සිනා කතා 2011_02_06

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන රෙදි ද?

    යුරෝපීය රටක නග්න ජනපදයක වසර 10 ක් පදිංචිව සිට සියරට පැමිණි ලින්ටන් හට කොළඹ කලා උත්සවයකදී රොජර් හමුවිය.

    ”කොහොමද උඹ හිටපු නග්න ජනපදය?”
    රොජර් ඇසුවේ ආ ගිය තොරතුරු කතාබස් කරමින් සිටියදීය.
    ”වරදක් නැහැ. එහේදි මම කරපු රෙදි බිස්නස් එකට හොඳ ඉල්ලුමක් තිබුණා.”
    ”නග්න ජනපදයකට මොනවදට බං රෙදි?”
    ”අඳින රෙදි නෙමෙයි බං මං උන්ට විකුණුවේ ඇඳ රෙදි.” ලින්ටන් කීවේ සිනාසෙමිනි.

    මටත් වුණේ ඕකමයි

    ”බලනවකො මට වෙච්ච වැඩේ. මම අලුත් රස්සාවකට කොරියාවට යන්ඩ හිටිය දවසට කලින් දවසෙ අපෙ පවුලට බබා හම්බවුණානෙ? සුසන්ත කීවේ තමා සමඟ සේවය කොට වෙනත් කාර්යාලයකට මාරු වී ගිය අජිත් කොටුවේ කඩවීදියකදී හමුවූ අවස්ථාවේදීය.

    ”පුදුමයි. මටත් වුණේ ඔය වගේම දෙයක්නෙ.”
    ”ඇයි උඹට මොකද වුණේ?” සුසන්ත ඇසුවේ කුතුහලයෙනි.
    ”අපි කසාද බැඳලා හනිමූන් ගිය දවසට පහුවැනිදා අපේ පවුලට බබා හම්බවුණානෙ.” අජිත් කීවේය.

    උපකරණ තිබුණනෙ

    සිරිපිනා පනස්විය පසු කරමින් සිටියද ඇහැට කනට පෙනෙන ගැහැනියෙකි. කසිප්පු විකුණා තම ජීවිකාව කරගත් ඇගේ තිප්පොළට දවසක් දා හදිසියේ කඩා වැදුණු පොලිස් නිලධාරියකු ඈ කසිප්පු පෙරීම සඳහා යොදා ගත් ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇය හමුවට පැමිණ මෙසේ කීවේය.

    ”කසිප්පු පෙරීමේ වරදට තමුන්ව අත්අඩංගුවට ගන්න මට සිද්ධ වෙනවා.”
    ”මම කසිප්පු පෙරුවේ නෑනෙ රාලහාමි.’ සිරිපිනා ගණනකට නොගෙන පිළිතුරු දුන්නාය.
    ”ඒ වුණාට කසිප්පු පෙරන්ඩ ඕන කරණ උපකරණ තිබුණනෙ.” නිලධාරියා කීවේ තම අත්අඩංගුවේ තිබූ උපකරණ දක්වමිනි.
    ”එහෙම නං රාලහාමි මට බලහත්කාරකමක් කරන්ඩ ආවයි කියල මමත් පොලිසියේ පැමිණිල්ලක් දානවා.” සිරිපිනා ප්‍රති උත්තර දුන්නාය.
    ”මොනවා ගෑණියේ. මම එහෙම දෙයක් දැන් කළාද?” පොලිස් නිලධාරියා කෝපයෙන් ගුගුළේය.
    ”ඒ වුණාට ඕන කරන උපකරණ ළඟ තිබුණානෙ.”
    සිරිපිනා ඇඟට පතට නොදැනී කීවාය.

    නොනගතය

    සිංහල අවුරුද්ද වෙනුවෙන් ලැබුණු දින හතරක නිවාඩුවෙන් පසුදා කාර්යාලයට පැමිණි ශි‍්‍රයානි තම මේසය ඉදිරිපිට වාඩි වී, ඈනුම් අරිමින් සිටි තමාරි දෙස බලා මෙසේ කීවාය.

    ”සිංහල අවුරුදු දා නොනගතේ ලබපු වෙලාවේ ඔක්කොම වැඩ කටයුතු නවත්තලා නිකං ඉන්න කොට මට අපේ ඔෆිස් එක මතක් වුණා මෙයා.”

    ~~silumina~~
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_19.gif
    36_1_19.gif
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උපකරණ තිබුණනෙ[/SIZE]

    [/CENTER]

    :P:P