරද්දි තමන්ගේ රසයට ගැලපෙනම එකක් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. යාළුවන්ගෙන් ඇහුවත්, ෆේස්බුක් වැනි online post කිරීමකින් ඇහුවත් ඒ අය කියන්නේ ඒ අයට ගැලපෙන දේවල්. ඒවා බැලුවාම අන්තිමට ඩේටා ටිකයි, බාන්න සහ බලන්න ගියපු කාලය යි අපරාදේ කියලා හිතෙනවා. Rating අනුව තීරණයක් ගන්න ගියත් අඩු rating අගයක් තිබෙන, අපේ සිත්ගත හැකි චිත්‍රපටි ඕනෑ තරම් තියෙන්නට පුළුවන්. අපි කොච්චර ෆිල්ම් බැලුවත් IMDb සයිට් එකට ගිහින් අපේ ප්‍රතිචාරයක් පළ කරන්නේ කීයෙන් කී දෙනා ද? :yes:(මම නම් අනිවා කරනවා) ඉතින් ෆිල්ම් එකක් සමහර වෙලාවල්වල දි ratingවලින් මනින්නත් අමාරු යි. ඒ, එතන තියෙන්නේ හැමෝගෙම කැමැත්ත අනුව ලැබුණු අගයක් නිසා.

    මේ දැවෙන ප්‍රශ්නය විසඳන්න ඔන්න අපි ඉදිරිපත් වෙනවා. ඔබේ කැමැත්තට, මේ වෙලාවෙ තියෙන mood එකට වඩාත්ම ගැලපෙන ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් නොමිලේම ලබාදෙන සේවාවන් ගැන යි මේ ඔබට කියන්න යන්නේ. මෙම වෙබ් අඩවි චිත්‍රපට සොයාගැනීමට පමණ යි. ඔබට බාගත කරගැනීමට හෝ නැරඹීමට අවශ්‍ය නම්, නීත්‍යනුකූලව නොමිලේම ෆිල්ම් බලන්න වෙබ් අඩවි 7ක් ලිපියත් බලන්න.

    Filter කරමින් සොයා ගන්න Movie of the Night

    C0eqbe1vb1PJ4klw_1.png

    වෙබ් අඩවි තිර දසුන

    නානාප්‍රකාර වෙළඳ දැන්වීම් හා අවධානය ඉවත යන දේවල් වලින් තොර පිරිසිදු අත්දැකීමක් ගෙන එන Movie of the Night වෙබ් අඩවිය ඔබ කැමති චිත්‍රපට ප්‍රභේද, නිකුතු වර්ෂය, චිත්‍රපටයේ කාල පරාසය, භාෂාව මෙන්ම කැමති නළු නිලියන් අනුව සොයා ගැනීමට අවස්ථාව සලසනවා. Get recommendation බොත්තම ක්ලික් කළ විට ඊට පහතින් චිත්‍රපටයේ ඡායාරුවක්, නම, නිකුතු වර්ෂය, කෙටි විස්තරයක්, අධ්‍යක්ෂකවරයා ඇතුළු දත්ත, IMDb පිටුවට හා Trailer එකට සබැඳියක් ලබා දෙනවා. බොත්තම නැවත නැවත ක්ලික් කරද්දී තව තවත් චිත්‍රපට ඒ මතින් පෙන්වනවා.

    පිවිසෙන්න: Movie of the Night

    ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නා StayIn

    qn6vAitXXTbTQelH_2.png

    වෙබ් අඩවි තිර දසුන

    ඉතා සරල අතුරුමුහුණත කින් යුත් මෙම වෙබ් අඩවිය පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්. StayIn වෙබ් අඩවියට පිවිසී එහි ඇති Try it now බොත්තම ක්ලික් කිරීමෙන් පසු Sign up වන ලෙස පැවසූවත් එම පිටුවේ යටතේ ඇති Continue as a guest ක්ලික් කළ විට Register නොවී ම ඉදිරියට යා හැකියි. එහිදී අපෙන් ප්‍රශ්ණාවලියක් අසනු ලබනවා. සෘජුවම අපගේ කැමැත්ත විමසනවා වෙනුවට ප්‍රශ්න හරහා අපගේ කැමති අකමැතිකම් සොයාගන්නට එහි ඇල්ගොරිතමයන් කටයුතු කරනවා. අපි චිත්‍රපටියක තිබිය යුතු දේවල් ගැන දන්නා නමුත් එම ප්‍රවර්ගයන්ට කියන වචන නොදන්නා අවස්ථාවක දී පවා මේ ක්‍රමය බෙහෙවින් උපකාර වෙනවා. ක්‍රියාදාම (Action), ප්‍රේම ජවනිකා, අභිරහස් විසඳීම් මෙන්ම සරාගී ළඳුන් ඉන්නවාට කැමැතිදැ යි කියා ද එය අහන්නේ පවුලේ හැමෝටම නැරඹිය හැකි ඒවා තෝරා දෙන්නට යි. නැරඹූ චිත්‍රපටයක් එහි දැක්වූවොත් ඒ බව කියා, වෙනත් එකක් ඉල්විය හැකියි.

    ප්‍රශ්නාවලිය කෙටි නමුත්, ඔබ නැවත වරක් පිවිසුණු විට නැවත උත්තර දිය යුතු නැහැ. එය ඔබේ පිළිතුරු Browser Cookies හරහා save කරගන්නවා. ඔබේ අවශ්‍යතාව වෙනස් කරගන්නට අවශ්‍ය නම්, Cookies clear කිරීම හෝ වෙබ් අඩවිය වම් පස ඉහළ ඇති මෙනු අයිකනයෙන් Reset search තේරීම කළ හැකියි.

