තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.... උබ සහ උබේ පවුලේ අය ඒ ඒ තැන් වල කන්ටැක්ස් හදාගෙන තිබ්බ හින්දා හොදයි නිකමට හිතහන් කිසිම කන්ටැක් එකක් නැති අහිංසක කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක්ට මේක උනානං එහෙනං ඒ තාත්තා අද ජීවතුන් අතර නැති වෙන්නත් තිබ්බා....ලංකාවේ නං කන්ටැක්ස් නැතුව මොනම දෙයක්වත් කරගන්න බෑ බං රජයේ ආයතන වලින් විතරක් නෙවෙයි කොතනත් ඔහොමයි පුලුවන් තරං තරාතිරම නොබලා මිනිස්සු ආශ්‍රය කරන්න ඕනෙ කොයි වෙලාවෙ කාව ඕනවෙයිද කියලා කවුද දන්නෙ
ඒක පට්ටම මචං...උබ හරි වාසනාවන්තයි...
වාසනාව කියන්නේ අපි හම්බ කරපු මිනිසුන්ගෙන් හැම දේකින්ම ලැබේන උදව් කියලා තමයි මට හිතෙන්නේ...:![]()
තාත්තට ඉකමනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්. සමහර වෙලාවට සල්ලිවලින් කරන්න බැරි වැඩ හොඳ කොන්ටෑකට් වලින් කරගන්න පුළුවන්.
ගොඩක් ස්තුතී මචන්,
අනිවා, අපි හිතුවෙත් ඒකයි, contacts ගදාගන්න අමාරු අහිංසකයෙකුට ඔය දේ උනානම් අවසානේ මෙයිට වඩා වෙනස් වෙන්න තිබුන. අවන්කවම මචන් අපි තරාතිරම නොබලා ආශ්‍රය කරන්න ඕනේ, කාට උනත් පුළුවන් උපරිම උදව් කරන්න ඕනේ, හරියට මනුස්ස ආශ්‍රයක් නැති උනොත් බොහොම සුළු දෙයක් නිසා ලොකු කතාවක් වෙනස් වෙන්න පුළුවන්.

කට්ටියකට එකතුවෙලා නෙට්වර්ක් එකක් හදාගන්න තියෙනවනම් නියමයි, මන් දන්නා කෙනෙක් ඉන්නවා එහෙම ග්‍රොප් එකක, එයාලගේ ඉන්නේ කට්ටිය 25, ඒ 25 ඇතුලේ ඉන්ජිනියර්සලා, ඩොක්ටර්ස්ලා, පොලිස් ඔෆිසර්ස්ල, ආර්මි ඔෆිසර්ස්ලා, මන්ත්‍රීලා, එක එක ලෙවල්ස් වල මුදලාලිලා, ලොයර්සලා, ප්‍රින්සිපල්ස්ලා, ගරාජ් බාස්ලා, කන්ස්ට්‍රුක්ෂන් කන්ට්‍රක්ටර්සලා ඉන්නවා, මෙයාලගේ සාමජික ගාස්තුවක් තියෙනවා, මතක විදියට මස තුනකට 5000 ක් වගේ, මාසෙකට සැරයක් සාමාජිකයෙකුගේ ගෙදර කෑමක් දෙනවා කට්ටියගේ එකමුතු කම වැඩි කරන්න. සාමාජික මුදල් වලින් කරන්නේ සාමාජිකයින්ටම අඩු පොලියට ණය දෙනවා. කරදරයක් උනොත් සාමාජිකයෙකුට උදවු කරනවා, මෙතනින් මෙයාලා කරන්නේ එයාලට එන ප්‍රශ්න වලත කට්ටිය සේරම එකතු වෙලා උත්තර හොයන එක. උදාහරණයකට කාට හරි නඩු හබ ගැටලුවක්නම් පොලිස්සියෙන් වෙන්න ඕනේ දෙටික පොලිසියේ කෙනා