සිරිපිනා පනස්විය පසු කරමින් සිටියද ඇහැට කනට පෙනෙන ගැහැනියෙකි. කසිප්පු විකුණා තම ජීවිකාව කරගත් ඇගේ තිප්පොළට දවසක් දා හදිසියේ කඩා වැදුණු පොලිස් නිලධාරියකු ඈ කසිප්පු පෙරීම සඳහා යොදා ගත් ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇය හමුවට පැමිණ මෙසේ කීවේය.
”කසිප්පු පෙරීමේ වරදට තමුන්ව අත්අඩංගුවට ගන්න මට සිද්ධ වෙනවා.”
”මම කසිප්පු පෙරුවේ නෑනෙ රාලහාමි.’ සිරිපිනා ගණනකට නොගෙන පිළිතුරු දුන්නාය.
”ඒ වුණාට කසිප්පු පෙරන්ඩ ඕන කරණ උපකරණ තිබුණනෙ.” නිලධාරියා කීවේ තම අත්අඩංගුවේ තිබූ උපකරණ දක්වමිනි.
”එහෙම නං රාලහාමි මට බලහත්කාරකමක් කරන්ඩ ආවයි කියල මමත් පොලිසියේ පැමිණිල්ලක් දානවා.” සිරිපිනා ප්රති උත්තර දුන්නාය.
”මොනවා ගෑණියේ. මම එහෙම දෙයක් දැන් කළාද?” පොලිස් නිලධාරියා කෝපයෙන් ගුගුළේය.
”ඒ වුණාට ඕන කරන උපකරණ ළඟ තිබුණානෙ.”
සිරිපිනා ඇඟට පතට නොදැනී කීවාය.

patta