එල, මන් අහල බලන්නම්, කට්ටියගේ උවමනාවල් වලටම හදාගත්ත එකක්, හැබැයි සාමාජිකයෝ ටික කලින් ඉදන් අදුනන අය මන් හිතන්නේ, ගෘප් එක හදල තියෙන්නෙම සාමාජිකයින්ගේ උවමනාවල් කරගන්න, එයාලගේ කට්ටියම සම්මත කරගත්ත ව්‍යවස්ථාවක් තියෙනවා, එකේ තියෙනවා එක එක ඉන්සිඩන්ට්ස්. උදාහරණයකට සාමාජිකයෙකුගේ ලගම කෙනෙක්ගේ මගුලක් අවමගුලක් තියේනම් මොනවද ගෘප් එක කරන්න ඕනේ, එහෙම නැතිනම් මුදල් අවශ්‍යතාවයකදී සාමාජිකයෙකුගේ කොහොමද කෙරෙන්න ඕනේ.. අන්න ඒවගේ දේවල් එයාල කලින් ඉදන්ම ඩිෆයින් කරලා තියෙන්නේ. ඒවායේ විදියට වැඩ කෙරෙනවා, හොදම දේ තමයි ඔය හැම දෙකටම හැම කෙනෙක්ම ඇවිත් තමුන්ගේ දෙයක් වගේ කටයුතු කරන එක, තමුන්ගේ දායකත්වය දෙන එක. හිතපන්කෝ එකෙක් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න යනවා කියල, ලෝයර් නීති පැත්තෙන් එන දේ වලට උදව් කරනවා, IT උන්, ඩොක්ටර්, පොලිස් ඔෆ්ෆිසර් උන්ගෙන් කෙරෙන්න ඕනේ දෙයක් තියේනම් කරලා දෙනවා, එකේ ඉන්න මුදලාලිලා සප්ලයි චෙන් එක හදාගන්න උදව් කරනවා, රෙන්ට් එකට කඩයක් ඕනෙනම් ඒවත් හොයල දෙනවා, ඒ කියන්නේ අදාළ කෙනාගේ ටර්ගට් එකට යන්න උවමන සේරම බැක්ග්‍රුන්ඩ් එකට ඉන්න හැම කෙනාගෙම ඉන්පුට් එක දෙනවා. උන් සෙට් එක මාසෙකට සැරයක් සෙට් වෙලා කතා කරනවා එක එක්කෙනාගේ අවශ්‍යතා, ප්‍රශ්න වගේ දේවල්, රටේ නැති උන් skype වලින් හරි සෙට් වෙනවලු. කට්ටියම එකතු නිසාත්, ඉන්න අය එක එක ෆීල්ඩ් වල නිසාත් ගොඩ අයගේ තියෙන අවුල් වලට අපිට නිකමටවත් නොහිතෙන මාරම උත්තර හම්බවෙනවලු.
මේ ගෘප් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න එක්කෙනෙක් අයින් වෙනකන් ඩොක්ටර් කෙනෙක් අවරුදු 3ක් විතර බලාගෙන උන්නලු. මන් මේ පාර නිවාඩු ගියහම තව විස්තර අහල කියන්නම්, ගොඩක් මතක නෑ, දැන් කාලෙකට කලින් තමයි ඔය විස්තරෙත් කියුවේ. හැබැයි මට දෙන්න්නෙක් තුන්දෙනේක්ම කතාකරලා තියෙනවා ඔය වගේ හොද නෙට්වර්ක් එකක් හදන්න, උන්ගේත් ඉන්ටෙන්ෂන් එක තිබුනේ ඔය උඩ මන් කියුව වගේ ගෘප් එකක් හදාගන්න එක තමයි. අපි කතාකරනකොට ඒක හේන ලොකු සින් එකක් උනාට මාරම ප්‍රැක්ටිකල් මචන්.
PM එකක් දැම්මා මචෝ