    පිවිසෙන්න: StayIn

    වාසනාව දොර ඇරලා බලන වෙලාවට Suggest Me Movie

    8Km2SpDqLUE8T7nW_3.png

    වෙබ් අඩවි තිර දසුන

    ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හෝ Filter කරමින් චිත්‍රපට සොයන්නට වෙලාවක් නොමැති අවස්ථාවල දී හෝ, විභාගය ඉවර වෙලා ඩේටා ගොඩක් සමග මුළු දවසම නිදහසේ ගත කරන්නට ලැබුණු අවස්ථාවක දී ඕනෑම චිත්‍රපටයක් බලන්නට හිත හැදුණොත් එවේලේම Suggest Me Movie වෙබ් අඩවියට පිවිසෙන්න. මෙමඟින් අහඹු ලෙස හොඳ rating අගයක් සහිත චිත්‍රපටයක් මුල් තිරයේම පෙන්වනු ලබනවා. එසේම චිත්‍රපටයට අදාල එහි කතාන්දරය ගැන spoil නොවන ආකාරයේ කෙටි හැඳින්වීමක්, අධ්‍යක්ෂකවරයාගේ නම සහ ප්‍රධාන චරිතවල නම්, IMDb පිටුවට link එකක්, චිත්‍රපටය තිරගත වූ වර්ෂය දක්වා තිබෙනවා මෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටය (trailer) බැලීමට ද පහසුකම් සලසනවා.

    පිවිසෙන්න: Suggest Me Movie

    චිත්‍රපටයට අදාල දේවල් වලින් හොයන්නට LazyDay

    S4B9lw2xVTykGUV1_4.png

    වෙබ් අඩවි තිර දසුන

    සාම්ප්‍රදායික ෆිල්ම් සෙවීමේ වෙබ් අඩවියකට වඩා LazyDay වෙබ් අඩවිය වෙනස් වන්නේ එය ඉතා හොඳින් චිත්‍රපට වලට tags යොදා තිබීම යි. මේ නිසා ජවනිකා දර්ශනයකට අදාල keywords වලින් හෝ “title directed by female” හෙවත් කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆිල්ම්, “release from prison” හෙවත් සිරෙන් නිදහස් වූ ජවනිකා සහිත ඒවා ආදී චිත්‍රපටයට අදාල දෙයකින් සෙවීමක් කරන්නට මෙහි අවස්ථාව තිබෙනවා. අලුතෙන් හා හොඳ චිත්‍රපට, වඩාත් ජනප්‍රිය ඒවා, වැඩි rating අගයක් තිබෙන ඒවා මෙන්ම අහඹු පෙළ ගැස්මක් සහිතව චිත්‍රපට ගවේෂණය කරන්නට මෙන්ම සෙවුම් කළ දෑ ඒ යටතේ පෙරහන් කරන්නට පුළුවන්. Watchlist එකට ඔබ කැමති චිත්‍රපට එක් කරගන්නට අවශ්‍ය නම් ෆේස්බුක් හරහා log in විය යුතු වෙනවා. චිත්‍රපටවලට ප්‍රිය මිතුරන් දෙදෙනෙක් විසින් මේ සේවාව වෙනත් අඩවිවල ගැටළු නිවැරදි කර, පිරිසිදු අත්දැකීමක් ලැබීමේ අවශ්‍යතාව නිසාම සකසා ගත්තක්.

    පිවිසෙන්න: LazyDay

    අවසාන මොහොත මාගේ End Rating දෑස මානේ

    kP0W5x65LLs9xype_5.png

    වෙබ් අඩවි තිර දසුන

    චිත්‍රපටයක ඔබ වැඩිපුරම ආස කොතැනටද? අභිරහස්වලට, කුතුහලයෙන් පිරුණු චිත්‍රපට හෝ චිත්‍රපටය පුරා අපි හිතාගෙන සිටි දෙය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා හිතෙන විදියේ ඒවාට කැමති අය නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටයේ අවසානයට කැමති බව කියාවි. අන්තර්ජාලය පුරා IMDb, Rotten Tomatoes ආදී ඇගයුම්වල තිබෙන්නේ චිත්‍රපටයේ සමස්තය ගැන ඇගයුමක් පමණ යි. ඉතින් හොඳට ෆිල්ම් බලපු කෙනෙක්ට සමහර ඒවා බලද්දි අවසානය මෙහෙමයි කියලා මුලදිම තේරෙනවා. ඒක ඒ විධියටම සිද්ධ වුණාම බැලුවෙ අපරාදේ කියලාත් හිතෙනවා. ඔන්න ඒ වෙනුවට, අවසානය ගැන වැඩිපුර අවධානය යොමු කළ rating එකක් තමයි End Rating වෙබ් අඩවිය ගෙන එන්නේ. එහි චිත්‍රපට ලැයිස්තුවේ වර්ණ දෙකකින් යුත් rating අගයන් දෙකක් තිබෙනවා. කොළ පාටින් තිබෙන්නේ සමස්ත චිත්‍රපටය ගැනයි. තැඹිලි පාටින් තිබෙන්නේ අවසානය ගැන පමණක් කරන ලද ඇගයුම් අගයක්. Limitless, The next Three Days, Transcendence වගේ ඒවා තවමත් බලලා නැත්නම්, මේ වෙබ් අඩවියේ ඒ වගේ චිත්‍රපටය අවසානය මනස කළඹවන ආකාරයේ චිත්‍රපට ගොන්නක් ලැයිස්තු ගත කරනවා.

    පිවිසෙන්න: End Rating


    Copy from - https://roar.media/sinhala/main/features/websites-to-find-movies-to-watch/
    සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

    Thank You