ජීවිතේ කියන්නේ hierarchy එකක්..
මේක උඩට යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්..
කන්ටැක්ස් හැදෙන කාලේ කියන්නේ උඩ ඉදල ගත්තම එකේ දෙවනි මට්ටම..
මුලින්ම තමන්ට හොද ආර්ථික මට්ටමක් හදාගන්න ඕනේ..
හදිසියේ ලෙඩක් දුකක් උනාම හැදුනම රත්තරං බඩු උකස් තියන් එකෙකුට කවදාවත් හොද කන්ටැක්ස් හදාගන්න බෑ..
මුලින්ම ජීවිතේ ප්‍රාථමික අවශ්‍යතා සපුරගෙන ඉන්න ඕනේ..
තමන්ට වාහනයක් හොද ගෙයක් දොරක් තියෙන්න ඕනේ.. අතේ මිටේ සල්ලි ගැවසෙන්න ඕනේ.. ඊටපස්සේ කරන්න ඕනේ හුගාක් බිසී නොවී ඉහල මට්ටමේ ස්ථීර ආදායම් මාර්ගයක් එන්න ක්‍රමයක් හදාගන්න ඕනේ.. මෙන්න මේ ස්ටෙප් එකට ආවට පස්සේ කන්ටැක්ස් හැදෙන්න පටන් ගන්නවා උඹට.. ඒ කියන්නේ වැදගත් කෙනෙක් එක්ක අතට අත දීල කතා කරන්න පුළුවන් ජීවිත මට්ටම උඹ රීච් කරනවා.. ඒ එක්කම උඹේ සමාජ මට්ටමට ගැලපෙන වෙන වෙන ලොකු පොරවල් උඹට මචං කියන මට්ටමට එනවා..
එතනින් එහා ඊලග ස්ටෙප් එක තමයි උඹ බලය හොයාගෙන යන ස්ටෙප් එක..
ඒ කියන්නේ උඹට මේ වෙනකොට සල්ලි තියෙනවා, ලොකු ලොක්කෝ හැම එකාම උඹව අදුරනවා, මිනිස්සු මහත්තයා කියල කතා කරන ලෙවල් එකට ඇවිල්ල ඉවරයි.. මේ ස්ටේජ් එක කම්ප්ලීට් කරපු එකාට දැන් ඔන්න බලය හොයාගෙන යන මට්ටම එනව.. එතනින් එහාට ගියපු එකා තමයි චන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභා පාලත් සභා පාර්ලිමේන්තු ඒ ස්ටෙප්ස් ටිකත් පහු කරගෙන ජනාධිපති වෙනකම්ම යන්නේ..
හොදට මතක තියාගන්න ඕනේ ජීවිතේ කියන්නේ පඩිපෙලක්.. ලිෆ්ට් එකක් නෙමෙයි.. ලිෆ්ට් එකේ උඩට ගියාම ඒක කඩන් වැටුනොත් ආයෙ උඹ සීරෝ.. එහෙම ලිෆ්ට් එකේ ගිය උන් තමයි ඔය දුමින්ද සිල්වා, වෙලේ සුදා, සොත්ති උපාලිලා වගේ උදවිය..
සොත්ති උපාලි එහෙම රජෙක් වගේ හිටියේ, අන්තිමට මොකද උනේ උගේ ලිෆ්ට් එක පාර මැදම කඩන් වැටිලා බල්ලෙක් වගේ මහ පාරේ මැරුම් කෑවා..
ඕක තමයි සදාකාලික සත්‍ය..
එදා කඩයප්පන් විකුණපු ගෑණිගේ පුතා ප්‍රේමදාස ජනාධිපති උනෙත් අද ග්‍රාමසේවක කෙනෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් අන්න ඒ පඩි පෙලේ ආපු ගමන නිසා..
ඔය ක්‍රමයෙන් පිට හැදෙන කිසිම කන්ටැක් එකක් ස්ථාවර නෑ..
ඒක නිසා මුලින්ම කරන්න ඕනේ මේ hierarchy එක ඇතුලේ උඹල ඉන්න තැන කොතනද කියල දැනගෙන ඊලග පඩිය නගින එක..
ඔන්න ඔය ජීවිත ගමන සාර්ථකව යාගන්න පුළුවන් උනොත් අපි මේ සමාජයෙන් ගොඩ යනවා, එහෙම බැරි උනොත් මේ සමාජය ඇතුලෙම අපිව වැලලිලා යනවා..
ඕක තමයි සාර්ථකත්වයේ සත්‍යම කතාව..