බලාගන්නවා, ලෝයර් නීතියෙන් කරන්න පුළුවන් ටික කරනවා (සල්ලි ගත්තත් සහනදැයි ගණනක් තමයි ලෝයර් ගන්නේ, එත් සල්ලි ගන්නවානම්, ගොඩක් වෙලාවට ගන්නෙත් නෑලු), ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න, ගෙවල් දොරවල් හදනකොට එන ප්‍රශ්න ඔය හැමදේකටම එයාල ලග උත්තර තියෙනවා, එයාලගේ මේ එකමුතුව නිසා කවුරු උනත් ඔය කට්ටියගෙන් කෙනෙකුට කරදරයක් කරන්න උනත් බයයි, ඒ ක හොද කන්සෙප්ට් එකක් මචනල ෆලෝ කරනවනම්, අපිටත් තියෙන්නේ 25 ක් බැරිනම් අඩුම ගානේ 10ක් සෙට් කරගෙනවත් පොඩි ගෘප් එකක් හදාගන්නයි, සමාජේ ඉන්න එක එක ලෙවල්ස්වල අය සෙට් කරගත්තනම් තමයි හොදම, මොකද එයාලගේ සම්බන්දකම් පතිරිලානේ තියෙන්නේ හැම අතකටම. මොකද හිතන්නේ උබල?

මේ තියෙන්නෙ බං අයිඩියා ඔය වගේ නෙට්වර්ක් එකක් හදාගන්න තිබ්බනං ගොඩම තමා මමත් හිතලා බැලුවා ඕක ගැන කලින් ඒත් මම හිතුවෙ ලොවෙත් ලංකාවේ ඔයවගේ නෙට්වර්ක් එකක් ප්‍රැක්ටිකලි හදන්න බැරිවෙයි කියලා පුලුවන්නම් මචං ඒ නෙට්වර්ක් එක ගැන තව විස්තර ටිකක් හොයාගෙන දාපන්කො උන් කලින් ඉදන්ම අදුරන සෙට් එකක්ද නැත්තං ඕනම තැනක ගිහිං වැඩක් කරගන්න ලේසි වෙන්නම එකතුවෙලා හදාගත්ත නෙට්වර්ක් එකක්ද එක එක ෆීල්ඩ් වල එක එක තත්ව වල උන් එකට සෙට් කරගෙන තියෙන්නෙ කොහොමද
සහතික ඇත්ත.
මිනිස්සු හම්බු කර ගැනිල්ල ගැන කතා කරද්දි ඒකට එළකිරියේ තියන වටිනාකම ගැන නොකියාම බෑ. මම දැන් එළකිරි එන්න එකම හේතුව මම මේකෙන් හම්බු කරගත්තු මිනිස්සු. කිඹුලා අයියා ඇතුළු බොහෝම වටින මිනිස්සු මම මේකෙන් හම්බු කරගත්තා. නම් වලින් කියන්න බෑ සමහරු කරන වෘතියෙන් බලවත්තු, සමහරු තමන්ගේ ගති ගුනෙන් බලවත්තු. ගතිගුනෙන් බලවත්තු වෙච්ච උදවියට අපි කියන්නේ හිත හොද මිනිස්සු කියලා. ඒ වගේ වටින මානව සම්පතක් හොයාගන්න ලංකාවේ තියන එකම ඔන්ලයින් ක්‍රමය එළකිරි. මට බුකියේ යාලුවෝ ඉන්නවා. නමුත් ඒ අය එක්කෝ මගේ සැබැජිවිතේ මුන ගැහිලා අදුරගත්ත අය. එහෙමත් නැත්තන් මගේ වෘතියට සම්බන්ධ අය. එහෙමත් නැත්තන් කව්ද දන්නෙ නැති අය. නමුත් මේක හරහා ඇති කරගත්තු යාලුකම් ඊට වඩා ලොකු පරාසයක පැතිරිලා තියනවා.
අනිවාර්යෙන් මිනිහෙක් උනාම මිනිස්සු හම්බ කරගන්න ඕනේ. ඒතට සල්ලි ඕනෙ නෑ. ඕනේ හිත හොද කම.